Homagama Divisional Secretariat

Homagama Divisional Secretariat

Share

Photos from Homagama Divisional Secretariat's post 24/03/2026

රූපලාවන්‍ය ශිල්පීන්ගේ වෘත්තීය සංවර්ධන වැඩසටහන- 2වන අදියර........
RPL ක්‍රමවේදයට අනුව NVQ සහතිකයක් ලබාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ මෙම වැඩසටහන 2026-03-19වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහිදී, රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළ ප්‍රායෝගික පුහුණුව (පේෂල්) ප්‍රතිලාභීන් 54 දෙනෙකු වෙත ලබාදෙන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය නියෝජනය කරමින් බිමායා මධුෂානි මිය සහ පරීක්ෂක Hair, Beauty Bridal Instructor TVEC Assessor, නෙතලි අනෝමා කොළඹගේ මිය විසින් ලබාදෙන ලදී.

17/02/2026

ජනාධිපති අරමුදලින් ස්වයං රැකියා උපකරණ ලබාදීම - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ජනාධිපති අරමුදලේ වෙනත් සේවා යටතේ කොළඹ දිස්ත්‍රික් නියෝජනයේ ප්‍රථම ස්වයං රැකියා උපකරණය වශයෙන් හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 481 - හබරකඩ උතුර වසමේ පදිංචි ඩී.එස්.එස්.දහනායක මිය වෙත රු.125,825ක් වටිනා නූල් 5 ඕවර්ලොක් මැෂිමක් ප්‍රදානය කිරීම හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ ගරු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් 2026.02.16 දින කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා හබරකඩ උතුර වසමේ ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි සහභාගි විය.

Want your public figure to be the top-listed Public Figure in Homagama?
Click here to claim your Sponsored Listing.

Address

Court Road
Homagama
10200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15