The DeepWanni

The DeepWanni

Share

18/05/2026

"පොතක් අතින්වත් අල්ලන්නෙ නැති දරුවා මෙහෙම ඉඳියි කියලා මං හීනෙකින්වත් හිතුවේ නෑ...!" 😱👇
ඔව්, මේක අහපු දෙමව්පියෝ හැමෝම පුදුම වෙලා ! කවදාවත් එක තැනක විනාඩි 10ක් වාඩිවෙලා ඉන්න බැරිවෙච්ච දරුවෝ, කිසිම කම්මැලිකමක් නැතුව පැය 2-3ක් එක දිගට පාඩම් කරන්න ඇබ්බැහි වෙලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?
ඒක තමයි “DeepLearn ක්‍රමයේ” තියෙන මනෝවිද්‍යාත්මක හා තාක්ෂණික ආශ්චර්යය ! සාම්ප්‍රදායික කටපාඩම් රටාව වෙනුවට, දරුවාගේ මොළය පාඩම් කිරීමට "ඇබ්බැහි කරවන" (Addicted) ලංකාවේ එකම ක්‍රමවේදය ! 🧠✨
ඔබේ දරුවාගේත් මේ සැබෑ වෙනස අත්විඳින්න, අදම සම්බන්ධ වන්න:
🎯 “DeepLearn Coaching - මාකුඹුර සහ ජා-ඇල ශ්‍රවණාගාර වලදී...”
📆 සතියේ දිනවල සහ සති අන්තයේ පන්ති පැවැත්වේ.
💬 දරුවාගේ අධ්‍යාපනය උඩුයටිකුරු කරන මේ වෙනසට අදම ලියාපදිංචි වීමට ඔබේ ආසනය වෙන්කරවා ගන්න. (WhatsApp කරන්න 077 986 26 28)

17/05/2026

“වසර පහකට පසු මුණගැසුණු ඒ මහා ප්‍රාඥයා: ජීවිතයට සහ අධ්‍යාපනයට ලැබුණු නොමැකෙන ගුරුහරුකම්!” ✨❤️

