Amazing

Amazing

Share

11/10/2025

කොස් කෑවොත් මොකද වෙන්නේ?

"කොස් ගෙඩියේ - නම හැදුන හැටි

අතීතයේ ලංකාවේ මිනිසුන්ට කොස් ගැන කිසිදු දැනුමක් තිබුණේ නෑ. ගස් පිරුණු ගෙඩි බර ගස් තිබුනත් ඒවා කන්න පුළුවන් දේවල් කියලා දන්නේ නෑ. මොකද කොස් ගෙඩියට බැලුවම එහෙම කන්න හිතෙන එකක් නෙමේ කටු, ලෙල්ල, ඇලෙන කොහොල්ලැ, පෙනුමෙන්ම කැමක් නොවෙයි කියලා හිතෙන්නේ

එක නිසාම මිනිස්සු ඒ ගස්වලට නමක්වත් දුන්නෙ නෑ. ඒත් සක්‍රදෙවියන්ට නම් ඒ ගැන හොඳටම දැනුනා.

ඒ කාලෙත් රටම දැඩි නියගයකට අසන්න උනා. කුඹුරු ගොවිතැන් වතුර නැතිව ගින්නෙන් පුරන් වෙලා ගියා. ගස් වියලුණා. මිනිස්සු බඩගින්නෙන් විඳිමින් ජීවිතය අහිමි වෙන තුරු ගියා. ඒ වෙලාවෙ දෙව්ලොවෙන් සක්‍ර දෙවිඳු මේක තමයි හොඳම වෙලාව මේ ගහ ගැන මිනිස්සුන්ට කියලා දෙන්න හිතලා
සක්‍රදෙවිඳු, මනුස්සයාගේ හැඩයකට වෙස්වලාගෙන , පොඩි දුක්බර ගෙයක් ඇතුළට ගියා. (ඇඳුම පරණයි, ඉරුණු වැරහැලි සරම, වයසක පෙනුම)

ඒ ගෙදර හිටියෙ නාඹර තරුණ කෙල්ලෙක්. ඒ කෙල්ලත් දුක් විඳින්නියක්. ගෙදරට කෑමක් නෑ, වතුර බිඳක්වත් නෑ. සක්‍ර දෙවිඳු මනුස්ස වේශයෙන්

“අනේ දුවේ, මට හරිම බඩගින්නක්. මට පුළුවන් නම් මොනවම හරි දෙයක් දෙන්න, මගෙ බඩගින්න අඩු වෙයි.”

කෙල්ලට හිතෙනවා – “අනේ මටවත් කන්න දෙයක් නෑනෙ, මේ අයගෙ බඩගින්න මට කොහොම අඩු කරගන්නද?”
ඒත් ඇගේ හදවතේ කරුණාව තිබුණා.

“මාමෙ, අපිටත් කන්න දෙයක් නෑ, එත් තිබුණනම් මම දෙන්න හිතුනෙ නැහැ,” කියලා ඇය පැවසුවා.

ඒ වෙලාවෙ මහළු මිනිසා (සක්‍ර දෙවිඳු) කියනවා

“දුවේ, උඹේ වත්තෙ අර ගෙඩි බර ගහක් තියෙනව නේද? ඒගෙ ගෙඩියක් කපලා මට තම්බල දෙන්න.”

කෙල්ල බයවුනා. “අනේ මාමෙ, ඒ ගෙඩි කන්න බෑ, ඒව මිනිස්සුන්ට අහිතකරයි කියල ඉස්සර අහලා තියෙනව.”

“නෑ දුවේ කමක් නෑ මට හදල දෙන්න

ඇය කොස් ගෙඩියක් කඩලා, පලලා, මදුලු ගලවලා, මදුළු කපලා වතුර මුට්ටියකට දාල ලිප තම්බා තැබුවා. එයට ලුණු මිරිස් කහ එකතුකරා පැය භාගයක් යනකොට ලිපෙන් එන සුවඳට පවා ඇගේ හිත - එහෙම රසවත් සුවඳක් ඇය කලින් කිසිදා දැක නෑ.

ඇය බඩගින්නෙන් ඉන්න අතරෙ, අනිත් මනුස්සයා බංකු පුටුවෙ ඉඳලා බලාගෙන ඉන්නවා. කෙල්ලට ඉවසන්න බැරි වෙලා අන්තිමට පොල්කටු හැන්දක් අරගෙන මුට්ටියට දාල කොස් ටිකක් රස බලන්න ගත්තා.

මහළු මිනිසාට මෙම රසවත් කෑම ( කොස් ) පිළිගැන්නුවා. එම ආහාර අනුභව කොට මහලු මිනිසා ( සක්‍ර දෙවිඳු )එතනින් පිටත් වුනා.

එහිදී කෙල්ල මහළු මිනිසාගෙන් ඇසුවා
මාමේ මේ ගෙඩිවලට කියන නම මොකක්ද කියලා

එහිදී මහළු මිනිසා ( සක්‍ර දෙවිඳු) පැවසුවා
හෙරලිය කියලා එතනින් පිටත් වුනා

කෙල්ල කොස් හොරෙන් කාපු නිසා - හෙර
කෙල්ල , ලඳක් වෙන නිසා - ලිය

හොරා යන පදය ස්ත්‍රීලිංග පදය - හෙර
කෙල්ල - ලිය

හෙර + ලිය = හෙරලිය

සක්‍ර දෙවිඳු දෙව්ලොවට වැඩම කළා
අහසෙ ගිගුරුම් ගලා ගියා, වැසි බිංදු පතුලට වැටෙන්න පටන් ගත්තා.

මිනිස්සු ඒ දවසෙ සිට හෙරලිය කන්න පුරුදු උනා.

මෙය ජනප්‍රවාද ව්‍යවහාරයෙන් එන කතාවකි

පසුකාලීනව හෙරලිය (හොර + ගැහැණිය) කියන නම වෙනස් වුණා

කොස් කටු කොටු හැඩයකට සමාන හැඩයක් ගන්න නිසා කොස් යන නම භාවිතා කරන්න ඇතැයි මට සිතෙනවා
“බත් නැතිදා කොස්”
#කොස් #බත්ගස #දේශීයආහාර #කෘෂිකාර්මිකය #නැසුරේදීම #කොස්ගුණ #කොස්රස

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kandy