Webbysoft
24/02/2026
CapCut Pro "Lifetime" දෙනවා කිව්වොත් දෙපාරක් හිතන්න! 🛑😮
ඔයා දන්නවද CapCut අයිති ByteDance සමාගමෙන් කවදාවත් Lifetime Plan එකක් (ජීවිත කාලෙටම වලංගු පැකේජයක්) හඳුන්වා දීලා නැහැ කියලා? 🖐️
ඒත් අන්තර්ජාලයේ ගොඩක් දෙනෙක් "Lifetime CapCut Pro" විකුණනවා නේද? 🤷 කවුරුහරි ඔයාට එහෙම දෙනවා කියනවා නම්, අනිවාර්යයෙන්ම එතන තියෙන්නේ මේ වංචාවන් 3න් එකක්:
1️⃣ තාවකාලික පැකේජයක් දීම: "Lifetime" කියලා ඇත්තටම දෙන්නේ මාසෙක හෝ අවුරුද්දක plan එකක්. ඒ කාලය ඉවර වෙද්දී එක්කෝ ඒ විකුණපු කෙනා හොයාගන්න නැහැ, නැත්නම් ඔයාටත් ඒ ගැන මතකයක් නැහැ.
2️⃣ හොරාකාපු/Crack කරපු APK එකක් දීම: මේවා ගොඩක් වෙලාවට තුන්වන පාර්ශවයන්ගෙන් ගත්ත, 100%ක්ම අනාරක්ෂිත සහ නීති විරෝධී ඇප්ස්. "Lifetime නෙ" කියලා හිතලා දාගත්තට, CapCut එකෙන් අලුත් update එකක් ආපු ගමන් මේවා වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ Data වලටත් මේක ලොකු අවදානමක්.
3️⃣ සල්ලි අරන් මාරු වීම: මේක තමයි අන්තිම සහ දරුණුම විදිහ. සල්ලි ගෙව්වට පස්සේ ඇප් එකත් නැහැ, සල්ලිත් නැහැ, විකුණපු කෙනාත් නැහැ. 🤢
Lifetime කියලා රැවටුන අයට මීට වඩා වෙනස් අත්දැකීම් ඇති, තියෙනවා නම් පල්ලෙහායින් බෙදාගන්න.
අපි මේ දේවල් කියන්නේ අනිවාර්යයෙන්ම අපෙන් "CapCut Pro Genuine" ගන්න කියලා බල කරන්න නෙවෙයි. අපේ අරමුණ ඔයාව දැනුවත් කරන එකයි. ඔයා මහන්සියෙන් හම්බකරන එක රුපියලක්වත් මේ වගේ අන්තර්ජාල වංචාකරුවන්ට නිකම්ම පූජා කරන්න එපා! 🚫🛡️
_____Webbysoft____
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Dehiwala
Kiribathgoda
10370