Promaster
30/06/2026
O/L විභාගය Next Level එකෙන් ගොඩදාන්න ඕනද? 🎓 මෙන්න රහස!
Pro Master A+ කෙටි සටහන් (Short Notes) පොත් පෙළ සමඟින් අදම ඔබේ ජයග්‍රහණය තහවුරු කරගන්න. 📚✨ 10 වසර ඉතිහාසය, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය සහ විද්‍යාව යන විෂයයන් සඳහා දැන් ලබාගත හැක.
පාඩම් වැඩ පහසු කරගෙන විභාගයට ලේසියෙන්ම ලෑස්ති වෙන්න!
🛒 අදම මිලදී ගන්න.
📞 විමසීම්: 070 727 6791
28/06/2026
අනුබුදු මිහිඳු හිමි දේශනා කල යහපත් දහම් මග නුවණින් දකින්නට හැකි වන පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා! ☸️🌸🙏
28/06/2026
🎯 සැබෑ ප්‍රතිඵල සමඟින් ඔප්පු කළ Promaster විශිෂ්ටත්වය! 📚✨
මේ පාර O/L ලියපු අපේ දුවලා පුතාලා, තමන්ගේ ජයග්‍රහණයේ සතුට අපත් එක්ක බෙදාගත්තේ මෙහෙමයි.
වාර විභාගවලට ලකුණු 40 මට්ටමේ ඉඳලා, ක්ලාස් පවා නොගිහින් Promaster Short Notes පාඩම් කරලා විද්‍යාවට A,B සාමාර්ථ ලබාගත්තු දරුවන් වගේම, බුද්ධාගම, සිංහල, ඉතිහාසය, ඉංග්‍රීසි ඇතුළු හැම විෂයකටම A සාමාර්ථ වැස්සක් ලබාගත්තු අපේ දරුවෝ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්! ❤️
🛑 ඔබත් තවමත් ප්‍රමාද නැහැ! ඊළඟ වතාවේ මේ වගේම ඉහළම ප්‍රතිඵලයකට යන්න, අදම ඔබේ Promaster Short Note Pack එක වෙන්කරවා ගන්න.
ඇනවුම් කිරීම සහා short notes කට්ටලයේ විශේෂතා පිලිබද වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකවලට ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න: 0707276791 (එක් පොතක් රු 990 සිට ලබා ගත හැක) WhatsApp link. https://wa.me/94707276791
ඔබට වෙබ් පිටුව හරහාද ඇණවුම් කල හැක- www.promaster.lk
විභාගයට යනකම්ම promaster එයාල ලඟින්ම හිටියා...
O/L ගොඩදාගන්න නම් දැන්ම Pro Level එකට Switch වෙන්න.! 🚀🔥
පොත් ගොඩවල් අස්සේ හිරවෙන්නේ නැතුව Smart විදිහට පාඩම් කරන්න අදම තෝරගන්න "Pro Master Short Notes" 📚💯
දැන්ම කතා කරන්න :
☎️ 070 727 6791
🌐 www.promaster.lk
22/06/2026
පැය ගණන් පොත් කියෙව්වත්, වැදගත් තැන් පාට කළත් (highlight), විභාග ශාලාවට ගියහම හෝ ප්‍රායෝගිකව වැඩක් කරන්න ගියහම කරුණු අමතක වෙන එක අපිට සාමාන්‍ය දෙයක්. බොහෝ දෙනෙක් හිතන්නේ මේක තමන්ගේ මතක ශක්තියේ දුර්වලතාවයක් කියලා. හැබැයි සැබෑ ප්‍රශ්නය තියෙන්නේ මතක ශක්තියේ නෙවෙයි, අපි ඉගෙන ගන්න භාවිතා කරන "ක්‍රමවේදයේ".
