Muffin Land

Muffin Land

Share

23/02/2026

සුබ උදෑසනක්! 🌸
අද උදෑසන ඔබ වෙත රැගෙන එන්නේ අලුත් බලාපොරොත්තුවක්. ඔබ දකින සෑම සිහිනයක්ම සැබෑ වන, ඔබ කරන සෑම යහපත් වැඩක්ම සාර්ථක වන වාසනාවන්ත දිනයක් වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
* සිතේ සතුට පිරේවා!
* සෑම කටයුත්තක්ම යහපතින්ම ඉටුවේවා!
ඔබ සැමට ජයග්‍රාහී සහ සාමකාමී දවසක්! ☀️

14/02/2026

වෙජිටේරියන් ඔයාලට ඔන්න මෆින් ලෑන්ඩ් වෙතින් එග්ලස් කේක් .....දැන් ඕඩර් කරන්න පුළුවන් ....

16/09/2025

අපි අද බලමු කොහොමද බටර් කේක් එකක් හදා ගන්නේ කියලා .

🧁 අවශ්‍ය ද්‍රව්‍ය (Butter Cake –1kg සඳහා)

බටර් (Butter / Margarine) – 250g
කුඩු කරගත් සීනි (Icing Sugar / Granulated Sugar) – 250g
මධ්‍යම ප්‍රමාණයේ බිත්තර – 4
කේක් පිටි/ තිරිගු පිටි (Cake flour / Wheat flour) – 250g
බේකින් පවුඩර් – 2 tsp (ටී ස්පූන්)
වැනිලා එස්සන්ස් – 1 tsp
දියර කිරි – 2–3 tbsp (අවශ්‍ය නම් )

🍰 සෑදීමේ ක්‍රමය

උදුන (Oven) 180°C (350°F) සකස් කර on කරන්න .
කේක් ට්‍රේ එක බටර් ගාලා, පිටි අතුරලා හෝ බේකින් පෙපර් එකක් දමා සකස් කර ගන්න.

බටර් සහ සීනි මිශ්‍ර කර බිට් කරන්න.(අඩුම වශයෙන් මිනිත්තු 5–6).
මේකයි කේක් එකේ softness එකේ රහස. ඊට පස්සේ බිත්තර එකතු කරමු.
බිත්තර 4, එකින් එක සිනි හා බටර් මිශ්‍රණයට එකතු කරමින් beat කරන්න. ඉන් අනතුරුව අපි පිටි එකතු කරමු.
පිටි සහ baking powder මිශ්‍ර කරලා තුන් පාරක් පෙනේරයකින් හලා ගෙන ඉහත මිශ්‍රණයට පිටි ටික ටික එකතු කර කලවම් කරන්න. මේ අතර තුර වැනිලා සහ කිරිත් එකතු කරමින් කලවම් කරන්න.
Bake කිරීම සදහා
පෙර සකස් කර ගත් ක් ට්‍රේ එකට කේක් මිශ්‍රණය දමා 180°C ට මිනිත්තු 35–40 පමණ bake කරන්න (වෙලාව oven එකේ උෂ්ණත්වය අනුව වෙනස් වෙයි). bake වුනාට පස්සේ, oven එකෙන් අරගෙන wire rack එකේ දාලා cool වෙන්න තියන්න.

Telephone

Website