Aurora Computer Studies
29/04/2026
ගුණාත්මය (quality) ගැන යථාර්ථවාදී ව හිතමුද? - part 1
ගොඩක් අය හිතන්නේ quality කියන්නේ පට්ට, මාර, එළකිරි... කියල? හැබැයි ඔය කිසිම වචනයක මෙලෝ තේරුමක් නැහැනේ ද? ඔය අතර සමහරු ගණන් දේ තමයි quality කියලත් ඇන්ඳෙනවා... Quality කියන වචනය ගැන ඔය වගේ සිල්ලර හැගීම් තියෙන එක වැරදියි...
නූතන ලෝකයේ quality කියන එක අර්ථ දක්වන්නේ "පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සැපිරීම (fitness for the purpose / Satisfy the customer) " කියල. මේ අර්ථ දැක්වීමෙන් ම quality කියන්නේ අතිශය සාපේක්ෂ තේරුමක් කියල පේනවනේ? ඔයාට වඩාත් quality දේ මට සාපේක්ෂව අඩු quality වෙන්න පුළුවන්. අපි මේක යථාර්තයක් විදියට පිළිගන්න ඕන.
උදාහරණයක් විදියට මම ඉතාම රසවත් ගුණවත් කියල හිතන ආහාරයක් තව කෙනෙක්ට දුන්නම එයා අපෝ කියන්න ඉඩක් තියෙනවා. සමහර වෙලාවට කෙනෙක් බොහොම මහන්සියෙන් ආශාවෙන් තෝරලා ගෙනල්ල දෙන ඇදුම් ඔයා කවදාවත් අදින්නේ නැතිව පැත්තකට කරනවා. යම් කිසි චන්දයකට ඉදිරිපත් වෙන පක්ෂ අතර ඔයා කැමතිම පක්ෂය සමහර විට මම අකමැතිම පක්ෂය වෙන්න පුළුවන්., ඔයා ජීවිතයේ බොහෝ කාලය මුදල් කැප කරලා අදහන ආගම තව කෙනෙක්ට හුදෙක් විහිළුවක්.
ඔන්න ඔය නිසා තමයි අපි මේ quality කියන සංකල්පය එක්ක පරිස්සමින් වැඩ කරන්න ඕන. ඊලගට quality එක්ක කෙලින්ම සම්භන්ධ නැතත් වක්‍රව සම්භන්ධ සංකල්ප තමයි මූල්‍යමය වටිනාකම (market value), සමාජයේ අනෙක් අය ඒ දෙය ට දක්වන ආකල්ප වගේ දේවල් වගේම moral values සහ ethics (යහ අගයන් සහ යහ පැවත්ම) කියන කෝණයෙන් ඒ භාණ්ඩය හෝ සේවාව හෝ පද්දතිය ගැන අපිට ඇති හැගීම වගේ දේවල්.
අපි කවුරුත් අපිට අනුව ගුණාත්මක කියල හිතන දේ ලබා ගන්න කැමතියි. සමහරක් වෙලාවට තමයි අපිට අවශ්‍ය ගුණාත්මය අපිට ලබාගන්න බැරි නිසා ඊට පහල දෙයකින් (ආයෙත් තමන්ගේ මැනීමට අනුව) තෘප්තිමත් වෙන්නේ. නමුත් බොහෝ විට ගුණාත්මය කියන්නේ බොහෝ වරණ අතර ඔයාගේ නිදහස් තෝරා ගැනීමක්.
බස් රථයක රියදුරන් බොහෝ විට බස් රථයේ වාදනය කරන සින්දු රියදුරාට අනුව ඔහු කැමතිම ගුණාත්මක සින්දු. ඒක ඔබටත් සමහර විට ගුණාත්මකයි කියල හැගෙන්න පුළුවන් හෝ ඒ වෙනත් ප්‍රති විරෝධයක් තියෙන්න පුළුවන්.
ගුණාත්මය කියන දෙය එකිනෙකාට වෙනස් විදියට දැනෙන නිසාම තමයි විවුර්ත ආර්ථිකය ඇතුලේ තෝරා ගැනීමේ නිදහස (මාක්ස්වාදී ක්‍රමයට අනුව රජය තමයි කේන්ද්‍රීයව මේක තීරණය කරන්නේ) ලබා දෙන්නේ. ඒ එක්කම ලිබරල් චින්තනයත් මේ එකිනෙකා අනෙකා මත තමන් හරි හෝ ගුණාත්මක කියල පිලි ගන්න දේ හෝ හැසිරීම් බලහත් කාරයෙන් පැටවීම වළක්වනවා.
අනෙක අපි අනෙක් අයට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙද්දීත් තමන්ට ගුණාත්මය ගැන තියෙන මිම්ම අනුව තමයි ඒ දෙය ලබා දෙන්නේ. සමහර විට ඒක තමයි තමන්ට දෙන්න පුළුවන් උපරිම ගුණාත්මය.
02/04/2026
Quick Guide - Selecting Laptop for IT or Computer Science Students
Quick Guide - Selecting Laptop for IT or Computer Science Students Provide a quick guide for selecting Laptop for IT or Computer Science Students
Click here to claim your Sponsored Listing.
Contact the university
Telephone
Website
Address
125, Summerset Campus, Amity Building, Highlevel Road, Maharagama. Colombo
Maharagama
10280