Forget Me Not

Forget Me Not

Share

18/11/2025

ඉකිබිඳ වැලපෙන්නෙ මේ තරමට අහස
මග හැරිලාවත්ද විඳ විද උන් පෙම් පහස
දිය තල උතුරන්න හෙලුවත් කඳුළු ඇස
විරහී හිතක් නිවුනිද කවදා කෙළෙස...

සදවත නෑවිදින් මග හැර ගියාවද?
හිරුගේ සැඩ කිරන දරලා වෙහෙසවද?
දුක්ගැනවිල්ල අහගන්නට ලඟින් හිඳ
සුළගට ඇවිත් යන්නට බැරි වුනාවද?...

වත කලු කරන් නිල් සලු පට විසි කරලා
දෙරණම කැලඹෙන්න සුලි සුසුමන් හෙලලා
දෙදරා යන්න හඬ ගා වැලපිලි කියලා
මේ මුලු රෑම වැහැපන් දුක දිය කරලා...

16/11/2025

හුස්ම තව වැටෙව බව
අමතකව ගිය දවස්
ලස්සනක් නොම දුටුව
ගෙවුනු සොඳුරුම හවස්
එළඹේවි මත්තටත්
සතුට ගිලිහුන දවස්
ඒත් ළඟ ළඟ එනවා
සතුට පිරුනුම දවස්

හංගාපු හිනා මල් කැකුළු යළි පුබුදන්න
එ'මල් ගෙන හද බඳුන හරි හැඩට සරසන්න
කවුරුත්ම ඕනෑද තනිකමට ළඟ ඉන්න
මට මාව හමු වුනා තනිකමක් නෑ ඔන්න

යනෙන හැම තැනක මා අසලින්ම දැනෙනවා
කන ළඟින් ඉඳන් හිත හැදෙන දෑ කියනවා
කවදවත් නොදුටු මගෙ හැඩ මටම පේනවා මියෙන තෙක් දැං ඉතින් මට මාව දැනෙනවා

20/01/2025

සොඳුර ඔබ මා අතැර ගියදා
ළපෙති මිලිනවු ප්‍රේමයේ මල්
වැව් දියේ මිහිදන් කලා
කුළුඳුල්ම ආදරේ සිතුවම්
කඳුලු වැස්සේ බොඳකලා

ඇතුගලට සඳ රැස් ගලා
ශේෂ මතකය ඇහැරිලා
නුඹ තියා ගිය මිලින හැඟුමන්
මගේ හිත ආතුර කලා

වෙහෙර ඇත්කඳ බිම පුරා
පහන් සහසක් දල්වලා
නුඹ යළිත් එනු ඇතැයි සිතමින්
තාම ඉමි මං මග බලා
✍️ - FMN -

19/01/2025

ආදරේ ගැන කටුක පාඩම්
හරි රහට නුඹ කියා දුන්
කඳුලු විල මැද පිපෙන නෙළුමක
සුවඳ ලෙස මං දරා ගම්...

ප්‍රේමයම මුල් තැන හොවා - සිත
මුලුමනින් පුද සුන තියා
නුඹට පිදු ආදරේ මල් පෙති
ලිහී උඩු හුළඟේ ගියා...

කඳුළු පැන් බිඳුවක් හෙලා - ලය
සුසුම් සර නෑසෙන නියා
පැන්වඩා පින් පමුණුවනු මැන
බාල බොළඳිය මිය ගියා...

23/12/2024

කඳු මාවතේ...මිටියාවතේ
පිණි කඳුළු වරුසා හෙලා
සඳ කුසුම කිමදෝ මුකුලිත වෙලා

අතීතයේ සිට ආ
සුපුරුදු ආදර කෙලිලොල් හඬකින්
මතකය ඇහැ ඇරුනා
අප යන මග - පිරිපත උහුලනු මිස
නුඹට මට සිනහවත් මග හැරුනා

ඇයි සිත සසල වෙලා
ආගන්තුක ඇස් රහසින් පවසන
සෙනෙහස ළඟ බිඳෙනා
සිතක් නොවේ - මට නොතැවෙන් සොඳුරිය
නුඹේ ළඟමයි මා අදත් නිවෙනා

17/12/2024

නිවුනා
මගෙ හිත නිවුනා රිදුමන් බිඳුනා
නුඹ ළඟ රැඳෙනා මොහොතක මා නිවුනා
සිත සනසවනා
කොහි සිට ආවාදෝ
දේවාංගනා...

කලුවර විමනේ තිමිරය බිඳුනා
ගිනිගෙන දැවෙනා හදකට පිණි ඉහුණා
නොයනා සිත නෑරම රැඳෙනා
කිව මැන නුඹ කවුදෝ
දේවාංගනා

හද ගිනි අවුලා මා හැර නොයනා
නෙත්යුග කියනා ගිවිසුමකින් බැඳුනා
සොයනා සැනසුම මට ලැබුනා
මා ළඟ නැවතුනිදෝ
දේවාංගනා

03/12/2024

Have a nice day...🩷

02/12/2024

30/11/2024

සිතක් පුරාවට පෙම් මල් පූ දින
සිහිනය රෑ තුන් යම දැකලා
දිනක් තියේවිද නුඹ මා හිනැහෙන
අහිමි තැනම හිමිකම් ඇඳිලා
අපේ ලොව සිතිජයෙන් දුර ඈතයි
ඈත තරුවක් ලෙසින් නුඹ හිනැහෙයි

ආගන්තුකයින් ලෙසින් හෙටටත්
එළිවන ඒ පෙම්වත් හීනේ
නාඳුනනා පෙම්වතුන් වන්නට
හදවත් යයි ඇයි යළි හමුවන්නේ
අහඹු හමුවක තිබුනේ ජීවිතයයි
අහිමි හිත් හමු නොවිය යුතු ඒකයි

කවදා කොයි ලෙසකින්වත් හිමි නැති
හිත ළඟ සෙනෙහස වෑහෙන්නේ
අදටත් හිත ළඟ හිමි නැති වූ තැන
ඇයි ආදර මල් පූදින්නේ
දෛවයත් සරදම් කරන ගානයි
අහිමි හිත් හමු නොවිය යුතු ඒකයි

Artist : Darshana Wickramatunga
Lyrics: Buddhika Widanage

Want your business to be the top-listed Media Company in Kottawa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

157/2 C, Balika Niwasa Road, Pannipitiya
Kottawa