වසර පහක දිගු නිහැඬියාවකට පසු, මුළු රටක්ම එකලෙස ගරු කරන 𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮𝗿𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮 මහතාව BMICH හි දී යළි මුණගැසෙන්නට ලැබීම මා ලද සැබෑම භාග්‍යයක්. ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු සහ මනෝවිද්‍යාඥයෙකු වන එතුමා සමඟ ගත කළ ඒ සුළු මොහොත, දැනුමෙන් සහ ප්‍රඥාවෙන් පිරි සැබෑ ආලෝකයක් වැනියි.
අප දෙදෙනා අතර ඇති වූ ඒ සුහද සංවාදයේදී වගේම එතුමාගේ කතාවේදී වර්තමාන සමාජයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අතිශය වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව එතුමා දිග හැරියේ මෙලෙසින්.
🧠 𝟭. ධනාත්මක මනෝවිද්‍යා ප්‍රාග්ධනය (Psychological Capital)
"වර්තමාන තරඟකාරී ලෝකය ජය ගන්න නම් පුද්ගලයෙකු සතු විය යුතු වැදගත්ම දේ තමයි ධනාත්මක මනෝවිද්‍යාත්මක ප්‍රාග්ධනය ගොඩනඟා ගැනීම. බාධක හමුවේ නොසැලී, ආත්ම විශ්වාසයෙන් යුතුව පෙරට යන්න දරුවන් වගේම වැඩිහිටියනුත් මේ මානසික ශක්තිය ප්‍රගුණ කරන්නම ඕනේ." එතුමා පැහැදිලි කළා.
👶 𝟮. "Wrapping Babies" සහ වර්තමාන දෙමාපියකරණය
මෙහිදී ඩිප්ලෝමාව ලබන ගුරුභවතුන් අමතමින් එතුමා පැවසූ එක් සුවිශේෂී සංකල්පයක් මා සිත් තදින්ම ග්‍රහණය කරගත්තා.
"අද ඉන්න දෙමාපියන් ප්‍රායෝගික අත්දැකීම් දෙන්නෙ නෑ. ඒ නිසාම ඔවුන් දරුවන්ට කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් විඳින්නට ඉඩ නොදී, අධි-ආරක්ෂිත වටපිටාවක ඔතලා හදන්න උත්සාහ කරනවා. මම මේ අයට කියන්නේ 'Wrapping Babies' ලා නොහොත් 'ඔතන ලද ළමයින්' කියලා. මෙහෙම වුණාම කිසිදු බාහිර අභියෝගයකට මුහුණ දිය නොහැකි, ජීවන අත්දැකීම් නැති දුර්වල පරපුරක් බිහි වෙනවා. දරුවන්ව දවටා තැබීම වෙනුවට, ඔවුන්ට ලෝකය අත්දකින්නට ඉඩ හැරිය යුතුයි."
🌍 𝟯. “නෙල්සන් මැන්ඩෙලාගේ අගනා කියමන සහ ලොව උතුම්ම වෘත්තීන්”
සංවාදය තවත් ගැඹුරට රැගෙන යමින් එතුමා නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ශ්‍රේෂ්ඨ කියමනක් සිහිපත් කළා. ලෝකයේ තියෙන අභිමානවත්ම වෘත්තීන් දෙකක් තියෙනවා. එකක් තමයි මිනිසෙකුට මාංශමය වශයෙන් "පණ දිය හැකි" වෛද්‍ය වෘත්තිය. අනෙක තමයි මිනිසෙකුට ආධ්‍යාත්මිකව සහ බුද්ධිමත්ව "ප්‍රඥාව බිහි කරන" ගුරු වෘත්තිය!
"අධ්‍යාපනය යනු ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලගතුම ආයුධයයි" (Education is the most powerful weapon which you can use to change the world) යන මැන්ඩෙලාගේ දර්ශනය ගුරුවරුන් හදවතට ගත යුතු බව එතුමා පැවසුවා.
🎭 𝟰. "දරුවන් වැරදි නැත, ඔවුන් කරන්නේ අපව රඟදැක්වීමයි"
දෙමාපියන්ට සහ ගුරුවරුන්ට සිතන්නට බොහෝ දේ ඉතිරි කරමින් එතුමා තවත් අපූරු අදහසක් ඉදිරිපත් කළා. "මේ ලෝකේ කිසිම දරුවෙක් වැරදි නැහැ. ඔවුන් කරන්නේ අපි ඔවුන් ඉදිරියේ හැසිරෙන ආකාරය, එහෙමත් නැත්නම් අපව රඟදැක්වීම (Mirroring/Reflecting) විතරයි. ඒ නිසා ගුරුවරුන් හැටියට දරුවන් හදන්න කලින් තමන්ගේ ආදර්ශය නිවැරදි කරගත යුතුයි."
💰 𝟱. ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටයෙකු වීම
"ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටයෙක් වෙන්න. කවදාවත් සල්ලි පස්සේ විතරක් හඹා යන්න එපා. ඔයා කාර්යයට සහ විෂයට අතිවිශිෂ්ට වෙනකොට, සාර්ථකත්වය සහ අනෙකුත් සියලු දේ ඔයා පස්සේ ස්වාභාවිකවම ලුහුබඳින්න පටන් ගන්නවා." එතුමා සැමට වටිනා අවවාදයක් දුන්නා.

“සර් ඔබතුමා පොත්වල ලියපුවා මම ප්‍රායෝගිකව පාසැල් දරුවන් සමග කරනවා. අන්න ඒක තමා වෙන්න ඕන.” එතුමාගේ කාරුණිකව පැවසුවා.

එතුමා මගේ ව්‍යාපාරික පසුබිම නොදන්නවා උනත් මගේ සිත තුල මෙහෙම හැඟීමක් ඇති උනා :
🔥 “DeepLearn Coaching වෙනුවෙන් ලැබුණු ඒ උතුම් ඇගයීම!
එයින් මා වඩාත්ම නිහතමානී ආඩම්බරයකට පත් වූයේ, මා වසර ගණනාවක් තිස්සේ කැපවීමෙන් මෙහෙයවන DeepLearn Coaching ප්‍රයත්නය පිළිබඳව එතුමා දැක්වූ අතිශය ධනාත්මක ප්‍රතිචාරය නිසාවෙනි.”

"මම ලියපු න්‍යායන්, පර්යේෂණ පත්‍රිකා සහ පොතපතේ තියෙන කරුණු හුදු දේශනාවලට විතරක් සීමා නොකර, ඔබගේ ක්ෂේත්‍රය තුළ යොදවන ආකාරය මම අගය කරනවා. ඔබ කරන්නේ ඉතාමත් වටිනා කාර්යයක්." එතුමා මගේ උත්සාහය එලෙස ඇගයීමට ලක් කළා.

