KODI

KODI

Share

11/03/2026

🎭 "කතා හැදෙන කතා" නාට්‍ය උළෙල 🎭

මාතර කලා ලෝලීන්ට වෙනස්ම අත්දැකීමක්! මාර්තු 30 වැනිදා නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයට
එන්න

📍 ස්ථානය: නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානය, මාතර.
📅 දිනය: මාර්තු 30 (සඳුදා)
🕒 වේලාව: සවස 2.30 සිට
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 071 2516800 / 071 6015690
එන්න ඇවිත් බලලා.. කතාවක් හදලා යන්න.. ❤️

08/03/2026

ලිපිගොනු අතර හිරවුණු හීනවලට රිද්මයක්... 🎶📄
රාජ්‍ය සේවයේ හෝ වේවා, වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක හෝ වේවා, ජීවන අරගලය හමුවේ වෙහෙසෙන අප සැමටම පොදු වූ කතාවක් තිබේ. ඒ කාර්යබහුලත්වය මැද මැලවුණු සිතට මොහොතක විවේකයක්, සැනසුමක් සොයන අපේම ජීවිත අත්දැකීම කලාවක් ලෙස ඔබ වෙත සමීප කිරීමට ගත් උත්සාහයකි මේ...
මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ "සහෘද සුයාමය" කලා උළෙල තේමා ගීතය වෙනුවෙන් උපන් මෙම නිර්මාණය, රාජකාරි පීඩනයෙන් ඔබ්බට ගිය සොඳුරු සහෝදරත්වයේ සහ රිද්මයේ එකතුවකි.
මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට ශක්තියක් වූ සැමට මාගේ ගෞරවනීය ස්තුතිය!
• සංකල්පය හා මඟපෙන්වීම: සුසන්ත අත්තනායක මහතා (ප්‍රාදේශීය ලේකම් - මාතර කඩවත් සතර)
• පද රචනය: චන්දිමා ලියනපතිරණ
• නිර්මාණය: ලහිරු කොඩිතුවක්කු
වෙහෙස නිවාලන රිද්මයට ඔබත් සවන් දෙන්න... ❤️✨


පද මාලාව (Lyrics) - In comment section

Telephone

Website