Stanley Peries

Stanley Peries

Share

06/11/2024

මෙම ඡායා රූපයෙහි පෙනී සිටින්නේ, පටිගත කිරීමක් අතරතුරකදී, ස්ටැන්ලි පීරිස් කලාකරුවන් සමග කලාශුරී මොහිදීන් බෙග් නම් ඒ ආදරණීය කලාකරුවායි.

30/10/2024

ස්ටැන්ලි පීරිස් කලාකරුවන් විසින් ප්‍රථමයෙන් නායකත්වය දැරූ සංගීත කණ්ඩායමේ සාමජිකයන් හා කළමනාකරු සමග ගත් ඡායා රූපයකි. එහි වම් පසේ සිට මිල්ටන් පීරිස්, පද්මසිරි පැස්කුවල්, සීනාර් සාමත්, මැතිව් කෝල්ටන්, ස්ටැන්ලි පීරිස්, බෙනා ලෝපස් සහ කළමනාකරු වූ ඉයන් වේරගම පෙනී සිටී.

28/10/2024

ස්ටැන්ලි පීරිස් කලාකරුවානන් එවකට සිටි, ශ්‍රී ලංකාවේ දක්ෂතම සැක්සෆෝන් වාදකයා වූවත්, ඔහුට ඉතා මිහිරි ලෙස වයලීනය වාදනය කිරීමේ දක්ෂතාවක් විය....මේ ඔහුගේ වයලීනය අතැතිව ගත් ඔහුගේ චායාරූපයකි.❤️🌹

13/10/2024

13/10/2024....

🍃🌹13/10/2002 දින අප අතරින් සදහටම සමුගත් ආදරණීය ස්ටැන්ලි පීරිස් කලාකරුවාණෙනී....🙏❤️ ඔබ ශ්‍රී ලාංකීය සංගීත හදවත් තුලටම ජනිත වු ආදරණීය පියෙකි. ඔබ විසින් නිර්මාණය කෙරුණු ඒ ගී තනු නිර්මාණ ඔබව රසික හදවත් තුළ තවමත් ජීවමාන කරනු ඇත. ඔබ අප අතරින් වියෝ වී අදට වසර 22 කි. ශ්‍රී ලාංකීය රසික හදවත් තුළ ඔබ සදා අමරණීයයි....ඒ නිර්මාණ තුල ඔබ තවමත් අප අතර ජීවමානයි......ඔබට මොක් සුව ලැබේවා🙏🌹......ආදරණිය ස්ටැන්ලි පීරිස් කලාකරුවාණෙනී 🙏🙏🌹

09/10/2024

💝ඉගිල්ලිලා යන්න යං..කෝ පිහාටු නෑ අනේ.......💝

සුප්‍රසිද්ධ කලාකාරිණියක වන කළාභූශණ චන්ද්‍රිකා සිරිවර්ධන වෙනුවෙන් ගීත නිර්මාණය කිරීමේ අවස්ථාව ස්ටැන්ලි පීරිස් කලාකරුවානන් හට හිමි විය. ඇය වෙනුවෙන් තැනු බොහෝමයක් ගී තනු අතරින් මේ ගීතය වැඩිමනක් රසික ප්‍රතිචාර වලට පාත්‍ර විය.මෙහි පද බැන්දුම විශිෂ්ඨ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහයන්ගේය.

09/10/2024

මලේ රුවට තරුණ බඹරු ඇදෙන්නේ.....🌹

මේ ගීතය ගායනා කරන්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම කළාකරුවන් දෙපළක් වන සුනිල් එදිරිසිංහයන් සහ T.M ජයරත්නයන් විසිනි. T.M ජයරත්නයන් වෙනුවෙන් ස්ටැන්ලි පීරිස් විසින් නිමවූ ගී තනු විශාල ප්‍රමාණයක් වූවත්..සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් ස්ටැන්ලි පීරිස් කලාකරුවන් හට තනු නිර්මාණයේ යෙදීමට ලැබී ඇත්තේ බොහෝම අල්පයක් ගීත සදහා පමණි.ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශයන් විසින් නිමවූ මෙම ගීතය ඒ ගී අල්පයෙන් එකකි.

04/10/2024

හදවතේ ගායකයා ලෙස තම රසිකයන්ගේ ආදර, ගෞරවයට පාත්‍ර වූ සුප්‍රසිද්ධ කලාකරුවකු වූ ජෝතිපාලයානන් ගැන මතකය ආවරණය කෙරූ ස්ටැන්ලි පීරිස් කලාකරුවන්.

04/10/2024

🐝 එවකට දිවයිනේ නන්දෙස පැවති ජෝතිරාත්‍රිය නම් වූ ගී ප්‍රසංගයේ සංගීත සැපයීම සහ අධ්‍යක්ෂණය හිමි වූයේ ස්ටැන්ලි පීරිස් කලාකරුවන් හට සහ ඔහුගේ ෆෝචූන්ස් වාදක මඩුල්ලටයි.ජෝතිරාත්‍රියක් අවසානයේ කලාකරුවන් වන ස්ටැන්ලි පීරිස් සහ ජෝතිපාලයන් එක චායාරූපයක.

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address

Katugasthota Road
Kandy