Unsolved World History
18/05/2026
ගල් ආරුක්කුව
වැස්සත් නොතෙමී සිටිය හැකි තැනක්...
-
මේ සීගිරිය පරිශ්‍රයේ පැරණි මාර්ගයෙ යන විට හමුවන ගල් ආරුක්කුව සහිත ස්ථානය්.ස්වභාවික පරිසරය සැලසුම් සහගතව යොදාගත් ස්ථානයක් බව මනාව පෙන්නුම් කෙරේ.එමෙනම් මෙම ගල් ආරුක්කුව දෙපස ඇති ගල් ගුහා දෙක කාශ්‍යප අවධියට පෙර වූ ආරාමික අවධියේ දී භාවිත කළ බවට විශ්වාස කෙරේ.
විශේෂයෙන් ම මෙහි වම් පස ලෙනෙහි බ්‍රාහ්මී ලේකනයක් ද දක්නට ලැබෙන අතර එහි හුනුගලින් සැකසූ ආසනයක සාධක ද හදුනාගත හැකිය්.
ඔබ මේ ස්තානය පසුකර ගිය කෙනෙක් නම් ඔබේ මතක සටහනුත් මෙහි පළ කරමු.🤎
ජලයෙන් පිරෙන නාන තටාකය...
මේකනම් අහම්බෙන් දුටු දෙයක්.සීගිරිය පර්වතයෙ ඇති නාන තටාකයට වර්ශාවත් සමග ජලය එක් රැස් වන අතර පර්වතයට එක්වන ජලය පොලොව යටින් ගලාවිත් නැවතත් නාන තටාකයටම එකතු වෙන්නෙ මෙලෙසිනි.
දන්නවද මේ තැන?
සීගිරියේ දක්නට ලැබෙන ගල් ගුහාවකි.මනාව නෙලන ලද කටාරම අදටත් ක්‍රියාත්මක වේ.මෙ ස්ථානය පිලිබද වැඩි විස්තර හමු වූයෙ නැති බැවින් ඔබගේ අදහස දැනගැනීම වඩාත් සුදුසුය්.
අපූර්වත්වය ඇස ගැටුනු තැනක්...
සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ ධැරණියගල ගුහාවට පහළින් ඇති නටඹුන් සහිත පරිසරයේ අපූර්වත්වය මැනවින් කියාපාන්නේ අතීත හෙළ තාක්ෂණය ද ප්‍රකට කරවමිනි.මෙහි දක්නට ලැබෙන විශාල ගල් පරවතයෙහි කැපුම් සලකුනු දක්නට ලැබෙන අතර ඒව යම් ඉදිකිරීමක පාදමේ සාධක බව පැහැදිලිය.
සූක්ෂම නිමැවුම්...
-
සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ නය්පෙන ගුහාවට ඉහලින් ඇති ආරුක්කුව සහිත ගුහාව ඉදිරිපිට මෙම ශිලාමය කානු පද්ධතිය දකින්න පුලුවන්.ගුහාවෙන් ගලා එන ජලය මනාව මෙම කානු පද්ධතිය තුළින් ගලා යන අපූරුව වැසි දිනයන්හි ඉතා හොදින් දක්නට ලැබෙනවා.
මෙම ස්මාරකය කුමක් විය හැකි ද?
සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රයේ නය්පෙන ගුහාව ලෙස හදුන්වන ස්තානයට ඉහලින් මෙම ගඩොල්මය ස්මාරකය දක්නට ලැබෙනවා. දැනට සංරක්ෂණ කර පවතින අතර එය කුමක්ද යන්න නම් සදහනක් හෝ පුවරුවක් මෙහි දක්නට ලැබුනෙ නැ.ඔබේ අදහසට අනුව කුමක් විය හැකි ද?
කාගේ අසුනද මේ?
සීගිරියේ සභා ශාලාව ලෙස හදුන්වන ස්ථානයට පහලින් මෙම ශිලාමය අසුන දැකගන්න පුලුවන්.පිහිටි ගලෙහි නෙලා ඇති අතර අදටත් විනාශ නොවී දකින්න පුලුවන්.නමුත් සභා ශාලාවෙහි ඇති ශිලාමය අසුනට වඩා වෙනස් ස්වරූපයක් මෙහි පවති.
ඔබත් පැමිනි විට මෙහි ඇති සුවිශේෂතා දැකබලා ගන්න...
නැගෙනහිර මාළිගා සංකීර්ණය
මේ සීගිරිය පර්වතයේ පිවිසෙන තැනම දක්නට ලැබෙන මාළිගා සංකීර්ණයේ නටඹුන්ද අපිට දක්නට ලැබෙන්නේ මෙපමණය්.නමුත් එදා මෙහි කෙතරම් අපූර්වත්වයක් තිබෙන්න ඇති ද. මෙහි අතුරා ඇති ගල් පතුරු වර්තමානයේ ටය්ල් පොළොවක් මෙන් දිස්වන්නට ඇති.නිකන්ම නිකන් ගඩොල් ගොඩක් යැය් සිතන සංචාරකයෙක් නොවී අපූර්වත්වය හොදින් විමසා බලන්න.
12/05/2026
සීගිරියේ අපූර්වත්වය 🍃
සීගිරිය පර්වතය ම නෙවේ...
සීගිරිය ට ආ විට පර්වතයෙ පමනක් ඇවිද ගමන නිමා කරන්න එපා.උද්‍යානය පුරා ඇවිදින්න.මේ එහෙම ඇවිත් බලන්න පුලුවන් ලස්සන තැනක්.ජල උද්‍යානයේ ඇති සීතල මාලිගා පරිශ්‍රය. කැනීම් නොකල ස්තානයක් මේ.ඉතින් ඇවිත්ම බලන්න.ඇත්තටම සීතල දැනෙනවද කියලා...
Click here to claim your Sponsored Listing.