SYU Matara

SYU Matara

Share

14/05/2026

SYU Youth Summit ගොඩනැගීම 16 දා සිට ඇරඹේ ...!

Photos from SYU Matara's post 14/05/2026

SYU Youth Summit ගොඩනැගීම 16 දා සිට ඇරඹේ ...!

" රට හදන තරුණ ජවය " තේමාව කොටගෙන SYU Youth Summit ගොඩනැගීමේ වැඩසටහන 2026 මැයි මස 16 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතව ඇත ...!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මටිටමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහනේ දෙවැන්න මැයි මස 17 වන දින හම්බන්තොටින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත....!

මේ පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් අද දින (2026.05.14) බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ මූලස්ථානයේ දී පැවැති අතර මෙම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ මාතර දිස්ත්‍රික් සංවිධායිකා මල්ෂි අමාශා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහ සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය යන අය සම්බන්ධ විය ...!

එහි දී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දක්වා සිටියේය,

ජනතා විමුක්ති පෙරමුණට අද විශේෂ දවසක්. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නිර්මාණය වුණු මේ පක්ෂය ආරම්භ වී අදට වසර 61 ක්. ජාතික අභිලාෂයන් සදහා අරමුණු සහගත ගමනක යෙදුණු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවූ, මැදිහත්වූ, ජීවිත පරිත්‍යාග කල සියලු දෙනා සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා....!

මෙයින් වසර එකහමාරකට පෙර අපේ රටේ ජනතාව ‌ඉතිහාසගත ජයග්‍රහණයක් මෙරටට ලබාදුන්නා. ඒ තුළින් ජනතාවාදී පාලනයක් රට තුළ ස්ථාපිත කලා. සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ශ්‍රී ලාංකීය ජනතාවට සමානාත්මතාවයෙන් සලකන රජයක් දැන් පවතිනවා. බිදවැටෙමින් තිබූ ආර්ථිකය ගොඩනගමින්, ජාතිවාදය, ආගම්වාදය පිටුදකින ලද සමාජ පසුබිමක් සහිත රටක් නිර්මාණය කර තිබෙනවා. දේශපාලන, සංස්කෘතික නිදහස මෙන්ම නීතියේ ආධිපත්‍ය සහතික කර තිබෙනවා...!

සමස්ත ජනතාව නියෝජනය කරන ජනතා පවුරක් සහිත ආණ්ඩුවක් දැන් රටේ පවතිනවා. පවතින අභියෝග එකින් එක ජය ගනිමින් රටේ ජනතාවගේ අභිලාෂයන් යතාර්ථයක් බවට පරිවර්තනය කරන රජයේ ගමන්මග ශක්තිමත් කරන්න තරුණ තරුණියන් වශයෙන් ඔබ වෙනදාටත් වඩා මැදිහත් විය යුතු වෙනවා. මේ ජාතික කර්තව්‍ය යතාර්ථයක් කිරීමට තරුණ ජවය අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් රට ගොඩනගන්න, නව දේශපාලන සංස්කෘතිය යතාර්ථයක් කරවන්න, ජනවරම සුරකින්න, ජනතාවාදී පාලනය පවත්වා ගන්න, රටට හිතැති, සහකම්පනයක් සහිත තරුණ පරපුරක් බිහි කරන්න SYU Youth Summit ආරම්භ කරනවා. එය දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කර ජාතික තලයට ගෙනඒමට ඉදිරියේදී කටයුතු කරනවා."රට හදන තරුණ ජවය " youth summit සමග පෙලගැසෙන මෙන් තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා...!

14/05/2026

වයස් නොඉක්මන
උපන්දින ඇත,
කාටවත් එය හිමි නොවේ ...!
සැවොම එක්වෙන තැනම වේ ....!!

ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ
1965 - 2026 ( මැයි 14 )

11/05/2026
02/05/2026

"අස්වනු නෙළන්නේ කවුරු උනත්
ඒ දක්වා වැඩ කොටස අපේ..."❤️🚩

ජන රජයට ජන බලයක් - මාලිමාවේ මාතර මැයි රැළිය ...

Want your organization to be the top-listed Non Profit Organization in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No 4, Yehiya Road, Isdine Town, Matara
Matara