OLy Secret

OLy Secret

Share

21/05/2026

Overthinkingකොල්ලෙක් 👤🫀 ඇත්තටම ovethinking කොල්ලෙක් කියන්නෙම හරි අමුතු මනුස්සයෙක්.😊

මොකද..?

එ මනුස්සයා තමන් ආදරේ කරන කෙනාගේ දාන මැසෙජ් එකේ පවා එක අකුරක් ගානේ කල්පනා කර කර අවුල් යනවා 😊❤️‍🩹උදා හරන වශයෙන්(ඇයි එයා එහෙම?/එයා වෙනස් වෙලාද?/එයාට දැනෙන්නෙ නැද්ද?)ඔය වගේ ගොඩක් දෙවල් හිතනවා.❤️‍🩹
අඩුම මැසෙජ් එකක ඉමොජියක් නැති උනත් වරු ගනන් හිතන මනුස්සයෙක්.😊
ඉතිම් සමහර අය හිතන්නේ ඉතින් negative විදිහට හිතන්න එපා එහෙම දෙවල්.
ඉතිම් කවදාවත් ඔයාගේ කොල්ලට එ වගේ කතා කියලා අපහසුතාවෙට ලක් කරන්න එපා.❤️‍🩹
Overthinking මනුස්සයෙක් කියන්නෙම හරි අශිර්වාදයක්.😊❤️‍🩹

ඉතිම් පරිස්සන් කරගන්න ඉන්න කාලේ එයාව තෙරුම් අරන් ආදරෙන් බලාගන්.😊❤️‍🩹

20/05/2026

තව කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ඕනේ කියන Wooow...! Feeling එක තවදුරටත් මට දැනෙන්නේ නෑ !

කවදාහරි කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හිටපු මට,

ඒ 'wow feeling’ එක දැන් හෙමින් හෙමින් අහිමි වෙලා ගිහින් තියෙනවා...

කෙනෙක් ලඟ හිඳගෙන, කතා කරගෙන, හිනා වෙලා ජීවිතේ ගෙවන්න තිබ්බ ආසාව දැන් මට මතකයක් විතරක් වෙලා...

ඒක ආදරේ නැති නිසා නෙමෙයි, ඒක ඉවරවෙලා නෙමෙයි...

ඒක හිත හුගාක් තැන්වලින් කැඩිලා, විශ්වාසය ටික ටික මැරෙලා, අවසානයේ ඒ හැඟීමම නිහඬව මැකිලා ගිය එකක්...

දැන් මට කෙනෙක් ලැබුණත් ‘මේක තමයි මට ඕනෙ’ කියලා හිතෙන්නේ නෑ... ඒ වෙනුවට මට දැනෙන්නේ ‘මට මේක නැතුවත් ඉන්න පුළුවන්’ කියලා...

ඒක සතුටක් නෙමෙයි... දුකක් කියලා හිතාගන්නත් බැරි තරම් හිස් හැඟීමක්... ඒත් සත්‍යය එකම එකයි කවදාහරි හුගාක් හදවතින් බලාපොරොත්තු වෙලා හිටපු දේවල්

අවසානයේ අපිම අත්හැරලා ඉන්න තැනකට අපි ඇවිත් තියෙනවා...
❤️‍🩹

17/05/2026

📱🔒 ඇපල් දුරකථනයක හිමිකරු මියගියහොත් ඒකෙ ලොක් එක අරින්න බැරිද?

අපි හැමෝම දන්නවා Apple iPhone එකක් කියන්නේ ලෝකයේ තියෙන ආරක්ෂිතම ස්මාර්ට්ෆෝන් වලින් එකක් කියලා. ඒ වගේම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, අයිෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් හදිසියේවත් මරණයට පත්වුණොත්, පවුලේ අයට ඒ ෆෝන් එකේ ලොක් එක ඇරගන්න බැරිද? කියන එක. 🤔

🔐 හිමිකරු මියගියහොත් ලොක් එක අරින්න බැරිද?
කෙටියෙන්ම කිව්වොත් Passcode එක දන්නේ නැත්නම් ෆෝන් එකේ ලොක් එක අරින එක ප්‍රායෝගිකව කරන්න බැරි තරම් අමාරු දෙයක්! 🚫

ඇපල් සමාගම ඔවුන්ගේ උපාංග සඳහා ඉතාමත් ප්‍රබල Encryption තාක්ෂණයක් භාවිතා කරනවා. කෙනෙක් මියගිය පසු Face ID එකෙන් ෆෝන් එක අරින්නත් බෑ. ඒ වගේම වැරදි පාස්වර්ඩ් කීපවරක් ගැහුවොත් ෆෝන් එක සම්පූර්ණයෙන්ම ලොක් වෙනවා. සමහරවිට Erase Data on කරලා තිබුණොත්, වැරදි පාස්වර්ඩ් 10 වතාවක් ගැහුවම ෆෝන් එකේ තියෙන ඔක්කොම දේවල් මැකිලා යනවා. 😱