ගුරු පියෙකුගෙන්, මඟපෙන්වන්නෙකුගෙන් තමන් කරන කාර්යය වෙනුවෙන් ලැබෙන මෙවැනි ඇගයීම් මිල කළ නොහැක. එතුමා දුන් ඒ වටිනා ගුරුහරුකම් සහ ආශිර්වාදය, සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් දරුවන්ගේ මනස මනෝවිද්‍යාත්මකව සන්නද්ධ කිරීමේ මගේ මේ ගමනට තවත් විශාල දිරියක් වනු නොඅනුමානය.
ස්තූතියි මහාචාර්යතුමනි, ඔබ ලබා දුන් ඒ ප්‍රඥාවේ ආලෝකයට! 🙏🌟

තමරා අමරාංගනී මහත්මියට විශේෂ ස්තූතිය.

17/05/2026

“ජීවිත සකසන ගුරුවරුන් සහ මනෝවිද්‍යා උපදේශකයන් අභිෂේක ගැන්වුණු, BMICH පරිශ්‍රයේ අභිමානවත් සැඳෑවක්” ❤️🎓

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකට සාක්ෂිකරුවෙකු වන්නට අද දින මට අවස්ථාව ලැබුණා. ඒ, 𝗕𝗦𝗠 𝗖𝗮𝗺𝗽𝘂𝘀 ආයතනය විසින් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබූ ඩිප්ලෝමා පාඨමාලා ප්‍රදානෝත්සවය සඳහා ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීමට ලැබීමයි.
𝗕𝗦𝗠 𝗖𝗮𝗺𝗽𝘂𝘀 හි කුලපතිනිය, 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰𝗶𝗮𝗻 𝗗𝗿. 𝗧𝗮𝗺𝗮𝗿𝗮 𝗔𝗺𝗮𝗿𝗮𝗻𝗴𝗮𝗻𝗲𝗲 මහත්මිය විසින් කරන ලද නිල ආරාධනය පිළිගනිමින් මෙම අභිමානවත් අවස්ථාවට එක්වීමට ලැබීම මම නිහතමානීව සහ ඉහළින්ම අගය කර සිටිනවා.

🎯 “ගුරු පුහුණු සහ මනෝවිද්‍යා අභිෂේක ගැන්වීම”
අද දින 𝗧𝗲𝗮𝗰𝗵𝗲𝗿 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 සහ 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 පාඨමාලා සාර්ථකව නිමා කරමින්, සමාජය යහපත් මඟකට ගැනීමට අභිෂේක ලැබූ සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය කිරීමට මටද ආරාධනා කිරීම පිළිබඳව BSM ආයතනයට මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.
සම්ප්‍රදායික රාමුවෙන් මිදී, දරුවන්ගේ මනස හඳුනාගෙන අධ්‍යාපනය ලබා දීමට සැරසෙන මේ නවක ගුරු පරපුරටත්, මිනිස් සිත් සුවපත් කරන්නට සැරසෙන මනෝවිද්‍යා සිසු සිසුවියන්ටත් මගේ උණුසුම් සුබපැතුම්! ඔබ සැමගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! 🌟
🤝 “ඒ අභිමානවත් ආරම්භය...”
මෙම සේයාරුවෙන් සනිටුහන් වන්නේ උත්සවයේ ආරම්භක මොහොතයි. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා ප්‍රාඥයෙකු වන 𝗣𝗿𝗼𝗳. 𝗗𝗮𝘆𝗮𝗿𝗼𝗵𝗮𝗻𝗮 𝗔𝘁𝗵𝘂𝗸𝗼𝗿𝗮𝗹𝗮 මහතා සමඟ එක්ව මෙම උත්සව සභාව ආලෝකවත් කරන්නට ලැබීම ද මා ලැබූ විශාල ගෞරවයක්.
දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පිරිපුන් හෙට දිනක් වෙනුවෙන් කැපවන 𝗕𝗦𝗠 𝗖𝗮𝗺𝗽𝘂𝘀 ආයතනයටත්, එහි සමස්ත කළමනාකාරීත්වයටත් මගේ හෘදයාංගම සුබපැතුම්!

දිනය: 2026 මැයි 17
ස්ථානය: BMICH පරිශ්‍රය

15/05/2026

"සර්, මෙච්චර කාලෙකට මට තිබුණ ප්‍රශ්නෙකට අද උත්තර ලැබුණා..." 🎙️✨
වැඩමුළුව අවසානයේ සියල්ලන් විසිර ගිය නිහඬ මොහොතක, එක් ගුරුතුමියක් මා අසල නතර වී පැවසූ ඒ වචන කිහිපය තවමත් මගේ දෙසවනේ රැව් පිළිරැව් දෙනවා.

"ළමයින්ව කොහොමද උනන්දුවෙන්, කම්මැලි නැතිව පංතියේ රඳවාගන්නේ කියලා අද මම ඉගෙන ගත්තා. හෙට ඉඳන් මම ඉතිහාසය උගන්වන්නේ අලුත්ම විදිහකට!" 📖🔥

ඇය පවසූ දේ ඒ අයුරින්ම ක්‍රියාවට නංවා, ඇය කරන නව්‍ය ඉගැන්වීම් ක්‍රමවල සාක්ෂි මා වෙත එවද්දී මට දැනුණේ නිහතමානී ආඩම්බරයක්. ලංකාවේ ගුරු වෘත්තිය රටේ ඵලදායීතම වෘත්තිය වීමට තව ඇත්තේ ඉතා කෙටි දුරකි. 🇱🇰🤝

*මගේ අරමුණ කුමක්ද?* 🎯
පාසැල් අධ්‍යාපනයට තවදුරටත් 'දිලීප වන්නිආරච්චි' කෙනෙකු අවශ්‍ය නොවන දිනය මගේ ජයග්‍රහණයයි.
සියලුම පාසැල් "DeepLearn Architecture" ක්‍රමවේදය වැළඳගෙන, එකෙකුට දෙන්නෙකුට නොව සෑම දරුවෙකුටම ඉහළම ප්‍රතිඵල ලබා දෙන බව දෙමාපියන්ට සහතික වන දිනට මගේ කාර්යභාරය අවසන් වනු ඇත. මම ප්‍රශංසා අපේක්ෂා නොකරමි.

දහස් ගණන් දෙමාපියන්ගේ වේදනාත්මක කඳුළු, ජයග්‍රාහී සතුටු කඳුළු බවට පත් වූ දාට මම නිහඬව සමුගනිමි. 🕊️❤️

අද *අනුරාධපුරයේ අධ්‍යාපන විප්ලවය - මැසනද් විද්‍යාලය වෙමින් පවතිනවා!* 🏛️✨

උතුරු මැද පළාතේ ඉගැන්වීම් කලාව නව්‍යකරණය කළ එකම සිප්හල දැන් අනුරාධපුර මැසනද් විද්‍යාලයයි. අලුතින් ඉදිවූ සුවිසල් ගොඩනැගිලි පිරි පින්බිම තුළ දැන් ගොඩනැගෙන්නේ ගොඩනැගිලි පමණක් නොව, දරුවන්ගේ අනාගතයයි.

මෙවර පළමු වසර සඳහා ලැබුණු අතිවිශාල අයදුම්පත් සංඛ්‍යාවෙන්ම පසක් වන්නේ අනුරපුර දෙමාපියන් මැසනද්හි මේ වෙනස කෙරෙහි තැබූ විශ්වාසයයි. 📈🙌

ගරු දිලීප ජයමහ පියතුමා (විදුහල්පති), ගරු ප්‍රෑන්ක් පියතුමා සහ ගරු චාරුක පියතුමා ඇතුළු කළමනාකාරීත්වයේ කැපවීම නිසා මැසනද් දැන් මට "මගේම නිවසක්" බඳුය. ⛪❤️

*ගුරුවරුනි, ඔබ සූදානම්ද?* 👩‍🏫👨‍🏫
පැරණි ක්‍රමයටම තවදුරටත් ඉගැන්විය හැකිද? විෂය කරුණු දරුවාගේ මතකය තුළ සදාකාලිකව තැන්පත් කරන ඒ "රහස් සූත්‍රය" කුමක්ද? 🧬🧠

ප්‍රතිඵල පෙන්වන, දරුවා පංතියට පෙම් බඳින ඒ නව ඉගැන්වීම් රටාව ඔබේ පංති කාමරයටත් අවශ්‍යද?
*විසඳුම ඉතා සමීපයි... ඔබ ඒ වෙනසට සූදානම්ද?*❓✨

13/05/2026

දරුවන්ගෙ ප්‍රශ්නය නැවතත් දෙමාපියන්ටම නොදෙන්න DeepLearn ක්‍රමයට ගුරුවරුන් පුහුණු කිරීම අපට බාර දෙන්න. ඔබේ ප්‍රදේශයට අපි එනවා.

Want your public figure to be the top-listed Public Figure in Ja-Ela?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Born To Win Relationships, 446/2/1/C, High Level Road, Makumbura, Pannipitiya.
Ja-Ela
11350