Hello

Hello

Share

07/06/2025

====== ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ කුමාරී... ======
- හෙලෝ සුමනෙ
+ හෙලෝ හෙලෝ .. ශිලා කෝමද ඔයාට..
- වරදක් නැ සුමනෙ.. මම හොදින් ඉන්නව ඔයාට කොම්ද..
+ මටත් වරදක් නැ ශීලා දන්නැද්ද ඉති්න් වැඩ තමා වැඩි..
- එත් වැඩ වැඩ කියල ඇයි සුමනෙ ඔයා මට මෙහෙම කරන්නෙ දුක නැද්ද මං ගැන.
+ ඇයි ශීලා මම මොනවද කලේ..
- ඔයා මාව දාල ගියානෙ සුමනෙ...
+ මම ?? මම නෙවේ ඔයානෙ ශිලා අර සිරිදාස එක්ක පැනල ගියේ.
- ඒ ඉතින් ඔයා මාව දාල ගිය නිසානෙ සුමනෙ.. ඒ කෝම වුනත් මගේ ආදරේ තාමත් ඔයාට එහෙමමයි සුමනේ.. මට ඒක දරාගන්න බැ අයියෝ..
+ බෑ ශීලා මම දැන් හිත හදාගෙන ඉවරයි.. ඔයත් දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දෙන්න ගැන හිතන්න ශීලා
- බෑ සුමනෙ බැ මට මම එනව ඔයා ලගට ළමයි දෙන්නවත් අරන් ඔයා මාවයි මගේ ළමයි දෙන්නව ආදරෙන් බලාගන්නව නේද සුමනෙ
+ බෑනේ ශිලා මාත් දැන් වෙනකෙනෙක් බදින්න යන්නෙ.. මම එයාට වචනෙ දීල ඉවරයි ශීලා දැන් ඔයා පරක්කුයි රත්තරන්.
- ඇයි දෙයියෝ මාව පණපිටින් මරන්න හද්නනෙ. ඇයි මට මෙහෙම දුක් දෙන්නෙ.. මම ඔයාට කොච්චර ආදරේද
+ වැඩක් නැනෙ දැන් ඔයා කොච්චර කිවුවත් ඔයාට ඒ දවසවල පිට මිනිස්සු ලොකු වුනානෙ ශීලා. ඔයා මාව ගනන් ගත්තෙ නැනෙ..
- අනේ නැ රත්නෙ..
+ රත්නෙ ?? කවුද යකෝ ඒ මම සුමනෙ..
- ආහ් සොරි සොරි පොඩ්ක් චරිත පැටලුනා ඇ.. ඒක කපා හරින්න හොද අයියනෙ..
+ හ්ම්
- ඔන්න ආයෙ ටේක් එක ඇ..අනේ නැ සුමනෙ මම දෙමපියො කිවුවදේනෙ කලේ. ඒ නැත්තං මම ඔයාට කොච්චර ආදරේද ඔයා දන්නවනෙ.. අන්තිමට මට සිද්ද වුනේ දරුවො දෙන්නත් එක්කපාරට බහින්න සුමනෙ. ඒ මිනිහ මාව දාල ගියා සුමනෙ..
+ යකෝ ඒකට දැන් මම පලිද ?
- මට උදවු කරන්න සුමනෙ ඔයා මට ආදරේ නැද්ද පොඩ්ඩක්වත්.
+ හ්ම් .. මම ඔයාට ආදරෙයි ශීලා ගොඩාක්. ඒ වෙනුවෙන් මම මට කරන් පුලුවන් උපරිම දේ කලා..
- ඒ මොක්කද
+ මම ආදරේ මගේ ආදරේ ගැන සින්දුවක් ලිවුව ශීලා..
- මොකක් ? මොනවද අප්ප ආදරේ වෙනුවෙන් සින්දුවක් ලියන එකද වටින්නෙ කෝ දැන් ඒක.
+ මම රට යන්න කලින් ඒක ගෘෘප් එකකට දුන්න ඒ අය ඒක ෆිල්ම් එකකට දැම්ම...
- කෝ වදේ ඉතින්
+ ඇයි අනේ අර තියේනනෙ ශීල .. ශීල.. හේ.. ශීල ශීල හෝ.. කියල සින්දුවක් අන්න ඒක
- මොනවද අනේ ලියන එකේ ලස්සන එක්ක ලියන්නෙපැයි හරක් එලවනව වගේ එකක් ලියන්නෙ. ඔවු ඉතින් අපි ගැන තමා ලියවෙන්නෙ නැත්තෙ.
