Airlan - Auto AC
12/11/2025
04/11/2025
𝐑𝐞𝐜𝐞𝐢𝐯𝐞𝐫-𝐃𝐫𝐢𝐞𝐫 හෙවත් ෆිල්ටර් එක කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන මේ කොටස මාරු කරන්න ඕනද?
👉🏻 මේකෙන් කාර්යයන් දෙකක් සිද්ද වෙනවා. එකක් තමයි ඇත්තටම මේකෙන් ගෑස් එක ෆිල්ටර් වීමක් සිද්ද වෙනවා.
👉🏻 නමුත් ප්‍රධානම කාර්යය තමයි ඒ සී සිස්ටම් එක ඇතුළේ ජලය තිබුණොත් ඒවා අවශෝෂනය කරගන්න එක.
⚠ ඒ සී ගෑස් එක්ක ජලය මිශ්‍ර වෙලා තිබුණොත් ඒවා එක්ස්පෑන්ෂන් වෑල් එක තුළ අයිස් බවට පත් වෙලා වෑල් එක බ්ලොක් වෙනවා. ඒ නිසා මේ කොටස මගින් සිස්ටම් එක තුළ ජලය තිබුණොත් වෑල් එක දක්වා යන එක නවත්තනවා.
⭕ ඒ සී නඩත්තු කටයුත්තකින් පස්සෙ මුලු සිස්ටම් එකම වැකුම් කරලා තමයි ගෑස් චාර්ජ් කරන්නේ. එහෙම වැකුම් කළත් මයික්‍රෝන් ප්‍රමාණයක් හෝ ජල වාශ්ප ඇතුළත ඉතුරු වෙනවා. ඒ නිසා තමයි මේ කොටස අවශ්‍ය වෙන්නෙ.
✅ තාක්ෂණිකව ගත්තාම ඒ සී පද්ධතිය නඩත්තුවකට විවෘත්ත කරන හෑම අවස්ථාවකම මේ කොටස මාරු කරන්න ඕන. ඊට හේතුව තමයි සාමාන්‍ය වාතයට මේ කොටස විවෘත්ත වුනාම විශාල ජලවාෂ්ප ප්‍රමාණයක් එක්ක ගැටිලා මේකේ ධාරිතාවය ඉක්මවා යාම. ඉන් පස්සෙ ආයෙ මේකේ කාර්යය සිද්ධ වෙන්නෙ නෑ.
මේක ඇතුළත තියෙන්නෙ ජල වාෂ්ප අවශෝෂනය කර ගන්නා රසායනිකයක් සහ ෆිල්ටර් කොටසක්.
✅ මේ නිසා ඒ සී පද්ධතිය නඩත්තු කටයුත්තකට විවෘත්ත කරනවා නම් ඒ අවස්ථාවේදී මේ කොටස මාරු කරන එක වැදගත්.
⚠ මේ කොටස මිලදී ගන්න පෙර ෆුල් සීල් පැක් එකක් විදියට ද තියෙන්නෙ කියලත් බලල ගන්න ඕන. බෑග් ටයිප් නම් එයාර් ෆිල් පැක් එකක් විදියට එන්නෙ. මෙටැලික් නම් කටවල් රබර් සීල් කරලා එන්නෙ. ඒවා විවෘත්ත කරලා නම් ඒවා භාවිතයට සුදුසු නෑ.
✅ වගකීමක් සහිතව ඔබගේ මෝටර් රථයේ වායුසමීකරණ දෝෂ නිරාකරණය කරගන්න එන්න.
Google Location : https://share.google/CK1YyevMz1nXHYTsV
(Ranajayapura Junction - Kekirawa)
Contact : 076 798 7963
www.sevencac.com
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
20136
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |