NPP Matale
20/06/2026
මාතලේ උකුවෙල ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධිකරණ කාර්‍යාලයක් ඕවිලිකන්ද කටුඅත්තාමඩ ග්‍රාමයේ විවෘත කෙරින......
මාතලේ උකූවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඕවිලිකන්ද කටුඅත්තාමඩ ග්‍රාමයේ ජාතික ජනබලවේගයේ මහජන සම්බන්ධිකරණ කාර්‍යාලයක් විවෘත කිරීම හා මහජන දිනය රත්තොට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දීප්ති වාසලගේ සහෝදරියගේ ප්‍රධානත්වයෙන් 2026-06-19 දින සිදුකෙරින.
18/06/2026
🤝 බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාඋල ප්‍රාදේශීය සභාව සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ, නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ සහ නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන අරංගල විහාරස්ථානයේදී අද 2026 ජූනි 18 දින පැවැත්විනි.
මෙහිදී පුද්ගලයන් 300 ට වැඩි ප්‍රමාණයක් සඳහා නොමිලේ ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ප්‍රදානය සිදු කෙරිණි.
මෙම අවස්ථාව සදහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහෝදරයා, නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ශාන්ත සහෝදරයා ඇතුළු මන්ත්‍රී සහෝදරවරු, ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය ඇතුළු කාර්‍ය මඩුල්ල සහභාගි විය.
18/06/2026
ග්‍රාමිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මල්ගම්මන වසමේ ගලවට මාර්ගය කොන්ක්‍රිට් යොදා සංවර්ධන කිරිම පසුගියදා අරම්භ කරන ලදි.
එහි නිරික්ෂණය සදහා විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදිප් කුමාර මහතා ප්‍රාදේශිය සභා මන්ත්‍රී රංජිත් ප්‍රේමකුමාර මහතා , ප්‍රාදේශිය සභා මන්ත්‍රී සෙනරත් බණ්ඩාර මහතා සහා වසම භාර සංවර්ධන නිළධාරිතුමිය ඇතුලු ප්‍රදේශයේ පිරිසක් සම්බන්ධ විය. (2026.06.15)
Click here to claim your Sponsored Listing.