D&D Vision Builders

D&D Vision Builders

Share

Photos from D&D Vision Builders's post 19/03/2022

Athurugiriya site, ongoing project. ready for substructures works.

28/02/2022

මේ දේ කියනවද නැද්ද කියලා කාලෙක ඉඳලා කල්පනා කර කර හිටියේ ,මොකද කියනවනම් ගොඩක් අය ( විදේශ රටවල සිටින) මූල්‍ය වංචා වලට අසු වී කර කියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න හින්දා.මං දන්නවා මෙහෙම ගියොත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බල්ලාට යන වග ප්‍රධාන හේතුව අත්තිකාරම් මුදල් ලබා දීමේදී ගනුදෙනු කරන ආකාරය පිළිබඳ කිසිදු දැනුම් අවබෝධයක් නොතිබීම.ඔක්කොටම කලින් කියන්න ඕනේ දැන් ගොඩක්ම වෙලා තියෙන්නේ අඩුම තැන තමයි හොයාගෙන යන්නේ ,ඊට පස්සේ වැඩ වල quality එක බලාපොරොත්තු වෙනවා.නිවසක් කියන්නේ ජීවිතේ හීනයක්.සැබෑ කරගන්න යන, මොකද ගෙයක් හදන්නෙ ජීවිතේටම එක පාරයි.client letter of acceptence ( ගේ හදනවා කියලා agreement sign කරපු ගමන් ) අත්තිකාරම් මුදල් (advance payment) දෙන්න කලින් bank guarantee එකක් ඉල්ලගන්න.අඩුම තරමෙන් 0.5 million වැඩිය advance payment එකක් කරනවා නම් කම්පැනි නමට check එකක් හරි ඉල්ල ගන්න,company BR check karala සල්ලි දෙන්න.මොකද නීතිමය පැත්තෙන් ලක්ෂ 5 ට වැඩිය චෙක් එකක් අගරු වුනොත්, (25/1) කෙලින්ම මහේස්ත්‍රාත් උසාවි නඩුවක් දාන්න පුළුවන් මූල්‍ය වංචා වලට.

Photos from D&D Vision Builders's post 18/02/2022

ඔබගේ සිතැගි පරිදි ඔබ බලාපොරොත්තු වන සිහින කැදැල්ලට අපගේන් අත්වැලක්..D&D Vision Builders. design and build, interior design and landscaping,structural and defects reliability warranty. Call us +94717079996

20/09/2021

නිවසක් සෑදීමට ගොස් ගොඩක් අය වන්චා වලට අසු වෙලා ගොඩක් අය අමාරුවේ වැටිලා නිසා දෙයක් කියන්න හිතුවා. ඔක්කෝටම කලින් ගෙදර ඉඩමෙහි පසෙහි තියෙන soil content එක බලන්න (load baring capacity) structural drawings ටික කරගන්න ,ඊට පස්සේ වැඩේ කරන්න බාර දෙන්න ඉන්න contractor ගේ Pre qualifications. අනිවාර්යයෙන් බලන්න.. BOQ එකක් හදන්න, ඊට පස්සේ පුළුවන් නම්,ගෙදර හදන්න යන මුලු ගානෙන් 5%-10% පමනක් advance payment කරන්න.. ඔක්කොටම කලින් මන් කලින් කීව විදිහට pre qualifications (කලින් කරපු වැඩ 2,3ක් වත් බලන්න ලගදි කරපු වැඩක් ,අවුරුදු 1කලින් කරපු වැඩක්. )ඒ වැඩේ කරපු client's එක්ක කතා කරන්න.. අහන්න මුදල් ගනුදෙනු වලට කොහොමද කියලා.. අනිවාර්යයෙන් MEP බලන්න වෙනවා නැත්නම් දුක් විදින්න වෙනවා.. BOQ එකේ Specification එකක් හදන්න දාන්ඩ ඕන කම්බි වර්ගය කියලා ,(ලංවා ද මෙල්වද ), පාවිච්චි කරන්න ඕන සිමෙන්ති වර්ගය, plumbing කරනකොට දාන්න ඕනේ බටවල guage එක, බටවල වර්ගය ඒ වගේ දේවල්..මොනයම් වෙලාවකවත් කට වචනයට වැඩක් කරන්න එපා අඩුමතරමේ email through එක්කෝ sms through වැඩ කරගෙන යන්න..හැමදේකටම evidence එකක් තියාගන්න..එක දෙයක් අමතක උනා ongoing (දැන් යන) project දෙකක් විතර බලන්න..මුල සිටම අවසානය දක්වාම ඔබගේ කැදැල්ල සෑදීමට contractor සමග එකග වෙනවා නම් නිවස සාදා අවුරැද්දක් හෝ මාස 6 යන තුරු 5% retention (රඳවා තබා ගැනීමේ මුදලක්) තබා ගැනීමට දේපාර්ශවයම ගිවිසුමකට එලබෙන්න. Genaraly contractor කෙනෙකගේ defects liability period 12 months නිසා..ස්තුතියි..

