NPP Matale
12/05/2026
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අදහසකට අනුව “ගොවිජන සභාව” නමින් වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අතර මෙහි අරමුණ වන්නේ ගොවිජනතාව අසලටම ගොස් ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කොට විසඳුම් ලබාදීමයි.
විශේෂයෙන්ම මෙහි තේමාව වන්නේ ‘ගොවිජන බලය සමඟ පෙරට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස යන්නයි’.
වත්මන් ආණ්ඩුව බලය ලබාගෙන වසර එකහමාරක කාලය තුළ ගොවිජනතාව වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ගොවිජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබෙන ආකාරය විමසා බැලීමක් ද මෙහිදී සිදුවෙයි.
එ සදහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි දිනේෂ් හේමන්ත මහතා ඇතුලු ලග්ගල , විල්ගමුවේ මහජන නියොජිතයන් සහා මොරගහාකන්ද එකාබද්ද ගොවි පදනමේ සහා මිනිපේ වම්ඉවුර ගොවි පදනමේ ගොවි නායකයන් ඇතුලු පිරිසක් මේ සදහා සම්බන්ධ විය.
12/05/2026
මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ මාතලේ වීර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශ වූ මිනිස් ජීවිත සහ දේපළ සඳහා වන්දි ගෙවීම, නිවාස හා ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදි සාකච්ජා කළ අතර, මාතලේ නගර සංවර්ධන සැලැස්ම ඇතුළු 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින්හි ප්‍රගතියද පරීක්ෂා කෙරිණි. මේ අතර පහත කරුණු සියල්ලක්ම අවධානය වෙනුවෙන් යොමු කරන ලදී.
ප්‍රතිපාදන කළමනාකරණය: 'දිට්වා' වෙනුවෙන් වෙන් කළ රුපියල් බිලියන 500ක මුදල මේ වසර අවසන් වීමට පෙර සංවර්ධන කටයුතු සඳහා ඵලදායීව සහ කාර්යක්ෂමව යොදා ගැනීම.
යටිතල පහසුකම්: දීර්ඝකාලීන ගැටලුවක් වන ගලේවෙල - මාතලේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම.
මානුෂීය සහ සුභසාධන කටයුතු: සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ස්ථිර වැඩසටහනක් සකස් කිරීම.
ආර්ථික ප්‍රවර්ධනය: නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ගෙන ඇති පියවර අධීක්ෂණය කිරීම.
නීතිය සහ රාජ්‍ය සේවය: සියල්ලන් නීතියට යටත් විය යුතු බව තහවුරු කරමින්, පවතින නීති රාමුව තුළ සිට ජනතාවට උපරිම සේවයක් සැපයීමට රාජ්‍ය නිලධාරීන් උනන්දු කිරීම.
මේ සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍යය ඇමති ගමගෙදර දිසානායක සහෝදරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහෝදරවරුන් වන සුනිල් බියන්විල, දිනේශ් හේමන්ත පළාත් පාලන ආයතන වල දේශපාලන අධිකාරියද, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා, දිස්ත්‍රික් ලේකම් තුමා ඇතුළු රාජ්‍යය නිළධාරින්න් ද සහභාගී විය.
මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය උදෙසා විල්ගමුව ප්‍රදේශයේ විශේෂ වැඩසටහනක් 🏔️🍃
මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා විල්ගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ හඳුනාගත් සුවිශේෂී ස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
මෙහිදී ප්‍රධාන වශයෙන්:
📍 වස්ගමුව ජාතික වන උද්‍යානය
📍 දුනුවිල වැව ප්‍රදේශය
යන ස්ථාන මුල් කරගනිමින්, එම ප්‍රදේශයන්හි සංචාරක පහසුකම් සංවර්ධනය කිරීමට හා නව සැලසුම් සකස් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදිප් කුමාර සහෝදරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංජිත් ප්‍රේම කුමාර යන සහෝදරවරුන් සහභාගී විය.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන් ලෙස විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂක තුමා. සංචාරක ප්‍රවර්ධන නිලධාරී චාමර රුචිරංග මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
අපේ උරුමයන් රැකගනිමින්, දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි පරිදි විල්ගමුව සංචාරක පුරවරයක් ලෙස ගොඩනැගීම අපේ අරමුණයි. 🤝✨
07/05/2026
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස හානි වූ සහ අවදානමට ලක් වූ පවුල් සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ, පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමටත්, අර්ධ හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත්, අධි අවදානම් නිවාස වෙනුවට නව නිවාස ඉදි කර ගැනීම සඳහාත් වන වන්දි මුදල්වල පළමු වාරිකය නිදහස් කිරීම විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත සහොදරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මේ සඳහා විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදිප් කුමාර , විල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය , සහාකාර ප්‍රාදේශිය ලේකම්තුමා සහ ආපදා සහන සේවා නිලධාරීතුමාගේ සහභාගීත්වයෙන් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ චෙක්පත් පිරිනැමීම සිදු විය.
2026.04.27
01/05/2026
සිව් දෙසින් ජන බලය රොද බැඳි, මහතලාවේ අභිමානවත් මැයි රැලිය…
Click here to claim your Sponsored Listing.