SMART Slippers

SMART Slippers

Share

04/12/2019

ජපානයේ එක්තරා සබන් කර්මාන්ත ශාලාවකි. එහි අමුද්‍රව්‍ය අඹරණ යන්ත්‍රයට දැමු විට ඒවා ඇඹරී, සබන් කැට සෑදී බෙල්ට් එකක් දිගේ පැමිණේ. ඊට පහළින් තවත් බෙල්ට් එකක් දිගේ හිස් සබන් පෙට්ටි පැමිණේ. හිස් සබන් පෙට්ටි වලට සබන් කැටය වැටෙන පරිදි ටියිමින් සකස් කර ඇත. ඉන් පසුව ස්වයංක්‍රීයව සබන් පෙට්ටි සීල් වන අතර ඒවා සබන් කැට 100 ක් වන පරිදි ලොකු පෙට්ටි වලට ඇසිරේ. එම පෙට්ටි අළෙවි අංශයෙන් ජපානය පුරා බෙදා හරිනු ලැබේ.

ටික කලකින් අළෙවි අංශයෙන් පැමිණිල්ලකි. සබන් කැට 100 ලොකු පෙට්ටියක සබන් නොමැති හිස් පෙට්ටි 10% ක් 15 % ක් පවතින බව ඉන් කියැවිණ. ඉන් අදහස් වන්නේ බෙල්ට් එක දිගේ පැමිණෙන හිස් සබන් පෙට්ටියට හරියටම ⁣සබන් කැටය නොවැටීමේ සම්බාවිතාව 10% ක් 15% ක් වන බවය.

මෙම ගැටළුව ඇති වූයේ හිස් සබන් පෙට්ටි පැමිණෙන වේගය හා ඊ⁣ට අනුරූපව සබන් කැටය එම පෙට්ටියට වැටෙන වේගය මිලි තත්ත්පර ගණනකින් වෙනස් වීම නිසාය. තේරෙන්න කීවොත් ටයිමින් අවුලක් නිසාය. කර්මාන්තශාලාවේ තාක්ෂණික අංශයට මෙය විසදිය නොහැකි විය. පිටතින් ගෙන්වාගත් විශේෂඥ කණ්ඩායම් වලටද බැරි විය. විදෙස් රටවලින් ගෙන්වාගත් අයටද බැරි විය. කර්මාන්තශාලා හිමිකරු අසරණ වී සිටියේය. බැරිම තැන ඔහු, කර්මාන්ත ශාලාවේ සියළු සේවකයන්ගේ රැස්වීමක් කැදවා ඔවුන් සියළු දෙනාගේ අදහස් විමසා සිටියේය. ඔවුන් අදහස් ලබා දුන් අතර, ඒවා සියල්ල කලින් කවුරුන් විසින් හෝ ඉදිරිපත් කර අසාර්ථක වූ ඒවා විය. අයිතිකරු තවත් අසරණ විය.

මේ අතර, තේ පැන් පිළියෙළ කර පිළිගැන්වීමේ වාරය උදා විය. ⁣රැස්වීමට සහභාගී නොවූ එකම සේවකයා වූ තේ පැන් පිළිගන්වන සුළු සේවකයා අයිතිකරු අමතා එකී තාක්ෂණික ගැටළුව ඔහුට විසදිය හැකි බව පැවසීය. අයිතිකරු මුලදී කෝපයට පත් විය. ලොව පුරා විශේෂඥයන්ට කෝටි ගණනක් වියදම් කර විසදිය නොහැකි වූ ගැටළුව මෙම සුළු සේවකයා විසදන්නේ කෙසේදැයි අයිතිකරුට සිතෙන්නට ඇත. කෙසේ වෙතත් වෙන කළ හැකි යමක් නොමැති නිසා ඔහුගෙන් අයිතිකරු විමසා සිටියේ "ඔබට මේ ගැටළුව විසදා දීමට මිලියන කීයක් ඕනෑද?" යනුවෙන් පමණි. සේවකයා එය අසා පැවසූයේ "මට මිලියන ගණනක් ඕනෑ නැහැ; මට ඕන ස්ටෑන්ඩ් ෆෑන් එකක් විතරයි" යනුවෙනි.

පුදුමයට පත් වූ අයිතිකරු උපහාසයෙන් සිනා සී ෆෑන් එකක් ලබා දුන්නේය. සුළු සේවකයා එය රැගෙන ගොස් ප්ලග් එකට ගසා ෆෑන් එක ක්‍රියාත්මක කළේය. සබන් කැටය නොවැටී පැමිණෙන හිස් සබන් පෙට්ටිය ෆෑන් එකේ සුළගෙන් විසි වී ගිය අතර වසර ගණනාවක් විසදිය නොහැකි ගැටළුව විසදිණ. වැය වූයේ යෙන් තුන්දහසක මුදලක ෆැන් එකක් පමණි !!!

ආදර්ශය :-

ඔබ ව්‍යවසායකයෙකු නම්, හොද ඇහුම්කන් දෙන්නෙකු විය යුතුය. නොසිතෙන පුද්ගලයන්ගෙන් ඔබට මිල කළ නොහැකි ප්‍රයෝජන ගත හැක්කේ එවිටය. කිසි ⁣දිනෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න. එවිට ඔබ අසමසම ව්‍යවසායකයෙකු වනු ඇත.

Crishantha Dissanayake
Copy Right Protected

මෙම පේජයේ ඇති සියළු ලිපි කතෲ අයිතිය සුරැකි ඒවා වන අතර මෙම ලඅපි මෙම පේජයේ තිබියදීම ෂෙයා කිරිම, මේවායින් ජීවිතයට යමක් ලබා ගැනීම හැර වෙනත් කිසිදු කටයුත්තකට යොදා නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Slippers design 23/05/2019

Best quality slippers at lowest price

Bulk orders are welcome 070 33 66 801

Untitled album 01/05/2019

call us for more details

Want your business to be the top-listed Clothing Store in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

1209/1
Kottawa
01250