Counseling Com SJ
14/03/2022
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මෙසේ සටහන් තබමි . (නම් ,ගම් මනඃකල්පිතයි . සමජයේ යහපත උදෙසාම )
" නොම්බර 4 යන්න ඇතුළට"
දොර ඇරෙනවාත් සමඟ මා ඉදිරියේ සිටියේ තරුණියන් දෙදෙනෙකි. වාඩිවෙන්න. මා කතාව පටන්ගන්නත් පෙරම...
" මැඩම් මේ මගේ දුව "
මේ ඇවිත් ඉන්නේ අම්මයි දුවයි කියලා වැටහුණේ එවිටයි....
මව රමණී ලෙස හදුන්වමි . දියණිය නිෂ්මි ලෙස හදුන්වමි ....
මේ රමනිලාගේ කතාවයි..
රමනි ජීවත් වූයේ පිටිසර ගමක. යාන්තම් වයස 14 සම්පූර්ණ වෙද්දීම ගමේ තරුණයකු සමග රමණී දීග ගියාය. වසරක් ගතවන්නටත් මත්තෙන් කුලුදුල් දරුවා බිහි විය. ඇය ගැහැනු දැරිවියකි. ඕ නිෂ්මි වූවාය .
දරුවාත් හදා වඩා ගනිමින් ජීවිතය ගෙවද්දී අග හිග කම් එන්න එවන්න ම වැඩි විය. මේ නිසාම රමණී දියනිය මවට භාර දී විදේශ ගත වූවාය .
රමණී පිට රටදී පුරුෂකු හා සම්බන්ධයක් ඇති කරගෙන ඔහු හා එකට ජීවත් විය. ඔහු සමන් ලෙස හදුන්වමි .ඔහුද විවාහකයෙකි. කාලය කෙමෙන් ගතවිය. රමණී නැවත ලoකාවට ආවාය.
රමණී විවාහක සැමියා දමා තම 16 හැවිරිදි දියනියත් සමඟ වෙළෙඳ කලාපයේ රැකියාවකට ආවේ යෙහෙළියගේ උදවු වෙනි. දැන් රමණීත් නිෂ්මිත් එකම ඇගලුම්හලේ වැඩ . මෙසේ කාලය ගෙවෙද්දී රමනිගේ පිට රට හිටි පෙම්වතා සමන් රමණී හොයාගෙන එයි. නැවත සම්බන්ධය අලුත් වෙයි.
රමණී සහ දියණිය සිටි බෝඩිමට නිතර නිතර සමන් එයි. සමහර දිනවලට සමන් ආවාම දින දෙක තුනක් බෝඩිමේ සමන් නතර වෙයි. රමණී රාත්‍රි වැඩ දිනවල නිෂ්මි බෝඩිමේ සිටියේ තනිවම. රමණී සමන් පිළිබඳ දැඩි විශ්වාසයෙන් සිටියේ . රමණීට නොදැනීම තම දියණිය සමන් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන. රමණී නොමැති සෑම දිනකම සමන් බෝඩිමට එයි.
රමණීට ඇතිවූ කිසියම් සැකයක් නිසා රාත්‍රි වැඩට යන බව පවසා බෝඩිමට යාබද ස්ථානයක සැගවී සිටියාය . රමණීගේ ඇස් අදහා ගත නොහැකි විය . සමන් බෝඩිමට ආවේය. රමණී සෙමින් බෝඩිමට ඇතුළු විය . දුටු දේ හිතාගැනීමට නොහැකි විය . රමණී සමන් සමඟ කොතරම් රන්ඩු කලත් පලක් නොවීය. දැන් රමනිගේ ඇස් ඉදිපිටම සමන් නිෂ්මි ගේ කැමැත්තෙන්ම ඇය අපයෝජනයට ලක් වෙයි.
" අනේ මැඩම් දැන් වෙන්න තියන සේරම දේවල් වුනා . මට මැරෙන්නම හිතෙනවා ......ආපසු ගමට යන්න හිතෙනවා ඒත් දුව යන්න කැමති නැහැ .....මට නින්ද යන්නෙ නැහැ , කන්න බැහැ ...මැරෙන්න ඕනෑ ...
මේ රමනිලාගේ කතාවයි...
රමනිගේ මනස සුවපත් කරන්න මට හැකියාව ලැබුනත්....මේ අනතුර ඇතිකර ගත්තේ රමනිගේ නොසැලකිලිමත් කම නිසාය . ලොකුමහත් වූ දියණියක් සිටිනා මවක් මෙවැනි දේ කිරීමෙන් වැනසෙන්නේ තම දියණියයි. කොතෙකුත් මේ රටේ රමණී වැනි මව්වරුන් සිටියි. කිසිදාක දියණියක් සිටිනා නිවසකට කිසිම පිටස්තර පිරිමියෙක් විස්වාසෙයෙන් ගෙන්වා ගැනීම සුදුසු නොවේ...
ඉතිහාසයේ සිටම මෙවැනි දේ සිදුවුවත් හැගීම් වලට වහල්වීම නිසාම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැත . ඒ සෑම කතාවකම අම්මා ගත්තු පිරිමියා දුවත් ගත්තේ ය. මම හිතෙනවා නූතනයේ තරුණ අම්මලාට මේ කතාව පාඩමක් වෙයි කියලා https://youtu.be/CnHtb-JZNxc (මෙවැනි වීඩියෝ නරඹන්නට මේ ලින්ක් එකෙන් )
ඔබට , ඔබේ දරුවාට , වැඩිහිටියා ට , කිසියම් හෝ මානසික ගැටලුවක් ඇතිනම් , දරුවන් ගේ අධ්‍යාපන ගැටලු , මත්ද්‍රව්‍ය , ජoගම දුරකථන ආදී ඇබ්බැහි වීම් හා මෝහන ප්‍රතිකාර ආදී සේවාවන් ලබා ගත හැකිය .
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිස්සක
ශාන්ති කුමාරි ජයනෙත්ති
Re no SLPPCA 236
හමුවීම් ...
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල-මීගමුව
නවලෝක රෝහල - කොළඹ 07
විමසීම් ...
WhatsAppe 0774071401
Call 0714827988
14/03/2022
13/03/2022
"අනේ මගේ දරුවා ගොඩක් වෙලා බාත්රූම් එකේ ඉන්නවා සමහර වෙලාවට පැය එකහමාරක් දෙකක් විතර , ඒ වගේම නිතර නිතර අත් හෝදනවා. සමහර වෙලාවට විනාඩි විස්සක් විතර යනවා. ඉන්නේ නිතරම කේන්තියෙන් . හැම දෙයක්ම පිළිවෙළට පිරිසිදුවට ඕනෑ . මේ පිරිසිදු වැඩිකම හින්දා එයාට කිසිම දෙයක් වෙලාවට කරගන්න බැහැ . "
මේ මගේ සේවය පතා දරුවකු සමග පැමිණි මවකගේ කතාවයි. එම දරුවා පැතුම් ලෙස හදුන්වමි . පැතුම් ඉගෙන ගත්තේ 9 වන පන්තියේ ය. පැතුම් ට මේ තත්ත්වය ඇතිවී බොහෝ කාලයකි. එහෙත් දැන් මේ තත්ත්වය එන්න එන්න ම වැඩිය. පැතුම් ගේ මව හිතුවෙ පැතුම් ට වැලදී ඇත්තේ බඩේ අමාරුවක් බවයි එමනිසා ඔහු වැඩි වේලාවක් නාන කාමරයේ රැදෙන බවත් වැසිකිළි යාම නිසා මෙසේ නිතරම අත පිරිසිදුවට තබන බවත් ය. පැතුම් ගේ මව බඩේ අමාරුව සදහා ලoකාවේ සිටින ඉහළ පෙලේ වෛද්‍යවරුන් සොයා ගියාය. එහෙත් පැතුම් ගේ බඩේ කිසිම ලෙඩක් නොතිබිණි . අවසානයේ ඇය මා සොයා පැමිණියේ මනෝ ප්‍රතිකාර සදහා ය .
