Kavindya Rathnayake

Kavindya Rathnayake

Share

06/06/2026

ශෙඩූල් කීරීමේ දෝශයක් නිසා 27 කොටස පහු වෙලා දැම්මේ
https://web.facebook.com/photo/?fbid=1600755418722644&set=a.231807852284081
ඒක බලලා එන්න....

28 පරිච්ඡේදය
ලන්ඩන් නුවර කාර්යබහුල ජීවිතයත්, පරිගණක තිරයත් අතර මගේ දවස් යාන්ත්‍රිකව ගෙවී යද්දී, දිනක් මගේ පෞද්ගලික විද්‍යුත් තැපෑලට ලැබුණු ඩිජිටල් ඇරයුම්පතක් මගේ මුවඟට අවුරුදු තුනකට පසු අව්‍යාජ සිනහවක් රැගෙන ආවේය.
ඒ මගේ මෙල්බන් කාර්යාලයේ සමීපතම මිතුරා වූ මයුර සහ ඔහුගේ ඉන්දියානු ජාතික පෙම්වතිය වූ ක්‍රිතිකාගේ විවාහ මංගල්‍යයේ ආරාධනා පත්‍රයයි.
වසර ගණනාවක ආදර කතාවකින් පසු ඔවුන් දෙදෙනා ඉන්දියාවේ මුම්බායි නුවරදී, සම්පූර්ණ හින්දු සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුව විවාහ වීමට සූදානම් වන බව එහි සඳහන් විය. ආරාධනා පත්‍රය දෙස බලා සිටියදීම මගේ ජංගම දුරකථනය නාද වූයේ ක්‍රිතිකාගේ නම තිරය මත විදහා දක්වමිනි. මම වහා ඇමතුම ක්‍රියාත්මක කළෙමි.
“එමාෂා...! ඕ මයි ගෝඩ්, මට විශ්වාස කරන්න බෑ මට ඔයාව කන්ටැක්ට් කරගන්න ලැබුණා කියලා!” ක්‍රිතිකාගේ හඬෙහි තිබුණේ ඉහළම ප්‍රමෝදයකි. මයුර හරහා ඇය මගේ ලන්ඩන් තොරතුරු සොයාගෙන ඇති බව මට වැටහුණි.
“Congratulations ක්‍රිතී! මට ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන,”
මම ඉතාමත් ලැදියාවෙන් කීවෙමි.
“තැන්කියු එමා... හැබැයි සුභ පතලා විතරක් මදි. ඔයා අනිවාර්යයෙන්ම අපේ වෙඩින් එකට මුම්බායි එන්න ඕනේ. අපේ ‘සංගීත්’ එක දවසට මගේ ක්ලෝස්ම ෆ්‍රෙන්ඩ්ස්ලා නටනවා. මම ඔයාටත් ලස්සන හින්දි සින්දුවක් සිලෙක්ට් කරලා තියෙන්නේ. ඔයා මං වෙනුවෙන් එදාට නටන්නම ඕනෙ හොඳද... මට මතකයිනේ ඔයා අපි එක්ක ඉන්නකොට පාටි වලදි ලස්සනට නැටුවා..., ප්ලීස් එපා කියන්න එපා!” ක්‍රිතිකා පැටලුණු සිංහල බසින් එක හුස්මට කියාගෙන ගියාය.
“එපා නෙවෙයි බෑ...” මම සිනාමුසුව කීවෙමි

