Reply එක Ready

Reply එක Ready

Share

23/03/2026

ඔබේ පුංචි කැපකිරීම - රටේ මහා ශක්තියයි! 🇱🇰💡

අද අපේ මාතෘභූමිය මුහුණ දී සිටින බලශක්ති අර්බුදය හමුවේ, අප සැමට පැවරී ඇත්තේ සුවිශේෂී වගකීමකි. ඔබ නිවසේදී අනවශ්‍ය ලෙස දැල්වෙන එක විදුලි බුබුළක් නිවා දැමීම හුදෙක් මුදල් ඉතිරි කිරීමක්ම නොවේ.

එම ඉතිරි කරන සෑම විදුලි ඒකකයක්ම:

තවත් දරුවෙකුගේ අධ්‍යාපනයට ආලෝකයක් වෙයි. 📚

රෝහලක ජීවිතයක් රකින යන්ත්‍රයකට පණ දෙයි. 🏥

රටේ කර්මාන්තශාලාවක දැති රෝද කැරකවීමට ශක්තියක් වෙයි. 🏗️

අභියෝගය හමුවේ නොසැලෙන රටක් ගොඩනැගීමට නම්, අපි අද පිරිමැස්මෙන් දිනන හෙටක් වෙනුවෙන් පෙළ ගැසිය යුතුමයි. ඔබත් අදම ඔබේ නිවසින් මේ වෙනස ආරම්භ කරන්න.

🕕6.00 pm සිට 🕙10.00 pm දක්වා.
වැඩි විදුලියක් වැයවන උපකරණ භාවිතය අවම කරමු..!

👉විදුලි ඉස්තිරික්කය (Iron), රෙදි සෝදන යන්ත්‍රය (Washing machine), වෝටර් හීටරය (Water heater) සහ වායු සමීකරණ (A/C) මෙම කාලය තුළ ක්‍රියාත්මක නොකිරීමට වගබලා ගන්න.

👉අනවශ්‍ය ආලෝකය නිවා දැමීම:
ඔබ සිටින කාමරයේ පමණක් ආලෝකය භාවිතා කරන්න. මිදුලේ, ගරාජයේ හෝ නිවසේ අනවශ්‍ය ස්ථානවල දල්වා ඇති අමතර බල්බ මෙම පැය 4 තුළ නිවා දමන්න.

👉පිසීමේ කටයුතු කළමනාකරණය:
හැකි සෑම විටම රාත්‍රී 6 ට පෙර පිසීමේ කටයුතු අවසන් කරන්න. විදුලි උදුන් (Electric cooker) හෝ මයික්‍රෝවේව් උදුන් භාවිතය මෙම කාලය තුළ අවම කර පිරිමැස්මෙන් කටයුතු කරන්න.

👉රූපවාහිනී සහ විනෝදාස්වාද උපකරණ:
මුළු පවුලම එක්ව එකම රූපවාහිනියක් නැරඹීමෙන් අනවශ්‍ය විදුලි වැයවීම් අඩු කරගත හැකියි. භාවිත නොකරන විට පරිගණක සහ ස්පීකර් පද්ධති 'Standby' මට්ටමේ තබන්නේ නැතිව සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කරන්න.

👉ශීතකරණය නිවැරදිව භාවිතය:
රාත්‍රී කාලයේදී ශීතකරණයේ දොර අනවශ්‍ය ලෙස නිතර නිතර විවෘත කිරීමෙන් වළකින්න. එයින් ශීතකරණයේ උෂ්ණත්වය පවත්වා ගැනීමට වැයවන විදුලිය ඉතිරි වේ.

👉ස්මාර්ට් උපකරණ ආරෝපණය (Charging):
ජංගම දුරකථන, ලැප්ටොප් හෝ වෙනත් බැටරි මගින් ක්‍රියා කරන උපකරණ ආරෝපණය කිරීම රාත්‍රී 10 න් පසුව සිදු කිරීමට හුරු වන්න.

#පිරිමැස්ම #බලශක්තිඅර්බුදය

19/03/2026

🧮 රෙදි ගැලවෙන ගණන් මිම්මක්!

එයාර් බස් ගනුදෙනුවෙන් ලැබුණු අල්ලස් මුදලෙන් රුපියල් මිලියන 60ක් කාල්ටන් නිවසේදී ලබා දුන් බව හිටපු ශ්‍රීලංකන් CEO කපිල චන්ද්‍රසේන අද (19) අධිකරණයේදී හෙළි කළා.

එක් වතාවකට මිලියන 20 බැගින් වාර 3කදී මේ ගනුදෙනුව වෙලා තියෙනවා නම්, තව කොච්චර මේ වගේ ඒවා තියෙන්න ඇත්ද?
ගණිතය දන්නා අය නිවැරදි පිළිතුර සහ ඔබේ අදහස Comment කරන්න. 🧐👇

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kandy