පැතුම් ගේ කතාව මෙසේය . පැතුම් උදේ හතරට පමණ අවදි වී නාන කාමරයට යයි ඔහු එයින් එලියට එන්නේ පැය දෙකකට විතර පසුවය. නාන කාමරයේ කරාම අල්ලන්නේ ටිශූ කඩදාසි භාවිතයෙනි. ගෙදර බොහෝ බඩු භාන්ඩ අල්ලන්නේ ටිශූ කඩදාසිවලිනි. ගෙදර සිටින බල්ලාවත් පූසාවත් කිසිවිටෙකත් අල්ලන්නේ නැත . කුමන දෙයක් අත ගෑවුණත් ඒ සැනින්ම ගොස් සබන් යොදා බොහො වේලාවක් අත් සෝදයි. පැතුම් කරන සෑම වැඩේම පිළිවෙළට ම සිදුකරයි. ඒ පිළිවෙළ නිතර නිතර කරයි මේසය පිරිසිදු කිරීම එක්වරක් කලාට මදි එය නැවතත් පිරිසිදු කරයි. නිතරම ඉන්නේ කේන්තියෙන් . පාසල් වැඩ කරනවා ට වඩා පැතුම් කලේ පොත් පත් පිළිවෙළට පිරිසිදුවට තැබීමයි. පැතුම් ගේ කාමරයට කිසිම පිටස්තර කෙනෙක් ඇතුල්වනවාට ඔහු කැමති නැත . එසේ පැමිණියේ නම් කොට්ටා මෙට්ටා අව්වේ දමා ඇද ඇතිරිලි සෝදයි .
ඔබේ දරුවාත් වැඩිහියාත් මෙසේ විය හැකිය . මෙය සාමාන්‍ය තත්ත්වයක නොව OCD නම් මානසික තත්ත්වයයි. මේ සදහා ප්‍රතිකාර නොකර සිටියහොත් මේ තත්ත්වය උග්‍ර අතට පත් වුවහොත් ඔහුගේ කටයුතු අකර්මණ්‍ය වී සියදිවි නසා ගැනීමට පවා සිත් වෙයි. සමාජයේ මෙවැනි මානසික තත්ත්වය ඇති අය සියට පහලොවක් පමන ඇත . මෙම රෝගය පිට අයට පෙනෙන්නේ නැත . මෙම රෝග තත්ත්වය තිබුනද ඔහුට සාමාන්‍ය විදිහට ජීවිත් විය හැකිය .
මානසික රෝග ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් පෙන්වා දීමට පුළුවන. භයානක මානසික රෝග හා භයානක නොවන මානසික රෝග වශයෙනි. OCD භයානක නොවන මානසික රෝග කාන්ඩයට අයත් වෙයි. බොහෝ දේ නිතර නිතර කරන්නේ ඔහුට එන සිතුවිල්ලක් නිසාය. මෙය කරන්නේ කැමැත්තකින් නොවේ .. නැවත නැවත කරන්නේ සිතේ ඇතිවන සිතුවිල්ල නිසාය. එම සිතුවිල පාලනය කරගත නොහැකි සිතුවිල්ලකි. එනිසාම එය නැවත නැවතත් කරයි. එනිසාම එය රෝගයක් බවට පත්වෙයි . මෙය Obsessive Compulsive Disorder හෙවත් ග්‍රස්ථිය ක්ලමථඅක්‍රමිකතාව ලෙස මෙම රෝග තත්ත්වය හදුන්වයි.
පිළිවෙළට පිරිසිදුවට සිටීම ජීවිතයේ අoගයකි. එහෙත් මෙසේ එන වැඩට නැති සිතුවිල්ලක් නිසා රෝග තත්ත්වයක් බවට පත් වෙයි. තමුන් පිරිසිදු නැත යන සිතුවිල්ල සිතට එයි එවිට පිරිසිදු වෙයි. නැවතත් එම සිතුවිල්ලම එයි එවිටද පිරිසිදු වෙයි. මෙය වැඩකට නැති සිතුවිල්ලක් බවට වැටහුනත් , නැවත නැවතත් එන සිතුවිල්ල බලවත් වෙයි. එමනිසා ම ආයෙමත් එසේම කරයි.
එදිනෙදා කරන වැඩ කටයුතුවලටද එසේම ය. කරන ලද කාර්යය පිළිවෙළ මදි කියා නිතර නිතර සිතුවිලි එයි එනිසාම එය නැවත නැවත පිළිවෙළට පිරිසිදුවට කරයි.
