Supu Crafts
14/09/2025
"අනේ මාව ගොඩ ගන්න එපා. මගේ දූලා දෙන්නම මගේ අත් අල්ලගෙනයි ඉන්නේ"
තමාව බේරගන්න ආ අයගෙන් මේ තාත්තගේ බැගෑපත් ඉල්ලීම .
මඩට යටවෙලා මියගොස් සිටින එහෙත් තවමත් තාත්තගේ අතේ එල්ලී සිටින තම දුවලා දෙන්නගෙන් ඉවතට යන්න ප්රතික්ෂේප කළ තාත්තා.
සිද්ධිය 1999 වාගස් නායයෑම (වෙනිසුවේලාව)
සමහර තාත්තල ජීවත් උනේ ලමයි වෙනුවෙන්ම විතරයි !
උපුටනයක්
14/09/2025
Ekath nee... 😢😢😢😢😢
Not yet eligible
Dukama thamaa... 😢😢😢😢
14/09/2025
පින්තූර!
ඕවා තමයි මේ ලෝකේ තියන මිල අධිකම නටඹුන්. ඔය පින්තූර වලට පුළුවං වචන නැතුව මිනිස්සු එක්ක ගොඩක් වෙලා කතා කරන්න. ඒකයි අපි ඒවා දිහා ඇස් කැඩෙනකම් බලන් ඉන්නෙ, ඒවා එක්ක හිනාවෙන්නෙ, සමහර වෙලාවට දිග හුස්ම පිටවෙන්නෙ, තෙත ඇස් පිහාටු එක දිගට මහ හයියෙන් ගැහෙන්නෙ. පින්තූරයක් කියන්නෙ ඒ මොහොතට යන්න නොමිලේ හම්බෙන ටිකට් එකක්. කවුරුත් දන්නැති රහස් කතන්දර ගොඩක් එක්ක අපි ඒ වෙලාවට ඔය පින්තූර එක්ක ගණුදෙනු කරනවා.
අපි මේ ලෝකෙට යන එන දවස් ගැන තීන්දු තීරණ ගන්න ඇබින්දමක තරම්වත් අයිතියක් උඩ ඉන්න කෙනා අපිට දීල නැති හින්ද මිනිස්සු එක්ක තියන ලෙන්ගතුකම්, හිනාවුන අඩපු තැන් ඒ තිබුණු ආදරේ එක්කම තව අවුරුදු ගානක් ගිහිනුත් ඒ විදිහටම දැනෙන්න රාමුවක හිරකරන්න. මොකද මනුස්සයෙක්ගෙ හුස්ම ටික ගියත් ඒ මනුස්සයව අපි ළඟ හැමදාටම තියාගන්න විදියෙ හාස්කමක් කරන්න ඔය එක පින්තූරෙකට පුළුවං.
ඉතිං වටින මිනිස්සු එක්ක වටින මොහොතවල් රාමුවක පරිස්සමට කොටුකරගන්න.
පින්තූරයක් ගන්න!
Copied by
✍🏻
Category
Contact the business
Telephone
Website
Address
60600
Alerts
Be the first to know and let us send you an email when Supu Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.