06/08/2021

මට දවස් කිහිපයකට කලින් ඇමතුම් දෙක තුනක් ආවා එක ඇමතුමක් වත්තල ප්‍රදේශයෙනි අනිත් එක කටුනායක ප්‍රදේශයේ මේ දෙන්නම ලංකාවේ සහ ජාත්‍යන්තරව පිළිගත් ආයතන දෙකක රැකියා කරන පුද්ගලයන් ( buzy life) මුලින්ම මං සමාව අයදිනවා ඒ අයගෙන්. නමුත් මං නම් ගම් සඳහන් නොකර මෙය පල කරන්නේ තවත් කෙනෙක් මේ විදිහට අමාරුවේ වැටෙන නිසා දෙදෙනාගේම නිවෙස් වල sructural failure ඇවිත් තිබුනා,ඔක්කෝටම කලින් මම ඇහුවේ මේ ගෙවල් design කරේ structural engineer කෙනෙක්ද , නැත්නම් බාස්ට ඕන විදිහට ද. මම අර කලින් කිව්ව වගේ දෙන්නම buzy හින්දා බාස්ට ඕනේ විදියට ගේ හදලා තියෙන්නේ. හැබැයි මම ඒ දෙන්නටම කිව්වේ trial pit එකක් හාරලා ඉංජිනේරු මහතෙකුගේ අධීක්ෂණය යටතේ මේ දේ කරා නම් කරානම් අද ඔයාලට මේ විදියට දුක් වෙන්ඩ වෙන්නේ නෑ කියලා.. මම දකින මතය නම් හැමදේකටම professional ලා ඉන්නවා මොකද ඉංජිනේරුවාගේ රස්සාවයි,T.o රස්සාවයි,Quantity survior රස්සාවයි බාස්ලා කරන්න ගිහාම ඔහොම වෙනවා අන්තිමේදී සල්ලි වියදම් කරන අර මනුස්සයාගේ සල්ලිත් අපරාදේ ගේ හැදෙන්නෙත් නෑ. කෙසේ හෝ මම ඒ දෙදෙනාට මා සමග වැඩ කරන chartered stuctural engineer ල දෙන්නෙක් direct යොමු කරල දුන්නා.මොකද මේ වෙලාවේ මගේ හිත කියන්නේ නෑ overheard එකක් add කරන්න මොනා උනත් මනුස්සයෙක් ඒ වෙලාවට අසරණයි. ඉස්සරහට ගෙවල් හෝ කිසියම් ඉදිකිරීමක් කරන්න ඉන්න ඕනම කෙනෙක්, 5000/= විතර යන්නේ engineer කෙනෙක්ගේ සයිට් visit එකකට කරුණාකරලා බාස්ලාට ඕන විදියට ගෙවල් හදන එක ඉදිකිරීම් කරන එක නවත්තන්න අන්තිමේදී තට්ටු වෙන්නේ තමන්ගේ සල්ලි වලට මොකද මගේ ගාවටත් වැඩට එන බාස්ලා කියන්නේ තනියම තට්ටු පහේ building ගැහුවා වගේ කතාව, පට්ටමක් හරියට ගහන්න බෑ දවසක් දෙකක් බලන් යනකොට.. කරුණා කරලා තේරුම් ගන්න stuctural drawing සහ architect drawing කියන්නේ දෙකක්.ස්තුතියි..

Want your business to be the top-listed Contractor in Kottawa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Mattegoda
Kottawa
10320