“ආ.. හරි .. බෑ කියන්න එපා ඔන්න...” ඇය සුරතල් ලෙසින් හඩ ඇද පැද කීවාය.
කාලයකට පසු මගේ හිත ඇතුළෙන් ආශාවක් මතු විය. පසුගිය වසර තුන පුරාවටම මම කලේ මගේ මනස තනි කරගෙන, වැඩ සහ අධ්‍යයන කටයුතු ඇතුළේම හිරවී සිටීමයි. මට මගේ පරණ මිතුරන් දැකීමටත්, මේ පාලු ජීවිතයෙන් මොහොතකට මිදී සැනසෙන්නටත් දැඩි මට දැඩි උවමනාවක් තිබුණි.
“හරි හරි ක්‍රිතී... මම එන්නම්. ඔයා වෙනුවෙන් මම ඒ ඩාන්ස් එකත් කරන්නම්,” මම සිනාසෙමින් එකඟ වුණෙමි.
එතැන් සිට ගෙවුණු සති කිහිපය මම වෙන් කළේ මුම්බායි ගමන වෙනුවෙන් සූදානම් වීමටයි. ක්‍රිතිකා එවා තිබූ ‘සංගීත්’ උත්සවයේ නර්තනය සඳහා වූ වීඩියෝව බලමින් මම මගේ නිවසේ සාලය මැද රාත්‍රී කාලයේ පුහුණුවීම් කළෙමි. වසර ගණනාවකට පසු මගේ දෑත් පා සලා නටද්දී, මගේ හිතේ තිබූ මහා බර කෙමෙන් දියවී යනවාක් මෙන් මට දැනිණි.
මම මගේ ඇඳුම් පැළඳුම් ගැනද වෙනදාට වඩා උනන්දු වීමි. සාම්ප්‍රදායික ඉන්දියානු ‘ලෙහෙන්ගා’ ඇඳුමක් සහ ඊට ගැළපෙන ආභරණ මම ලන්ඩන්හි ඉන්දියානු වෙළඳසැලකින් මිලදී ගත්තෙමි. කැඩපත ඉදිරියට වී ඒ කළු සහ රන්වන් පැහැති ලෙහෙන්ගාව හැඳ බැලූ මට, මා තුළ සිටින පැරණි රූමත්, සෘජු එමාෂාව යළිත් දක්නට ලැබුණි. ‘මම මගේ දුව වෙනුවෙන් ශක්තිමත් වෙන්න ඕනේ,’ මම කැඩපත දෙස බලා සිතුවෙමි.
නියමිත දිනයේදී මම ලන්ඩන් නුවරින් මුම්බායි බලා යන ගුවන් යානයට ගොඩ වුණෙමි.
මුම්බායි නුවර තරු පහේ හෝටල් පරිශ්‍රය මංගල සිරිගෙන තිබුණි. මුළු හෝටලයම රන්වන් ආලෝකයෙන්, නැවුම් මල් මාලාවන්ගෙන් සහ සාම්ප්‍රදායික ඉන්දියානු සිතාර් වාදනයන්ගෙන් පිරී පැවතුණි. එදින රාත්‍රියේ පැවතියේ මනාලියගේ සහ මනාලයාගේ පාර්ශ්වයන් එකිනෙකා හමුවී නටන, ගයන සුප්‍රසිද්ධ ‘සංගීත්’ රාත්‍රියයි.
මම මගේ රන්වන් සහ කළු පැහැති ලෙහෙන්ගාවෙන් සැරසී, හිසකෙස් ද සරල මෝස්තරකට සකස් කොට, ඉන්දියානු විලාසිතාවන්ට ගැලපෙන ආකාරටය් ආභරණ පැළඳ උත්සව ශාලාව වෙත පියනැඟුවෙමි. ශාලාවට ඇතුල් වෙද්දීම මයුර සහ ක්‍රිතිකා මාව වැළඳගෙන පිළිගත්තෝය. පැරණි මෙල්බන් මිතුරන් කිහිපදෙනෙකුද එහි සිටි අතර, ඔවුන් සමඟ කතා කරමින් මම වසර තුනකට පසු මගේ හුදෙකලාව අමතක කරමින් සිටියෙමි.
ශාලාවේ ආලෝකය මඳක් අඩුවී, වේදිකාව මතට වර්ණවත් විදුලි බුබුළු යොමු විය. සංගීතය උච්ච ස්වරයෙන් වාදනය වන්නට විය.
