Phinla - SVSL

Phinla - SVSL

Share

18/03/2022

2022.03.08 වැනි අඟහරුවාදා දින #ලංකාදීප පුවත් පතේ පළ වූ සටහනක්..

(වර්ල්ඩ් විෂන් ලංකා සහ සෙවණත නාගරික සම්පත් මධ්‍යස්ථානය යන ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ෆින්ලා ගෝලීය කසළ කළමනාකරණ ව්‍යාපෘතිය හරහා ජා-ඇල ප්‍රදේශයේ ක්‍රියාත්මකව පවතින ජා-ඇල හරිත එක් රැස් කරන්න්ගේ සංවිධානය මඟින් 2022.02.16 නවම් පොහෝ දින ක්‍රියාත්මක කරනු ලැබූ "පොදු ස්ථාන හරිතකරණයට ලක් කිරීමේ දෙවන ප්‍රයත්නය" පිළිබඳ ලංකාදීප පුවත්පතේ පළ වූ පුවත්පත් සටහන..)

*වල්පොල වැව රක්ෂිතය පිරිසිදු කරන්න ස්වේච්ඡා සංවිධානයකින් වැඩට බසී.*

ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්පොල වැව අවට රක්ෂිතය සුද්ධ පවිත්‍ර කරමින් වැව ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක් ජා-ඇල හරිත එක්රැස් කරන්නන්ගේ සුභසාධක සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

විවිධ පුද්ගලයන් විසින් වැව අවට පරිසරය හා වැව විනාශ වන අයුරින් බැහැර කර තිබූ ප්ලාස්ටික්, පොලිතීන්, බෝතල් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ අනුව ඉවත් කිරීමට ජා-ඇල හරිත එක්රැස් කරන්නන්ගේ සුභසාධක සමිතියේ සාමාජික සාමාජිකාවන් විසිපහක පමණ පිරිසක් කටයුතු කරනු ලැබූහ.
අලංකාර සීමා මාලකයක් ද ඇති වල්පොළ වැව හා අවට පරිසරය අපද්‍රව්‍ය හේතුවෙන් විනාශ වීම ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ කණගාටුවට හේතුවක් වී තිබිණි. පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් වැව විනාශ වෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

වල්පොල වැව අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජා-ඇල හරිත එක්රැස් කරන්නන් ගේ සංගමයේ සභාපති ජේ.සුරංජිත් මහතා..
"අපි මෙම සංගමය පිහිටුවා ගත්තේ ජා-ඇල හා අවට ප්‍රදේශවල නිරන්තරයෙන් සිදුවන පරිසර හානි අවම කර ගැනීමේ අපේක්ෂාවෙන්. අපි පරිසරය සුරැකීම වගේම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට කටයුතු කරනවා.
මෙහිදී අපිට තාක්ෂණික සහය වගේම සම්පත් ලබාදීම වර්ල්ඩ් විෂන් ආයතනය විසින් සිදු කරනු ලබනවා. ඒ අනුව අප සාමාජිකයන් දැනුවත් කිරීම වර්ල්ඩ් විෂන් ආයතනයේ පින්ලා (PHINLA) ව්‍යාපෘතිය මගින් සිදු කරන්නේ. ලෝකයේ පාරිසරික ප්‍රශ්න තිබෙන පිලිපීනය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීමට මෙය ක්‍රියාත්මකයි.
ඇත්තටම අපගේ සාමාජික සාමාජිකාවන් ස්වෙච්ඡාවෙන් කරන මේ පරිසරය සුරැකීමේ කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ කසළ කළමනාකරණය කර ගැනීමට අවස්ථාව ලැබී තියනවා. අපි පසුගිය කාලයේ දුටුවා වල්පොළ වැව හා ඒ අවට පරිසරය කැළි කසල නිසා විනාශ වෙලා තිබෙන අයුරු.
වැව් ඉස්මත්තේ ප්‍රදේශයේ කාගෙත් වන්දනාමානයට පාත්‍ර වන පැරණි පන්සලක් තියෙනවා. සීමා මාලකයක් තියෙනවා. කැළි කසල නිසා මේවාට අශෝභන පෙනුමක් තමයි එක් වෙලා තියෙන්නේ.
අපි මෙලෙස රැස්කරන කසල වර්ගීකරණය කරලා, නැවත භාවිතයට ගත හැකි අයුරින් ප්‍රතිචක්‍රීකරණය කරනවා. මෙහිදී ලැබෙන ප්‍රතිලාභය අපගේ සංගමයේ සුභ සාධනය සඳහා යොදවනවා. අපගේ සාමාජිකත්වය දිනෙන් දින වර්ධනය වීමෙන් පෙනෙනවා පරිසරය විනාශ වෙනවට බොහෝ පිරිසක් අකමැති බව. ඉදිරියේදිත් අපි පරිසරය රැක ගැනීම වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදීමට සංගමයක් ලෙස අපේක්ෂා කරනවා."

සටහන: ප්‍රසංග පෙරේරා
උපුටා ගැනීම: ලංකාදීප පුවත්පත (2022.03.08)

Want your school to be the top-listed School/college in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

102/2
Homagama
10504