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම් නිතරම තරහ යාමයි. ආවේගශීලි වීමත් මෙහි ප්‍රධාන ලක්ෂණයයි.එයට හේතුව වන්නේ සෑමවිටම පිළිවෙළ අවශ්‍ය වීම නිසාය .එය තදින්ම බලපායි. මෙවැනි රෝගය ලක්ෂණ ඇති අය නිදා ගැනිමට යාමේදී දොර වසා ඇත්දැයි කියලා නිතරම බලයි එක්වරක් දොර පරික්ශාකර බලා පැමිණ නැවතත් පරික්ශාකර බැලීමට සිතුවිල්ලක් එයි. එසේ කිහිප වරක් කරනු ලබයි .මෙම රෝගය බරපතල වුවහොත් විශාදය දක්වා බරපතල විය හැකිය .
බොහෝ දෙනෙක් මෙය රෝගයක් බව දන්නේ නැත . මෙනිසා බොහෝ ප්‍රශ්න ඇතිවේ.
* පවුල් ප්‍රශ්න
* රැකියා ප්‍රශ්න
ජානමය සාධක මතද මේ රෝගය ඇතිවේ. මේ රෝගය සදහා ප්‍රතිකාර තිබේ . අධිසoවේදී පුද්ගලයකු නම් ප්‍රතිකාර කිරීමට බොහෝ කාලයක් ගත වෙයි. අඩුම වශයෙන් වසරක් පමණ ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය සුව කරගත හැකිය .
මෙය මනෝ උපදේශක වරයෙකු හෝ මනෝ චිකිත්සක වරයෙකු මගින් සුව කරගත හැකිය .
ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක
මනෝ විද්‍යාත්මක උපදේශනය හා මනෝ චිකිස්සාව සදහා විමසන්න .
Re.no. SLPPCA .236
හමුවීම් ...
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
නවලෝක රෝහල -කොළඹ 07
Online සේවාව ඔස්සේද ඔබට සේවාව ලබා ගත හැක...
විමසන්න ....
0774071401 / 0714827988
මෙවැනි වීඩියෝ නරඹන්නට පහත ලින්ක් එකෙන් අවස්ථාව ලැබේ .https://youtu.be/71nxxDzPVFM
02/03/2022
"අනේ මට මගේ දරුවෝ සලකන්නේ නැහැ . මට කන්න දෙන්නෙ නැහැ . උයන කෑම රහ නැහැ . මගේ ඇහැට දාන බෙහෙත් කුප්පියට අපේ ලේලි ඇසිඩ් දාලා ඒක හින්දා මගේ ඇහැ පේනවා අඩුවෙලා . අනේ මට මුන් රෑට නිදියන්නේ නැහැ කියලා බනිනව .අනේ මට බෙහෙතක් දෙන්න නෝනේ මට මැරිලාවත් යන්න."....
මේ එක්තරා වයෝවෘද්ධ කාන්තාවකගේ කතාවකි ඇය විමලාවතී ලෙස හදුන්වමි . විමලාවතී මනෝ උපදේශන ප්‍රතිකාර සදහා රැගෙන ආවේ ඇගේ පුතා විසිනි. ඇගේ වයස අවුරුදු 72 කි. ඇය ජීවිත් වන්නේ ඇගේ පුතා ගේ නිවසේ ය . ඇගේ ස්වාමිපුරුෂයා මීට වසර 15 ට පෙර මියගොස් ඇත . එසේම ඇගේ වැඩිමහල් පුතා 1989 බීෂණ සමයේ දී නිවස ඉදිරිපිට පුලුස්සා මාරා දමා ඇත .
මෙසේ කාලය ගතවත්ම ඇයට සිදුවන බොහෝ දේ අමතකය. කෑම කා අවසන් වී විනාඩි කිහිපයකින් මට කන්න දුන්නේ නැහැ කියලා ලේලියට බනිනව . ගෙදර අයට නොකියා තැන තැන ඇවිදිනවා , බොහෝ වෙලාවට හේතුවක් නැතුව මහ හයියෙන් අඩනවා ...මේ ලක්ෂණ සියල්ලම ඩිමෙන්ෂියා තත්ත්වයේ ලක්ෂණ ..
ඩිමෙන්ෂියා තත්ත්වය ඇති වන්නේ වයෝවෘද්ධ අයට පමනි . වයස අවුරුදු 65 ට වැඩි බොහෝමයක් වැඩිහිටියන් තුළ මේ ලක්ෂණ තිබිය හැකිය . විවිධ හේතු නිසා මොලයේ ස්නායු සයිල ක්‍රමයෙන් මිය යාමෙන් ඇතිවන රෝග තත්ත්වයකි .නමුත් මෙම රෝග තත්ත්වය සාමාන්‍යයෙන් වයසට යාමේ ප්‍රතිඵල යක් නොවේ .
ඩිමෙන්ෂියාවේ ප්‍රතිඵල ලෙස ...
අමතක වීම ඇතුලුව මොලයේ ක්‍රියා කාරිත්වයේ දුබලතා ඇතිවේ. අවසානයේ පුද්ගලයාගේ පෞරුෂය මුලින්ම වෙනස්වනු ඇත .ඇතැම් හේතු නිසා ඇතිවන ඩිමෙන්ෂියාව යථා තත්ත්වයට පතකල හැකිවුවත් බොහෝ අවස්ථාවලදී කළ හැක්කේ රෝග ලක්ෂණ පාලනය කිරීම පමනි.
ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ ..
***එදිනෙදා කටයුතු අමතක වීම .තමාගේ බඩුබාහිරාදිය තැබූ තැන් අමතක වීම නිසා අන් අය ඒවා සොරකම් කලා යැයි දොස් නගයි.
රැකියාවේ හා අනෙකුත් ගෙදර දොර කටයුතු වලදී අමතක වීම් නිසා අඩුපාඩු සිදුවේ. තමුන් ගන්නා ආහාරය පවා අමතක වෙයි. උග්‍ර අවස්ථාවලදී තමන්ගේ සහකරු , දරුවන් පවා හදුනා ගැනීමට නොහැකි වෙයි එසේම තමාගේ නමපවා අමතක වෙයි.
***හැසිරීමේ වෙනස්කම ඇතිවේ. නින්ද අඩු වීම, අරමුණක් නොමැතිව තැන තැන ඇවිදිම , කේන්ති යාම හා කළබල කාරීබව, අනවශ්‍ය ලෙස කෑගැසීම වැලපීම, ලිoගික හැසිරීම්වල වෙනස්කම්.
***අහේතුක සැකය හා බිය පළකිරීම , අසාමාන්‍ය සoවේදන දැනීම .
***විශාදී රෝග ලක්ෂණ පහල වීම .
*** නව පරිසරයකට හැඩගැසීමේ හැකියාව නොමැති වීම .
***මුත්‍රා පිටවීම පාලනය කරගත නොහැකිවීම
මානසික ආතතියකට මුහුණ දීම හේතුවෙන් මිනිස් මොලය අවම වශයෙන් වසර 4කින් වයසට යා හැකි බව ඇමරිකානු සමීක්ෂකයෝ පවසති .
* දරුවකුගේ වියෝව
*දික්කසාද ය
*රැකියාව අහිමි වීම
වැනි හේතු නිසා සිදුවන දැඩි ආතතිය නිසා පසුකාලීනව ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ ඇතිවන බව සමීක්ෂණ වාර්තාවලින් හෙලි වේ.
ඩිමෙන්ෂියා රෝග ඇතිකරන සමහර හේතු කාරක ප්‍රතිකාර මගින් නිවැරැදි කරගත හැකි බැවින් ඉක්මන් ප්‍රතිකාර සදහා යෙදවීම වැදගත් ය. තවද ප්‍රතිකාර මගින් රෝග තත්ත්වය පාලනය කරගත හැකිය . ඖෂධ ප්‍රතිකාර සේම මනෝ ප්‍රතිකාරය ද ඉතාමත් වැදගත් වන්නේ ය.
ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක
හමුවීම් ..
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල -මීගමුව
නවලෝක රෝහල - කොළඹ 07
0774071401 /0714827988
17/02/2022
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampaha
24HOURS