මම මගේ මිතුරන් සමඟ සිනාසෙමින් කතා කරන අතරතුර, උත්සව ශාලාවේ ප්‍රධාන ද්වාරය දෙස නිරායාසයෙන්ම මගේ දෑස් යොමු විය. කිසිදු සුවිශේෂී හේතුවක් නිසා මට ඒ දෙස බලන්නට සිතී තිබුණි. එතැනින් ඇතුල් වන අමුත්තන් දෙස බැලූ මගේ දෑස් එකවරම එතැනම නතර විය.
මගේ අත තිබූ ජූස් වීදුරුව බිම වැටෙන්නට ගියේ මගේ ශරීරයේ ලේ ගමනාගමනය පවා මොහොතකට නතර වෙද්දීය. පපුවේ ගැස්ම කෙතරම් වේගවත් වූවාද යත් මට හුස්ම ගැනීමට පවා අපහසු විය.
එතැනින් ඇතුළට පැමිණෙමින් සිටියේ අවිනාශ් ය!
ඔහු කළු පැහැති ඉන්දියානු ෂර්වානි ඇඳුමකින් සැරසී සිටි අතර, ඔහුගේ ඒ සුපුරුදු තේජවන්ත පෙනුම සහ බැල්ම එලෙසම තිබුණි. නමුත් ඔහුගේ මුහුණේ පෙර තිබූ සිනහව වෙනුවට මහා ගාම්භීර, මඳක් මැලවුණු ස්වභාවයක් තැවරී තිබුණි. මයුරගේ සමීපතම ප්‍රධානියා සහ මිතුරා ලෙස ඔහු මේ විවාහයට ලංකාවේ සිට පැමිණෙනු ඇතැයි මම සිහිනයකින්වත් නොසිතුවෙමි. මා ආයතනයෙන් ඉවත් වී මාස කිහිපයක් වන විටම ඔවුන්ගේ පුහුනු කාලය අවසන් කළ මයුර සහ ක්‍රිතිකා දෙදෙනාද වෙනත් ආයතනයක සේවයට ගිය බව මම හොඳින් දැන සිටියෙමි.
මගේ මුළු සිරුරම වෙව්ලන්නට විය. වසර තුනකට පසු මගේ ඇස් ඉදිරියේ සිටින්නේ මගේ පණ වැනි වූ මිනිසාය. ඔහු මදෙස එක පාරක් බැලුවහොත් වහා මා හඳුනාගන්නා බව මම දැන සිටියෙමි. නමුත් මට තවමත් ඔහු ඉදිරියට යාමට හෝ මගේ අනන්‍යතාවය හෙළි කිරීමට කාලය පැමිණ නැත. මම තවමත් ඒ සටනට සූදානම් ද නැත.
“නැහැ... අවීට මාව පේන්න දෙන්න බෑ...” මම මගේ මුහුණ සාලුවෙන් මඳක් වසාගනිමින්, අවිනාශ්ට නොපෙනෙන ලෙස වහා එතැන සිටි අමුත්තන් පිරිසක් පිටුපසට වී සැඟවෙන්නට උත්සාහ කළෙමි. මගේ හදවත මහා වේගයෙන් ගැහෙද්දී, මම සෙනඟ අතරින් රහසින්ම ශාලාවේ කෙළවරකට පියවර තැබුවෙමි.

එකින් එක තර්තනාංග වේදකාව මත රඟ දැක්වෙද්දී මයුර මෙන්ම ක්‍රිතිකාද සිටියේ සතුටින් ඉපිලෙමිනි.

තව සුළු මොහොතකින් මගේ අවස්ථාවද උදාවනු ඇත. මම කරකියාගන්නට දෙයත් නොමැතිව සෙනග අතරේ සැඟවුනෙමි
ටැටූ 29 පරිච්ඡේදයෙන් හමුවෙමු...

Want your public figure to be the top-listed Public Figure in Gelioya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

No 51-A
Gelioya
20522