Knowledge Room
රටට එන ආධාර රජය හරහා පිළිවෙලට බෙදා දුන්නේ නැතිනම් විනාශ වූ දේවල් ගොඩනගන්න මුදල් නැතිවෙයි, හැමදාම සහනාධාර තමයි😔”
28/11/2025
✨ මිනිසුන් නැති උනොත්, පෘථිවියේ ඊළඟ වැඩකාරයො වෙන්න ඔක්ටොපස්ද? 🐙🌍
අපිට මේක ගැන හිතන එක අපහසු වුවත්, විද්‍යාඥයන් දැන්මම අහන ප්‍රශ්නයක් තියෙනවා:
ඉතිරිවෙන ලෝකයේ ඉහළ ජීවී හෝ නව සංස්කෘතික නායකයා කවුද වෙන්නේ?
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් ටිම් කූල්සන් ළඟ පිළිතුරක් තියෙනවා — ඔක්ටොපස්.
ඔහුගේ The Universal History of Us පොතේ සඳහන් කරන්නේ, මිනිසුන් නොඉතිරි වූ විට ඔක්ටොපස් ජීවීන්ට අතිශයින්ම අභිරහස්, උසස් හා සමාජමය හැකියාවන් පදනම් කරගෙන තම සංස්කෘතියක් ගොඩනගන්න පුළුවන් කියලා.
ඔක්ටොපස්ලා විශේෂ ඇයි?
🌈 වර්ණ මාරු කිරීමෙන් සන්නිවේදනය
🧠 සංකීර්ණ ගැටළු විසඳීමේ හැකියාව
🫳 අවස්ථා මනාව පාලනය කරමින් වස්තු හසුරුවීම
🎭 කෙටි වේලාවකදීම කැමොෆ්ලාජ්(සිටින පරිසරයට අනුරූප වෙන එක) වීම
🧬 විශිෂ්ට neural network (ස්නායු ජාලයක්)එකක් සහ decentralized nervous system එකක්
කූල්සන්ගේ අදහසට අනුව, පරිසරය වෙනස් වුවහොත් ඔක්ටොපස්ලාට මුහුදෙන් පිටතට ඇවිත් බිම් මත ජීවත්වීමේ හැකියාව ද ලබා ගත හැක.
මුහුදු ජීවීන් බිමට පැමිණීම 380 million years පමණ පෙර සිදු වී ඇති නිසා, මෙය සම්පූර්ණයෙන් අසම්භාවිත නොවෙයි.
🙄හැබැයි විද්‍යාඥයන් අතර එකඟතාවයක් නෑ
🐌 කුලුම් බ්‍රවුන් කියන්නේ ඔක්ටොපස්ලාට “snail-type” විවර්ධන පදනමක් තියෙන නිසා, ඉතා උසස් සංස්කෘතියක් ගොඩනගීම සීමාසහිතයි.
👶 පීටර් ගෝඩ්ෆ්‍රේ-ස්මිත් නම් කියන්නේ ඔක්ටොපස්ලාගේ කෙටි ආයු කාලය සහ බලාපොරොත්තු දරාගත හැකි සමාජ බන්ධන නොතිබීම, දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාමට බාධාවක් බවයි.
කොහොම වුණත්.....
ඕනෑම මොහොතකදී extinction(ජීවීන් නැතිවී යාම එනම් නෂ්ට වීම), mutations(විකෘති වීම) වැනි සිදුවීම් ලෝකයේ නව නායකයා නිර්මාණය කරන්න පුළුවන් කියලා අපිටත් හිතන්න පුළුවන්...
ලිව්වේ...,✍🏼
නෙළුම් ප්‍රනාන්දු
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kochchikade
11540
04/12/2025