අධ්‍යාපනික මනෝවිද්‍යාවේ (Educational Psychology) එන ඉතාමත් ප්‍රබල සහ ප්‍රතිඵලදායී සංකල්පයක් වන "The Protégé Effect" (ප්‍රොටෙජේ ආචරණය) මඟින් පෙන්වා දෙන්නේ අපේ මොළයට තොරතුරු ධාරණය කරගැනීමේ සාම්ප්‍රදායික රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් අපූරු ක්‍රමයක් ගැනයි.
මොකක්ද මේ Protégé Effect කියන්නේ?
"Protégé" කියන ප්‍රංශ වචනයේ සරල අර්ථය වන්නේ "තමන්ගේ රැකවරණය හෝ مඟපෙන්වීම යටතේ සිටින ආධුනිකයෙක්" යන්නයි. මේ අනුව, Protégé Effect යනු "යම් විෂය කරුණක් තවත් කෙනෙකුට (ආධුනිකයෙකුට) කියා දීමේ අරමුණින් හෝ කියා දීම මඟින්, එම කරුණ තමන්ට ඉතා හොඳින් මතක සිටීමේ සහ අවබෝධ වීමේ මනෝවිද්‍යාත්මක සංකල්පයයි."
සරලවම කිව්වොත්, ඔබ ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්නවාට වඩා, "ගුරුවරයෙක්" විදිහට ඉගෙන ගන්න සූදානම් වෙනකොට ඔබේ මොළයේ ධාරිතාවය සහ ක්‍රියාකාරීත්වය කිහිප ගුණයකින් වැඩි වෙනවා. සාම්ප්‍රදායික දේශනාවලට සවන් දීමෙන් මතක හිටින්නේ 5%ක් සහ පොතක් කියවීමෙන් මතක හිටින්නේ 10%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් (Passive Learning). නමුත් ඔබ එම කරුණුම ප්‍රායෝගිකව භාවිත කිරීමෙන් (Practice doing) 75%ක මතකයක් සහ තවත් කෙනෙකුට කියා දීමෙන් (Teach others) 90%ක උපරිම මතක ධාරිතාවක් (Active Learning) ලබාගත හැකි බව පර්යේෂණාත්මකව තහවුරු වී තිබෙනවා.
"විභාගයට පාඩම් කිරීම" සහ "කියා දීමට පාඩම් කිරීම" අතර වෙනස
අපි සාමාන්‍යයෙන් විභාගයකින් පාස් වෙන්න විතරක් හිතාගෙන පාඩම් කරද්දී මොළය ක්‍රියා කරන්නේ "නිෂ්ක්‍රීය" (passive) මට්ටමකයි. එහිදී මොළය උත්සාහ කරන්නේ කරුණු ඒ විදිහටම ගිල දැමීමට (memorize) විතරයි.
නමුත් අපි මේ විෂය කොටස "ආධුනිකයෙකුට සරලවම කියා දෙන්න ඕනේ" කියන මානසිකත්වය ඔළුවේ තියාගෙන කියවන කොට, මොළයේ සංජානන ක්‍රියාවලිය (cognitive process) සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. එහිදී මොළය ස්වයංක්‍රීයවම පහත පියවරවල් ක්‍රියාත්මක කරනවා:
මූලික තර්කය සෙවීම (Finding Core Logic): සංකීර්ණ වචන අත හැර, මෙහි ඇති සැබෑ හරය කුමක්දැයි මොළය සොයන්න ගන්නවා. (මොකද අපිට තව කෙනෙක්ට සරලව කියන්න නම් අපිට ඒක සරලව වැටහෙන්න ඕනේ).
කරුණු ක්‍රමවත්ව පෙළගස්වීම (Structural Organization): කතාවක් වගේ මුල, මැද, අග ගලපා ගන්නේ කෙසේදැයි මොළය සැලසුම් කරනවා.
තමන්ගේම අඩුපාඩු හඳුනාගැනීම (Identifying Gaps): "මට මේ කොටස කෙනෙක් ඇහුවොත් හරියටම පැහැදිලි කරන්න පුළුවන්ද?" කියලා මොළය තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා. එවිට තමන්ට තවමත් නොවැටහුණු තැන් (gaps) ක්ෂණිකව මතු කරගන්න පුළුවන්.
මෙයින් මොළය තුළ සිදුවන විද්‍යාත්මක වෙනස කුමක්ද?
අපි තවත් කෙනෙකුට උගන්වන්න සූදානම් වෙද්දී අපේ මොළයේ Meta-cognition (තමන්ගේම සිතීමේ ක්‍රියාවලිය පිළිබඳව නැවත සිතීම) කියන කොටස උත්තේජනය වෙනවා. අපි තොරතුරු නිකම්ම මොළයට ඇතුළත් කරගන්නවා වෙනුවට, ඒවා නැවත පිටතට ගන්නේ කෙසේද (Retrieval) යන්න පුහුණු වෙනවා.
මීට අමතරව, තව කෙනෙක් ප්‍රශ්නයක් අසාවි යන "සමාජීය වගකීම" (social accountability) නිසා ඇතිවන සුළු ඇඩ්‍රිනලින් වර්ධනය, අවධානය උපරිම මට්ටමක පවත්වා ගන්න උදව් වෙනවා.
මෙය ප්‍රායෝගිකව අපගේ එදිනෙදා ඉගෙනීමට බද්ධ කරගන්නේ කෙසේද?
Protégé Effect එක භාවිතා කරන්න හැමතිස්සෙම අපිට ඉස්සරහින් වාඩි වෙලා ඉන්න ශිෂ්‍යයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තනිවම වුණත් මේක කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් මෙන්න:
Feynman Technique (ෆේන්මන් ක්‍රමවේදය): ඔබ ඉගෙන ගත් මාතෘකාව, වයස අවුරුදු 10ක කුඩා දරුවෙකුට කියා දෙනවා කියා සිතා සුදු කොළයක ලියන්න හෝ ශබ්ද නඟා කියන්න. එහිදී ඔබට භාවිතා කළ හැක්කේ ඉතා සරල උදාහරණ සහ සරල වචන පමණයි.
වීඩියෝවක් හෝ වොයිස් නෝට් එකක් රෙකෝඩ් කිරීම: පාඩම් කර අවසන් වූ පසු, කැමරාවක් හෝ ෆෝන් එකේ රෙකෝඩර් එක ඔන් කරලා, ඔබ ඉගෙන ගත් දේ විනාඩි 5කින් තවත් කෙනෙකුට පැහැදිලි කරනවා වගේ රෙකෝඩ් කරන්න. පසුව එය අසා බලන්න.
සරල කෙටි සටහන් (Study Guides) නිර්මාණය: "මේ විෂය ගැන කිසිම දෙයක් දන්නැති කෙනෙක්ට මේක ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් ගයිඩ් එකක් මම හැදුවොත් කොහොම තියෙයිද?" කියන සිතුවිල්ලෙන් කෙටි සටහන් සහ රූප සටහන් නිර්මාණය කරන්න.
අවසාන අදහස
ඉගෙනීම කියන්නේ පොත් ගෙඩි පිටින් කටපාඩම් කරන වෙහෙසකර ක්‍රියාවලියක් නෙවෙයි. ඔබට යම් විෂයක් සදාකාලිකව මතක තබා ගැනීමට අවශ්‍ය නම්, අදම ඔබ ඉගෙන ගන්නා භූමිකාවෙන් මිදී "උගන්වන භූමිකාවට" මාරු වන්න. The Protégé Effect කියන්නේ ඔබේ කාලය ඉතිරි කරමින්, මතකය සියයට සියයක් තහවුරු කරන සැබෑ Next-Level අධ්‍යාපන උපක්‍රමයක්.
21/06/2026
දරුවන්ගේ ජයග්‍රහණ වල සැබෑ උරුමක්කරු ඔබයි! 🏆
ලෝකයක් හැඩ කරන ආදරණීය පියවරුන්ට Promaster වෙතින් සුබ පියවරුන්ගේ දිනයක් වේවා!
17/06/2026
Promaster Short Notes පොත් කට්ටල පරිශීලනය කරමින්, O/L විභාගයට සූදානම් වන දරුවන්ගේ ලකුණු මට්ටම් ඉහළ නංවාගත් ආදරණීය දරුවන් හා දෙමාපියන් අප වෙත එවූ ආදරණීය අදහස්.....
1️⃣ දුර්වල විෂයයන් සඳහා ඉහළම ලකුණු (90+) සහතික කිරීම
"ඇත්තටම මේක ගොඩක් වටිනවා.. මාත් හරි විශ්වාසෙකින් නෙවෙයි දරුවන්ට අරන් දුන්නේ.. දැන් දෙන්නටම ඉතිහාසයට ලකුණු 90 ට වැඩියි.. සිතියම් ලකුණු කරන ඒවට සම්පූර්ණ ලකුණු ලැබිලා තිබ්බා.. ඒ දෙන්නටම අඩුම ලකුණු තිබ්බේ ඉතිහාසෙට.."
— බුද්ධික සුගතදාස මහතා
💡 විෂය කරුණු ග්‍රහණය කර ගැනීමට අපහසු සහ අවම ලකුණු මට්ටම්වල සිටින දුවා දරුවන්ට පවා, ඉතා කෙටි කලක් තුළ 90+ (A සාමාර්ථ) සීමාවට ළඟා විය හැකි ාඅකාරයට විශේෂයෙන් ලකුණු ලැබෙන සිතියම් වැනි ප්‍රායෝගික කොටස් මෙහි ඉතා නිවැරදිව ආවරණය කර ඇති බවත් මෙයින් පැහැදිලි වේ.
2️⃣ උසස් මුද්‍රණ ගුණාත්මකභාවය සහ සරල කරුණු සැකැස්ම
"විෂය කරුණු ඉතාමත් පැහැදිලිව, සංක්ෂිප්තව සහ සිසුන්ට තේරුම් ගැනීමට පහසු ආකාරයට සකස් කර තිබෙනවා... කඩදාසි වල ගුණාත්මක බවේ ඉඳන් මුද්‍රණයේ පිළිවෙල දක්වා හැමදේම සුපිරි. ඕනෑම සිසුවෙකුට O/L විභාගයට ආත්මවිශ්වාසයෙන් මුහුණ දෙන්න මේ පොත් ටික ලොකු ශක්තියක් වේවි."
— පවිත්‍රා රංගික මහත්මිය
💡 මෙහි අන්තර්ගත විෂය කරුණුවල සරල බව පමණක් නොව, පොත්වල භෞතික ප්‍රමිතිය (Premium Print & Paper Quality) ද ඉහළ මට්ටමක පවතින බැවින්, එය සිසුන්ගේ කියවීමේ රුචිකත්වය සහ ආත්මවිශ්වාසය වර්ධනය කිරීමට සෘජුවම දායක වන බව තහවුරු කරයි.
3️⃣ ක්‍රමවත් සහ ක්‍රියාමාර්ගික මතක තබා ගැනීමේ රටාව
"දැක්ක ගමන් දරුවන්ට ආසාවෙන් මතක තියාගන්න පුළුවන් හරිම පිළිවෙලට පැහැදිලිව තියෙනවා. පාඩමෙන් පාඩමට කරුණු පැහැදිලි කර තියෙනවා. විශ්වාසයෙන් ගන්න පුළුවන්. Thank you ❤️❤️"
— ජෙනී ඉමැනුවෙල් මහත්මිය
💡ප්විෂය කරුණු කටපාඩම් කිරීම වෙනුවට, ක්‍රමවත් සහ පිළිවෙලකට සැකසූ කෙටි සටහන් මඟින් දරුවන්ට දීර්ඝ විෂය නිර්දේශයන් ඉතා පහසුවෙන් මතක තබා ගැනීමට ඇති හැකියාව මෙයින් පෙන්වා දෙයි.
4️⃣දැරිය හැකි මිල සහ උපරිම වටිනාකම (Value for Money)
"මෙම පොත් කට්ටලය මූල්‍යමය අතින් අපහසු, උපකාරක පන්ති වලට පවා යාමට නොහැකි දරුවන් වෙනුවෙන් ඔබ ලබාදෙන්නාවූ, මෙයට ගෙවන මුදලට වඩා අතිශයින්ම වටිනා සම්පතකි. ඔබ ආයතනය දිනෙන් දින දියුණු වේවා!"
— ශෂිප්‍රභා දේවසිංහ මහත්මිය
✅අධික පිරිවැයක් දරමින් උපකාරක පන්ති වෙත යොමු වීමට නොහැකි දරුවන්ට පවා ස්වයං අධ්‍යයනයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීම සහ මෙය වැය කරන මුදලට වඩා කිහිප ගුණයක වටිනාකමක් ගෙන දෙන ආයෝජනයක් බව පැහැදිලි කරයි.
🎯 ඇයි ඔබත් Promaster SMART තේරීම කළ යුත්තේ?
✅කාල කළමනාකරණය (Time Efficiency): විභාගය ආසන්නයේ මුළු විෂය නිර්දේශයම කියවීමට වැය වන කාලය අවම කර, වැදගත්ම කරුණු පමණක් කේන්ද්‍රගත කර ඇත.
A+ සාර්ථකත්වය: 10 සහ 11 ශ්‍රේණිවල ඉතිහාසය, විද්‍යාව ඇතුළු ප්‍රධාන විෂයයන් සඳහා
විෂය නිර්දේශයට අනුකූලව සකස් කර තිබීම.
විශ්වසනීයත්වය: දිවයින පුරා දහස් සංඛ්‍යාත දෙමාපියන්ගේ සහ දරුවන්ගේ අසන්නට ලැබෙන ප්‍රශංසනීය ප්‍රතිචාර.
📬 ඔබේ දරුවාගේ O/L සිහිනය සැබෑ කරවීමට, ප්‍රොමාස්ටර් (Promaster) නිල පොත් කට්ටලය අදම වෙන්කරවා ගන්න.
ඇනවුම් කිරීම සහා short notes කට්ටලයේ විශේෂතා පිලිබද වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකවලට ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් යොමු කරන්න.
අමතන්න: 0707276791 (එක් පොතක් රු 990 සිට ලබා ගත හැක)
WhatsApp link. https://wa.me/94707276791
ඔබට වෙබ් පිටුව හරහාද ඇණවුම් කල හැක- www.promaster.lk
සාහිත්‍යය කියන්නේ කටපාඩම් කරන විෂයයක් නෙවෙයි, විඳින විෂයයක්! 📚✨
O/L සිලබස් එකේ තියෙන හැම වැදගත් කරුණක්ම අකුරක් නෑර, ලස්සනට, මතක හිටින විදිහට කෙටි කරලා හදපු Pro Master Short Note Pack එක දැන් ඔයාට ලබාගන්න පුළුවන්. 📘
මහන්සි නොවී Smart විදිහට A9 ක් දාන්න මේ Short Note පැක් එක හොඳටම ඇති.! 🏆🔥
අච්චු පොත් පැත්තකින් තියලා, Smart විදිහට පාඩම් කරන්න අදම ඔයාගේ පැක් එක Order කරගන්න. 🛍️👇
📌 මිලදී ගැනීමට සහ විස්තර සඳහා දැන්ම Message එකක් දාන්න :
📲 070 7276791
🌐 www.promaster.lk
12/06/2026
එබින්හවුස්ගේ අමතකවීමේ වක්‍රය (Forgetting Curve) කියන්නේ පාඩම් කරන ළමයෙකුට වගේම, අධ්‍යාපනික වීඩියෝ බලන ඕනෑම කෙනෙකුට තමන්ගේ මතකය ක්‍රියා කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න තියෙන වැදගත්ම සිද්ධාන්තයයි.