+ අනේ නැ මම ඔයා ගැන හිතල මයි ලිවුවෙ ඉතින්....
- අයියෝ.. බැනේ සුදු අයිය. ඔයා මගේ මූඩ් එක කැවනෙ මේ සින්දුවක් කියල. බලන්න මම කොච්චර ලස්සනට ඇක්ට් කලාද ශීලා විදියට නේද ?
+ ඇයි මම ? කොච්චර හොදද සුමනෙ විදියට..
- මම කියන්නද අපි දෙන්න ඉස්සර අර ඔයා කලා වගේ රේඩියෝ වැඩසටහන පටන් ගමු..
+ මොකකද් ? “ සුමනේ ඇන්ඩ් ශීලා“ කියලද ?
- ඔකනෙ ඉතින් ඔයාට විහිළු හැමදෙයක්ම ඔන් නැ.
+ හා දැන් මොකෝ මේ නිවාඩු දවසෙ එක පාරටම ශීලෙක් පටන් ගත්තෙ.
- මෙහෙමනෙ සුමනෙ. මම බලන්නෝන ඔයාව මට ගැල පෙනවද කියල. ඉතින් මගේ මේ තියෙන පොඩි පොඩි මොංගල් පාට් වලට සෙට් වෙනවනම් විතරනෙ මම ඔයාව බදින්නෙ. නැත්තං ඊට කලින් ඩිවෝ්ස් එක දෙනව.
+ ආහ් දැන් මොකෝ ශීලා ගැලපුනාද ?
- අන්න ඒකනෙ අවුල අප්ප . මම කරන කරන ගොං වැඩේ ඔයාට තේරිලා ඔයා ඒ විදියට ඇක්ට් කරනවනෙ. ඒ නිසා දැනට මම කැමතියිලු.
+ හ්ම් මොනව කරන්නද ඒක ඉතින් මගේ ගොං කමනෙ..
- හරි මම තියල ආයෙ ගන්නව.. ඒතකොට චරිත දෙක වෙනස් ඇ. බලමු ඔයාට පුලුවන්ද කියල ඒකත් රගපාන්න මාත් එක්ක..
+ හ්ම්.. උඹ කෝමත් මාව නටවන එක තමා කරන්නෙ...
- හරී... ටටා..... බායි.. ආදරෙන් ඉන්ඩ ඇ...
================================
බැලු බැලු හැමතැනම සිහිනෙන් වාගේ..
සැඟවුනු සේයාවන් මදෙසේ ඇඳේ..
සුළඟේ පාවී.. මගෙ ගී යාවී..
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මාගේ..
මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
ලොවම නැවතිලා නිහඬයි වාගේ..
තනිකම පාළුව දැවටී හදේ..
දුරකථනයකින් ඔබ අමතාවී..
සිතමින් ඉන්නෙමි තනි ලෝකයේ..
මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
( තනිවූ යහනට එනවිට.. තවමත් ඔබේ සුවඳ දැනේ මට..
සිහිනෙන් ඔබේ රුව දැකගන්නවත්.. වරම් ලැබේද මට.. )
ඔබෙ ලස්සන ඇස්දෙක වෙනෙකෙකු හට ලැදි වෙන්න එපා..
ඒවීදෝ.. ඒවීදෝ.. ඒවීදෝ.. මාගේ කුමාරී...
මා හට සැරවීලා (හෙයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා හද බැඳි ආදරේ..
තනිවීලා (හෙයි..) මා ඉන්නේ කෙලෙසේ..
ඒවීදෝ මාගේ කුමාරී...
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (ඔබ යලි ඒවීදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඕ.. ඕ.. ඕ.. ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ.. (මා සැමදා තනිවේදෝ)
ශීලා ශීලා හේ.. ශීලා ශීලා හෝ..
ඒවීදෝ මාගේ කුමාරී...
=========== ගායනය - ජය ශ්‍රී
#කුරුළු

