Little book pack

Little book pack

Share

Photos from Little book pack's post 13/06/2026

හැමෝටම මේ ගෙවන දවස් එක වගේ සතුට පිරුණූ සුන්දර දවස් වෙන්නේ නෑ . මටත් ඒ වගේම තමා. නමුත් හැමවෙලාවකම මගේ හිත සතුටින් පුරවන්න මගේ මේ චුටී page එක සමත් වෙනවා. මම හැමදාමත් කියන්නේ ඒකයි මේ තමා මගේ " දෙවෙනි පවුල " කියලා. මේ පොත් ගන්න අක්කා ඔයාලා කවුරුත් දන්න "Little nest " page එක කරන අක්කා. පහළින් මම අක්කාගේ page එකේ link එක දාන්නම්. ඇත්තටම නොදන්න කවුරුහරි ඉන්නවානම් අක්කාගේ page එකට ගිහිල්ලාම බලන්න. හැම මාසේකම මගේ book collection එකෙන් අක්කා පොත් ගන්නවාමයි. ඉතින් මේ තමා අක්කාගේ ආයෝජනය .චූටි පුතා වෙනුවෙන් පොත් .
හැමෝටම සුභ දවසක් වේවා. හමුවෙමු ලබන සතියේ

https://www.facebook.com/share/1Hi6jN1gpJ/?mibextid=wwXIfr
Little nest page link 👆👆

12/06/2026

Hi
Today, Iam sharing a beautiful and creative homeschooling page !!! You might already be familiar with her,but I wanted to give her a quick shoutout. Her page is well-organized and full of great details . It is such a joy to follow her. So pls go check her out and give her follow .👇👇

https://www.facebook.com/jayamathy.mama.makes.play?mibextid=wwXIfr&mibextid=wwXIfr

11/06/2026

අනේ ගොඩක් ස්තුතියි නංගී . හරිම සතුටුයි මේ පොතේ review එකක් දකින්න ලැබුණු එක සහ අපේ චුටී ඩියෝ දූ ආස පොත් අතරට මේ පොතත් එකතුවීම ගැන. 😘📚

රෑට නිදාගන්න කළින් අපේ ගෙදර කරන පුංචි Game එකක් ගැනයි මේ කියන්නේ..

Game එකක් කිව්වට මේ Game එක කරන්නෙ පොතකින්..

හරි අපූරු පොතක් මේක "501 Things to spot "

පොත ගැන මුලින් ම කියන්න ඕනි දෙයක් තමයි ගොඩක් ලස්සන,වර්ණවත් රූප පිරුණු අපූරු පොතක්.

දරුවාට මේකෙ කරන්න තියෙන සෙල්ලම තමයි මේ පොතේ තියෙන ලොකු පින්තූරය ඇතුළේ හැංගිල තියෙන පුංච් පුංචි දේවල් හොයාගන්න එක.

මෙ පොතේ මම දකින සුවිශේෂි වාසි ගොඩක් තියෙනවා.

1.ගොඩක් රූප තියෙන තැනක එක දෙයක් හරියටම හොයගන්න එක දරුවෙක්ගේ අවධානය එක තැනක රදවගන්න පුරුදු කරන්න හොදම ක්‍රමයක්.අධ්‍යාපනයේ දි දරුවන්ට ඕනිම අවධානයනේ.

2.වර්ණ ,හැඩතල වගේම එක එක විදියේ රටා වෙන් කරලා අඳුරගන්න ක්‍රියාකාරකමක් නිසා දරුවන්ගේ ඇස් සහ මොළයේ සම්බන්ධීකරණය ඉතා ම හොඳින් වර්ධනය වෙනවා.

3.මේ පොතේ හොයන්න තියෙන දේවල් ගැන අපි දරුවා එක්ක කතා කරද්දි ඉබේ ම දරුවන්ට අලුත් වචන ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.

4."හාවෝ තුනක් හොයන්න,දම් පාට කුඩ 7ක් හොයන්න " කිව්වම දරුවෝ ආසාවෙන් ගණන් පුරුදු වෙනවා.ගණිතය ඉගෙන ගන්න තියෙන ආස හිතෙන ක්‍රමයක් මේ.

මම අත්දැකීමෙන් ම දන්න දෙයක් තමයි දරුවෝ ස්ක්‍රීන් එකට හුරු කරනවට වඩා පොත්වලට හුරු කළා ම දරුවගෙ මනස සන්සුන් වෙනවා වගේ ම බොහෝ දේවල් නිරායාසයෙන් ම ඉගෙන ගන්නවා කියන එක.

අපි නිදාගන්න කළින් මේ පොත කරන්නේ දවසේ අන්තිමට අපි දෙන්නට එකට ඉදගෙන සතුට්න් හිනාවෙවි කාලය ගත කරන්න මේකත් හොද ක්‍රමයක් නිසා..

මේක කරල ඊට පස්සෙ පොතක් කියවල නිදාගන්නව කියන්නෙම දරුවගෙ දවස සතුට්න් අවසන් වෙනවා කියන එක.

මේ පොත Little book pack පේජ් එකෙන්.ඩියෝගෙ බැලරිනා පිස්සුව නිසා හම්බෙන හැම පොතක්ම ඩියෝ වෙනුවෙන් වෙන් කරන ක්‍රිස්ටිනා අක්කෙ ඔයාටත් ගොඩාක් ස්තූතියි මේ අවුරුදු හතර පුරාවට ඩියෝගෙ පොත් එකතුව ලස්සන වටින එකක් කරන්න මහන්සි වුණාට...

ස්තූතියි.

-කෞශි ටීචර්-

11/06/2026

Today, Iam excited to introduce a truely unique and beautifully organized homeschooling page!!!
Personally I absolutely love it because it's so special and visually appealing . All the details and activities are laid out clearly , making it incredibly easy for anyone to understand . Wishing you all the best , My akka. 😘

Pls check out this link 👇

https://www.facebook.com/share/1ECwHyVN3r/?mibextid=wwXIfr

10/06/2026

bedtime story එකක් විදිහට අද මම read කරන්න තෝරා ගත්ත පොත. විශේෂයෙන්ම මේ පොතම තෝරා ගත්තේ පූතාලා දෙන්නාම ගොඩක් ආස අහන්න dinosaur stories නිසා.

🍂Dinosaur sleepover කතාව ගැන බලමූ 🍂

මෙය කුඩා දරුවන් වෙනුවෙන් ලියැවුණු ඉතා ආකර්ෂණීය සහ අධ්‍යාපනික වටිනාකමකින් යුක්ත ළමා පොතකි.

පළමු වතාවට නිවසින් බැහැරව වෙනත් ස්ථානයක රාත්‍රියක් ගත කිරිමට ( Sleepover ) යාමේදී දරුවන්ට ඇති වන බිය සහ නොසන්සුන්තාවය ඉතා අපූරුවට මෙම කතාවෙන් නිරූපණය කර ඇත.

🍂 The story line 🍂

මෙහි ප්‍රධාන චරිතය වන Dinosaur තම මිතුරෙකුගේ නිවසේ රාත්‍රියක් ගත කිරිමට යාමට දැඩි බියක් සහ මැලිකමක් දක්වයි. ඔහු එහි නොගොස් සිටිම උදෙසා විවිධ හේතු ඉදිරිපත් කරයි.

💐 තමාගේ පවුලේ අයට තමා නැතුව පාළු වනු ඇතැයි පැවසීම

💐 තමාගේ දත් බුරුසුව සහ පිරිසුදු නිදන ඇදුම් නැතුව එහි යාමට නොහැකි බව පැවසීම

💐 තමා ආදරය කරන සෙල්ලම් බඩුව ( teddy bear ) නොමැතිව නිදාගත නොහැකි බව පැවසීම

නමුත් ඔහුගේ ( Dinosaur ) කුඩා යාලූවා ( Little boy ) ඉතා ඉවසිලිවන්තව ඩයිනෝසර්ගේ මෙම බිය නැති කිරිමට උදව් කරයි. අවසානයේදී ඔවුන් දෙදෙනාම එම රාත්‍රිය ඉතා සතුටින් සහ විනෝදයෙන් ගත කරන අතර " Sleepover " එකක් යනු කොතරම් සුන්දර අත්දැකීමක්ද කියා වටහා ගනී.

🍂 පොතේ ඇති විශේෂතා සහ ධනාත්මක ලක්ෂණ 🍂

💐 දරුවන්ගේ මානසිකත්වය තේරුම් ගැනීම - කුඩා දරුවන් පළමු වරට මව්පියන්ගෙන් වෙන්වී වෙනත් තැනක නතරවීමේදී දැනෙන ස්භාවික බිය ( Separation Anxiety ) ඩයිනෝසෝරයෙකු චරිතය හරහා ඉතා සරලව පෙන්වා දී ඇත.

💐 අලංකාර සිතුවම් - විචිත්‍රවත් සිතුවම් දරුවන්ගේ අවධානය පොත වෙත රදවා ගැනීමට සමත්වේ.

💐 සරල භාෂා විලාශය - පොත කියවීමට හුරුවන අවධියේ පසුවන දරුවන්ට තනිවම හෝ මව්පියන් සමග කියවීමට සුදුසු කෙටි වැකි මෙහි අඩංගු වේ.

🍂 Recommendation 🍂

මෙම පොත වයස අවුරුදු 2 සිට 6 දක්වා වන පෙර පාසල් සහ ප්‍රාථමික වසර වල දරුවන්ට රාත්‍රි නින්දට යාමට පෙර ( Bedtime story ) කියවා දීමට කදිම පොතකි.

Want your business to be the top-listed Shop in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Matale Main Street
Matale