කැලෑ පාරේ උපමාව (The Jungle Path Analogy
අමතකවීමේ වක්‍රය ළමයින්ට තේරුම් කරලා දෙන්න පුළුවන් ලස්සනම උපමාව තමයි "කැලෑ පාරක උපමාව"
පළමු වරට පාඩම් කිරීම (පාර කැපීම): ඔයා අලුත් පාඩමක් ඉගෙන ගන්නවා කියන්නේ ඝන කැලෑවක් මැදින් එක පාරක් ඇවිදලා පොඩි අඩිපාරක් හදනවා වගේ වැඩක්
නැවත නොබැලීම (පාර වැසී යාම): ඔයා ඒ පාරෙන් ආයේ යන්නේ නැතුව සතියක් විතර හිටියොත්, වැල් සහ තණකොළ වැවිලා අර හදපු අඩිපාර සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. අමතකවීමේ වක්‍රයෙන් වෙන්නේ මෙන්න මේ දේයි
Spaced Repetition (පාර ස්ථිර වීම): හැබැයි ඔයා පාර වහන්න ඉඩ දෙන්නේ නැතුව, ඊළඟ දවසෙත් ඒ පාරෙන් යනවා. ඊට පස්සේ දවස් 3කින් යනවා. ඊට පස්සේ සතියකින් යනවා. ඔන්න දැන් අර තණකොළ වැවෙන්න වෙලාවක් නැති නිසා අඩිපාර ලොකු පාරක් (Highway එකක්) බවට පත් වෙනවා. අන්න ඒ වගේ මොළයේ මතකය ස්ථිර වෙනවා.
මතකය දියවී යන බිහිසුණු වේගය (The Statistics
නැවත මතක් නොකළහොත් අපේ මොළයෙන් තොරතුරු මැකී යන ආකාරය මිනිත්තු සහ දින අනුව මෙන්න:
පාඩම් කර අවසන් වූ ක්ෂණිකව: මතකය 100%ක්ම තිබේ. (දේශනය හෝ පාඩම අසා අවසන් වූ මොහොත).
විනාඩි 20කට පසු: මතකය 58% දක්වා අඩු වේ. (දන්නෙම නැතුව පාඩමෙන් 42%ක්ම මොළයෙන් ඩිලීට් කරලා අවසන්ය).
පැයකට පසු: මතකයේ ඉතිරි වන්නේ 44%ක් විතරයි. (පැයක් යද්දීම බාගෙකට වඩා අමතක වී යයි).
දින 1කට (පැය 24කට) පසු: මතකය 33% දක්වා බහියි. (ඊයේ පාඩම් කරපු දෙයින් අද ඉතිරි වෙන්නේ තුනෙන් එකක් පමණි).
දින 6කට පසු: මතකයේ ඉතිරි වන්නේ 25%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණි. (හතරෙන් තුනක්ම අමතක නිසා මේ වෙද්දී නැවත මුල ඉඳන්ම පාඩම් කරන්න සිද්ධ වේ).
🧠 මොළය මෙච්චර ඉක්මනට අමතක කරන්නේ ඇයි?
කාර්යක්ෂමතාව රැකගැනීම: මොළය අමතක කරන්නේ කම්මැලිකම නිසා නෙවෙයි, තමන්ගේ ධාරිතාවය සහ ශක්තිය රැකගන්නයි.
අනවශ්‍ය දේ Delete කිරීම: දවස පුරා දකින, අහන හැම කුණුකන්දලක්ම (පාරේ දැකපු වාහන අංක, මිනිස්සුන්ගේ මූණු) මතක තියාගන්න ගියොත් මොළය Crash වෙනවා.
වැදගත්කම තීරණය කිරීම: මොළය කරන්නේ "නැවත පාවිච්චි නොකරන" හැමදේම අනවශ්‍යයි කියලා හිතලා ඔටෝමැටික් ඩිලීට් කරලා දාන එකයි.
🛠️ Spaced Repetition මගින් වක්‍රය "HACK" කරන්නේ මෙහෙමයි
අපි පූර්ව සැලසුමකට අනුව රිවිෂන් එකක් (Review) කරන හැම පාරකම, අර පහළට වැටෙන අමතකවීමේ වක්‍රය නැවතත් 100% දක්වා ඉහළට එසවෙනවා.
Review 1 (පැය 24න්):
මොළය තොරතුරු Delete කරන්න පටන් ගන්න කොටම අපි නැවත මතක් කරනවා. එතකොට මොළය හිතනවා "ආ... මේක ඊයෙත් බැලුවා, අදත් බලනවා. ඒ කියන්නේ මේක වැදගත් එකක්" කියලා. දැන් වක්‍රය පහළ වැටෙන වේගය අඩු වෙනවා
Review 2 (දින 7කින්):
දැන් සතියකට පස්සේ බලද්දී වක්‍රය කලින් වගේ වේගයෙන් පහළ වැටෙන්නේ නැහැ. හෙමින් තමයි අමතක වෙන්නේ
Review 3 (දින 30කින්):
මාසෙකට පස්සේ බලද්දී වක්‍රය සම්පූර්ණයෙන්ම "Flat" හෙවත් සමතලා වෙනවා. ඒ කියන්නේ තොරතුර කෙටි කාලීන මතකයෙන් (Working Memory) ගැලවිලා දිගු කාලීන මතකයට (Long-term Memory) ගිහින් ඉවරයි.
"විභාග ජයගන්න ඕනේ කරන්නේ පැය 24ම නිදිමරාගෙන මහන්සි වෙන එක නෙවෙයි; මොළය වැඩ කරන විද්‍යාව හඳුනාගෙන, නිවැරදි උපක්‍රම පාවිච්චි කරලා 'ස්මාර්ට්' විදිහට වැඩ කරන එකයි."
අපේ මොළය ස්වභාවිකවම දේවල් අමතක කරන්න දක්ෂයි. හැබැයි ඔයා දැන් ඒ අමතකවීම පරද්දන රහස හොඳින්ම දන්නවා. ඒ නිසා, විභාගය ලං වෙලා එක රැයකින් මුළු සිලබස් එකම ඔළුවට දාගන්න ගිහින් විභාග ශාලාවේදී අසරණ වෙනවා වෙනුවට, අද ඉඳන්ම Spaced Repetition ක්‍රමයට ඔයාගේ පාඩම් වැඩ සැලසුම් කරලා බලන්න.
අර අමතක වී යන කැලෑ පාර, කිසිදා නොමැකෙන සුපිරි Highway එකක් කරගන්න එක දැන් ඔයාගේ අතේ!
08/06/2026
විභාගෙ ලං වෙද්දි අච්චු පොත් කන්ද දැකලා ඔයාගෙත් ඔළුව අවුල් වෙනවද.? 🤯📉
එහෙනම් තවදුරටත් පිටු සිය ගණන් තියෙන අච්චු පොත් කියව කියව කාලේ නාස්ති කරන්න ඕන නෑ.! 🙅♂️⏳
O/L සිලබස් එකේ තියෙන හැම වැදගත් කරුණක්ම අකුරක් නෑර, ලස්සනට, මතක හිටින විදිහට කෙටි කරලා හදපු Pro Master Short Note Pack එක දැන් ඔයාට ලබාගන්න පුළුවන්. 📘
මහන්සි නොවී Smart විදිහට A9 ක් දාන්න මේ Short Note පැක් එක හොඳටම ඇති.! 🏆🔥
අච්චු පොත් පැත්තකින් තියලා, Smart විදිහට පාඩම් කරන්න අදම ඔයාගේ පැක් එක Order කරගන්න. 🛍️👇
📌 මිලදී ගැනීමට සහ විස්තර සඳහා දැන්ම Message එකක් දාන්න :
📲 070 7276791
🌐 www.promaster.lk
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandana
11320
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 08:30 - 17:00 |