03/06/2025

ජීවිතේ මහ පුදුමයි..
එකක් තවෙකෙකට වඩා ගොඩක් වෙනස්..
කෙනෙක් තව කෙනෙක්ට වඩා ගොඩක් වෙනස්..
සමහර වෙලාවට අපිට හිතාගන්නවත් බැරි තරම් වෙනස්...
“පහනක් පත්තු කරාට පස්සෙ ඒ දැල්ල පවතිනකම් ආලෝකය තියේවි.. පහනෙන් විය යුතු කාර්යය සිදුවෙන්නෙ පහන දැල්විලා තියෙනකම් විතරයි..
ඒත් ඒත් එක්කම අපි දල්වන හඳුන්කූරෙ දැල්ල නිවිල ගියාම තමා සුවඳ දුම්පිට වෙන්න පටන් ගන්නෙ... දැල්ල නිවුනාමයි හඳුන්කූරක අගය තියෙන්නෙ..! එහෙම නැතිනම් නිකංම්ම මුලු කූරම පිච්චිලා යාවි..
ඒත් අපි අපේ ජීවිතේදි ඒ නොගැලපෙන වෙනස්කම් ගලපගන්න උත්සාහ කරනව..
අපි ඉර එලිය වැටෙනවට එහෙමත් නැතිනම් දවල් වරුවක හොදට ඉර එලිය තියෙන වෙලාවට අහසින් ආලෝකය පොලවට වැටෙන වෙලාවට කියනව අවුව පායලා එහෙම නැතිනම් ඉර පායලා කියල...
ඒත් අපි අහසින් වතුර පොලවට වැටෙන වෙලාවට “ වහිනව කියල..“ ඒ වගෙම ඒ වතුර නවතින කොට කියනව වැස්ස පෑවුව කියල..
එතකොට අවුවයි වැස්සයි පායන්නෙ එකම වෙලාවක වෙන්නත් පුලුවන්!
දවල් වරුවක නම් වැස්ස පායනව කියන්නෙ අවුව පායනව කියන එක වෙන්නත් පුලුවන්..
මිනිස්සුන්ට ඇස් දෙකක් තියෙන්නෙ දකින්න සහ බලන්න.. දකිනව කියන එක මොළය සහ හදවත වෙනුවෙනුත් යොදා ගන්න පුලුවන්. මිනිස්සුන්ට කණ් දෙකක් ලැබෙන්නෙ ඇහුම්කම් දෙන්න අහන්න. අහනව කියන මොළය සහ එක හදවතට සම්බන්ධ කරන්නත් පුලුවන්. දිවක් තියෙන්නෙ රස විදින්න.. ඒකත් හදවතට සහ මොලයත් එක්ක සම්බන්ධ කරන්න පුලුවන්. එහෙම බැලුවාම හදවතයි මොළයයි එක්ක මේ හැම දෙයක් එක්ක ම සම්බන්ධයි.. මොකද ඒ ඓන්ද්‍රියන් වලින් ගන්න සෑම සංවේදනයක්ම සම්බන්ද වෙන්නෙ හදවතට සහ මොළයට නිසා..
හැබැයි. සමහරු කියනව - කණ තියල බලන්න කියල නැතිනම් අහල.. බලන්න කියල .
කඳුල කියන්නෙ දුකේ සංකේතයක් ලු සිනහව කියන්නෙ සන්තෝෂයේ සලකුණක්ලු .. ඒත් අපි ගොඩාක් හිනා වුනාම අන්තිමට අපිට කඳුුලු එනව... ඒ කිය්නනෙ සතුටේ උපරිමය... සතුටේ උපරිමයත් කඳුලක් ..!
මතක තියාගන්න දුකේත් - සතුටේත් උපරිමය “ කඳුල “ බව !!
ඒකයි බුද්ධ කිය්නනෙ මධ්‍යස්ථ වෙන්න කියල
මේ එදිනෙදා තියෙන වෙනස් කම් මැද්දෙ අපි අපිට ඕන ලෝකයක් හදාගෙන අපි තනි තනිව ජීවත් වෙන්ව.. යාන්තං හරි අපේ ලෝකෙට ගැලපෙන කෙනෙක් දැක්කාම අපි ඒ කෙනාව අපේ ජීවිතයට ඈඳා ගන්නව නොගැල පෙන්නනම් අතාරිනව..
ඇත්තටම මේ ගැලපීම් ගලපගන්නා දරන උත්සාහය ඇතුලෙ මිනිස්සු වයසට යනව.. ඒකට කියනව අපි ජීවත් වෙනව කියල.. මට දකින විදියට ඇත්තමට ජීවත් වුණ එකම මනුස්සයා බුද්ධ විතරයි !!!
අපි තාම ජීවත් වෙන්න හදනව.... එක්කො වෙනස් කම් වෙනස් කරන්න හදනව නැති නම් ඒවාට අනුවර්ථනය වෙන්න හදනව.
ජීවිතේ වෙනස් දේවල් එක්ක වෙනස් වෙනකොට හරි අපූර්වත්වයක් දැනෙනවා. අපූර්ව කියල කිය්නනෙ පෙර නොවූ විරු කියන එකට.. ඒ හැගීම් ලැබෙන්නෙ අපි ජීවිතේ ගලප ගන්න ආකාරයට. වෙනස් වීම ගලපගන්න ඕන බාහිර සමාජයෙන් නෙවේ අපි ඇතුලතින්මයි. මොකද !
“ බිත්තරයක් පිටිතන් බින්ඳොත් එතැන තියේනනෙ මරණයක් - එත් ඇතුලතින් බිඳගෙන එලියට ආවෝත් එතැන ජීවිතයක් .. !!!!
එන්න කියවල - බලන්න ජීවිතය - ඒක පුංචි ආරාධනාවක් !
මැරෙන කල් ජීවත් වෙන මිනිස්සුන්ට නෙවේ - මැරි මැරි ජීවත් වෙන මිනිස්සු්ට සහ ජීවත් වීම වෙනුවෙන් මැරෙන මිනිස්සුන්ට !.
එන්න හුස්ම වැටෙනවට ජීවත් නොවී ජීවත් වෙන්න හුස්මක් ගමු ..!!!

#කුරුළු

02/06/2025

=== ලොවම සසලව බලා සිටියාවේ ===
=============යලිදු අප හද ලංවෙලා..======
- ගුඩ් මෝනින් පැටියාහ්
+ යේස් වෙරි ගුඩ් මෝනින්. හැබැයි මට නං දැං මෝනින් වෙලා සෑහෙන වෙලා, වෙලා...
- හෑ.. ඒ මොකක්ද අනේ .. වෙලා වෙලා වෙලා...
+ මෝනින් වෙලා, සෑහෙන වෙලා, වෙලා.. ! මම හිතුව ඔයත් නැගිටල ඇති කියල
- ම් මාත් උදේම නැගිට්ටා.. බුල් ට කෑම ටික දීල එයත් එක්ක ටිකක් දුවල වටේම ආයේ ඇවිත් ඇදේ වාඩි වුනා
+ ඉතින් එහෙනං දැන් මෝනින් කියන්නේ
- ඉන්ඩකො. මෙහ් මගේ ඇදේ ඉන්නවද කොහද බූතයෙක්.. මම වාඩි වුනා විතරයි මෙහෙක් කරද්දි මට නින්ද ගියා කියන්ඩකො...
+ අහ් ඇත්තද? මම හිතුව බැන්දට පස්සෙ කියයි කියල..
- මොකක්ද ?
+ මගේ ඇදේ බූතයෙක් නිදි මට නිදියන්න දෙන්නේ නැ කියල.. හිකිස්
- ආහ් ඒවුවට බය වෙන්ඩ එපා මල්ලී.. දෙන්නෙ පයින් බිමට වැටෙන්ඩ. මෙහ් මම නැගිට්ට කිවුවට ඔෆිෂියල් නැගිට්ටෙ නැ අනෙ තාම
+ අම්මට සිරි එහෙමත් නැගිටීමක් තියෙනවද ?
- නැතුව.. තාම ඇඳේ පෙරලි පෙරලි හිඳිම්.. බිමට බැහැල අඩිය තියන්කං ඔෆීෂියලි නැගිටලා නැ මම
+ හා හරි මං දෙන්නං මගේ ගානෙ වතුර වීදුරවක්
- ආනේ කට හෝදගන්නද ?
+ නැ නැ ඔලුවෙ හලන්නං එතකොට නැගිටියිනේ..
- මෙහ් එන්ඩ එපා හරිද කුරිරු වෙන්න අහිංසක කුමාරිකාවන්ට.. ඒයි මේ.. ෂ්
+ මොකෝ..
- මාව වඩාගෙන යන්න බැරිද කුස්සිය වෙනකං
+ මල කෝලං
- ආං.. තේ එක නැ හරිද ?
+ අම්මේහ් කෝ එන්න සුදු පැටියා මගේ නගින්න ලුනු ගෙනියන්නං මං..
- ඔන්න මං කරේ.. හුරේ.. ජහ් ජහ් ජහ්..
+ ඇයි මං හරකෙක් කියල හිතුවද ?
- නැ නැ ඉතිං ලයිවු තියෙන්ඩ එපැයි මේක.. මේ කුස්සියට යනකොට ඇඳේ ඉදන් කෙලින්ම සාලේ හරහා යන්න බැ.. උදේට ඒක වන් වේ..
+ එහෙනං.. ?
- ඔයාට එලියට ගිහින් ගේ වටෙන් එන්න වෙනව එලියෙ කාමරෙන් ඇතුලට ඇවිල්ල එතැනින් අපිට වමට දාල කුස්සියට එන්න පුලුවන්
+ මේක මම කිවුවෙ මුලදිම , කෝලමක් කියල අතාරිනව බිම දැං..
- එපා...... උදේ පාන්දර ගුටිකන්ඩ එපා අයියා...
+ එහෙනං බහින්ඩ නංගි කරෙන්..
- මේහ් ඒක නෙවයි ඔයා බැලුවද අර සප්‍රයිස් එක අර විඩියෝවේ..
+ හ්ම්..
- අනෙ මාවත් එහෙම කරන්නකෝ
+ ඒ මොකෝ ...
- මොකෝ අහන්නේ.. මාත් ආසයි එහෙම සප්‍රයිස් වෙන්න...
+ මල කෝලං..මට බැ අනේ ඔවුව.. බොරු වැඩ.. අනික ඉතින් අපි කරන වැඩ ඉතින් කෝමත් සප්‍රයිස් තමා නංගී
- අපෝයි ඔවු උන්නද මලාද බලන්නේ නැ, මට තෑග්ගක් අරං දෙන්නැ, කොහෙවත් එක්කං යන්නේ නැ එහෙවු එකේ ඉතින් ඔයා කෝල් එකක් ගත්තං මං සප්රා....යිස් තමා.. හ්හු
+ අන්නේකනේ නංගි කිවුවේ අනික ඔවුව හෙන බොරු.. ඔයා බලල තියෙනවද නෙට් එකේ තියෙන වෙඩින් සප්‍රයිස් ඩාන්ස්.
- ඔවු..
+ එවුවයෙ මුලදි අර දෙවැනි මනමාලියෝ ටික නටද්දි මනමාලි ඔලුවෙ අත ගහගෙන, කට වහගෙන හෙන පුදුමෙන් බලන් ඉන්නව සමහරු කදුලුත් පිහිනව
- ඉතින් සප්‍රයිස්නේ..
+ හහ් හහ් හ්හ සප්‍රයිස් තමා , මෙන්න බොලේ ටික වෙලාවක් යනකොට මනමාලි නැගිටල ගිහින් අරුන් එක්කම නටනව ඒ ස්ටෙප් ද දා.... හහ් හහ් හහ් හහ් කැමරාවට පෙන්න බොරු වැඩ..
- අපෝ නපුරා.. ඔන නැ මට සප්‍රයිස්.. හ්හ
+ හරි හරි ඉන්නකො මමත් ඔයාව එක්කං ගිහින් මගදි ඇස් වහනව හැබැයි රෙදි කෑල්ලකින්.. ඊට ප්සසෙ තව දුර දුර දුර එක්කං යනවා..
- අන්න හරි අන්න හරි .. මම ආසම තැනකට හරි එහෙම එක්කං යන්න මම ඇස් පියාගෙනම ඉන්නං..
+ නැ නැ.. පාලු පැත්තකට ගෙනිහින් මම ඇත ඉදන් කියනව ඇස් ලෙහන්ඩෝ කියල. එහෙම කියල මම රෑං ගාල කාර් එකේ එනව ඔයාව දාල.... සප්රා.......යිස්......
- මම තියනව බායි...
+ හහ් හහ් හහ් විහිලු හොදේ... ටටා දැං නැගිටින්න ඇදෙන් . ආදරෙන් ඉන්න සුදු නංගි..
- නපුරා...
#කුරුළු
===================
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා...
ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා...
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා...
සිහිනයකි ඔබ...//
යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා...
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා...
හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා...
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා...
ගායනය - නිරංජලා සරෝජිනී, බණ්ඩාර අතාවුද
සංගීතය - එච්.එම් ජයවර්ධන
ගී පද - කුසුම් පීරිස්

Want your public figure to be the top-listed Public Figure in Kaduwela?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Kaduwela
Kaduwela