🍏 ඇපල් සමාගම සමඟ සම්බන්ධ වෙලා විසඳුමක් ගන්න බැරිද?
ඔබට ඇපල් සමාගමෙන් උදව්වක් ගන්න පුළුවන්. හැබැයි ඔවුන් කිසිම වෙලාවක ෆෝන් එකේ පාස්වර්ඩ් එක කඩලා ලොක් එක ඇරලා දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ක්‍රම දෙකක් හඳුන්වා දීලා තියෙනවා:

1. උරුමකරුවන් පත් කිරීම 👥
iOS 15.2 අප්ඩේට් එකත් එක්ක ඇපල් සමාගම Legacy Contact කියලා විශේෂාංගයක් ගෙනාවා. මේකෙන් පුළුවන් තමන්ට විශ්වාසවන්ත කෙනෙක්ව තමන්ගේ උරුමකරුවෙක් විදිහට ඇඩ් කරලා තියන්න. හිමිකරු මියගියොත්, අදාළ මරණ සහතිකය සහ Access Key එක ඇපල් සමාගමට ලබා දීලා, මියගිය කෙනාගේ iCloud එකේ තියෙන දත්ත ලබාගන්න ඒ උරුමකරුවාට පුළුවන්.

2. Activation Lock එක ඉවත් කිරීම 🔓
Legacy Contact කෙනෙක් ඇඩ් කරලා නැත්නම්, පවුලේ අයට පුළුවන් නීත්‍යානුකූල ලියකියවිලි සහ මරණ සහතිකය සමඟ ඇපල් සමාගමට ඉල්ලීමක් කරන්න. මෙතැනදීත් ඇපල් සමාගම ෆෝන් එකේ ලොක් එක ඇරලා දත්ත දෙන්නේ නෑ. හැබැයි ඔවුන්ට පුළුවන් ෆෝන් එකේ තියෙන Activation Lock එක අයින් කරලා දෙන්න. එතකොට ෆෝන් එක Factory Reset කරලා, අලුත් ෆෝන් එකක් විදිහට නැවත පාවිච්චි කරන්න පවුලේ අයට පුළුවන්. 📱✨

🚨 FBI ආයතනය කරපු ඉල්ලීම ඇපල් ප්‍රතික්ෂේප කළාද?
ඔව්! මේක ලෝකයේම කතාබහට ලක්වුණු, තාක්ෂණික ලෝකයේ ඓතිහාසික සිදුවීමක්. 🤯

2015 දෙසැම්බර් මාසයේ ඇමරිකාවේ San Bernardino වල සිද්ධ වුණු දරුණු ත්‍ර!ස්ත ප්‍රහාරයෙන් පස්සේ, ඒ ප්‍රහාරකයා පාවිච්චි කරපු iPhone එක unlock කරලා දෙන්න කියලා ඇමරිකානු FBI ආයතනය ඇපල් සමාගමට අධිකරණ නියෝගයක් පවා ගෙනාවා.

හැබැයි ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim Cook ඒ ඉල්ලීම කෙලින්ම ප්‍රතික්ෂේප කළා! 🙅‍♂️ ඔහු කිව්වේ ත්‍ර!ස්තවාදියෙකුගේ වුණත් ෆෝන් එකක් unlock කරන්න නම්, ඇපල් පද්ධතියේ Backdoor එකක් නිර්මාණය කරන්න වෙනවා කියලයි. එහෙම කළොත් ඒක ලෝකෙ වටේම ඉන්න මිලියන ගණනක් ඇපල් පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට සහ ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙන බව ඔහු තරයේ කියා සිටියා.

පසුව 2019 දී Pensacola ප්‍ර!හාරයේදීත් FBI ආයතනය මේ වගේම ඉල්ලීමක් කළා, ඒකත් ඇපල් සමාගම ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී FBI ආයතනයට සිද්ධ වුණා ඩොලර් මිලියන ගණනක් වියදම් කරලා පිටස්තර හැකර්වරුන්ගේ උදව්වෙන් ඒ ෆෝන් අන්ලොක් කරගන්න.

💡 ඇපල් සමාගම තමන්ගේ පාරිභෝගිකයින්ගේ Privacy එක ගැන කොච්චර හිතනවාද කියන්න මේ FBI සිදුවීම හොඳම උදාහරණයක්. ඒ වගේම ඔබත් iPhone එකක් පාවිච්චි කරනවා නම්, අදම Settings වලට ගිහින් Legacy Contact කෙනෙක් ඇඩ් කරලා තියන්න අමතක කරන්න එපා. ජීවිතේ කියන්නේ කාටවත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඔයාට මොනවා හරි වුණොත්, ඔයාගේ වටිනා මතකයන් ටික පවුලේ අයට ගන්න ඒක ගොඩක් උදව් වෙයි! ❤️🙌

ඔයා මේ Legacy Contact ෆීචර් එක ගැන කලින් දැනගෙන හිටියද? කමෙන්ට් එකක් දාගෙන යන්න! 👇

Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy