Spotlight Studio

Spotlight Studio

Share

Photos from Spotlight Studio's post 26/08/2025

⭕දකුණු දනිස්සට එක ආතරයිටිස් එකක්, වම් දනිස්සට වෙන ආතරයිටිස් එකක් - එහෙමත් වෙන්න පුලුවන්ද ?
==========================

⭕දනිස් කැක්කුමක් එක්ක ඕන වයසක ලෙඩෙක් ආවොත් ඕන රෝගියායෙක්ට ඇහෙන කතාව තමා කාටිලේජ ගෙවෙන්න ඇවිල්ලා, කැල්සියම් බැඳිලා, මැරබෝන් ගෙවිලා වගේ වැල් බයිලා.

⭕සමහරු, විශේෂයෙන්ම හොර වෙද්දු ඔය කෙබර ඇදබාන්නෙ X ray එකක් හෝ ලේ රිපෝට් එකක් වත් නොකර. ඇත්තටම ඒ ගොල්ලන්ට ඒවා බලන්න තේරෙන්නෙත් නැහැනෙ.

⭕ඔය අවුරුදු 55ක විතර කාන්ථාවක්ගේ X ray එකක් සහ ලේ රිපෝට් කීපයක්. ලෙඩා පලවෙනි වතාවට තමා MBBS doctor කෙනෙක් හම්බුවෙලා තිබ්බේ. ඒ වයිද්‍යවරයා තමා ඔය රෝගියා මට යොමුකලේ.

⭕මේ ලෙඩාට දකුණු දනිස්සට ඇවිල්ලා තියෙන්නේ Rheumatoid Arthritis කියන එක. Rheumatoid arthritis එක නිසා හන්ඳිය ගෙවෙනකොට දනිස්සේ එලිය පැත්ත සහ ඇතුල්පැත්ත දෙකම දලවශයෙන් සමානව ගෙවෙනවා (X ray එක බලන්න, R කියල දාල තියෙන්නේ දකුණ කියන එක)

✅ලෙඩේ සැරටම ආපු නිසා තමා අර ලේ රිපෝර්ට් තුනේම ආතරයිටිස් එක පෙන්නන්නේ.

✅වැදගත් දේ තමා ඔය රෝගියාට මුලින්ම කැක්කුම ඇවිල්ලා තියෙන්නේ ඔය දරුණුවට ගෙවිල තියන දකුණු දනිස්සේ නෙවේ, අනෙක් කකුලේ.

✅මැරොබෝන් ගෙවිලා කියලා මැරබෝන් පැලවෙනකම් උලලා තිබ්බා ලෝකෙ නැති දේවල් දනිස් දෙකටම (මැරොබෝන් කියල එකක් නම් දන්නෙ නෑ, බෝන් මැරෝ කියන එකේ නම් ලේ හැදෙනවා). මොනව ගෑවත් කවදාවත් රෝගය අඩුවෙන්නේ නෑ. මොකෝ rheumatoid arthritis ලෙඩේ හොඳකරගන්න නම් අනිවාර්යයෙන් DMARDs කියන බෙහෙත් ගන්න ඕනේ.

✅එහෙම නිසි කලට නිසි ප්‍රතිකාරෙ ගත්ත නම් කවදාවත් ඔය දනිස්ස ඔහොම ගෙවෙන්නේ නෑ.

⭕වම් පැත්තේ දනිස්සට ඇවිල්ලා තියෙන්නේ osteoarthritis කියන එක. ඒ රෝගයේදී තමා හන්ඳියේ ඇතුලු පැත්ත ගෙවෙන්නේ. හිමීට දශක ගානක් තිස්සේ ලෙඩේ යනවා. මේක නිට්ටාවට සුව කරන්න පුලුවන් දනිස් බද්ධ කරල විතරක් වුනාට හැමෝටම එහෙම කරන්න වෙන්නෙ නෑ.

✅සමහර අයට දනිස් බද්ද කරන්න වෙනවා. සමහර අයට බොන බෙහෙත් විතරක් සහ ඉන්ජෙක්ශන් ඇති. වම් දනිස්සට අර කලින් කියපු DMARDs කියන ප්‍රතිකාර හරියන්නේ නෑ.

⭕මොනව කලත් දැන් ලෙඩා අමාරුවෙ වැටිලා. දනිස්සක් රජයේ රෝහලක බද්ධ කරන්න වසර ගාණක් පෝලිමේ ඉන්න වෙනවා. කොහොමත් දිගට ප්‍රතිකාර ගන්න වෙනවා.

⭕පණිවිඩේ තමා හැමදාම කියන එක. ලෙඩ වලට බෙහෙත් ගන්න ඕනේ දොස්තරලගෙන මිසක් හොර දොස්තරලගෙන් නෙවේ. ඇඟේ අවයව සවුත්තු වුනහම ගොඩ යනවා කියන එක ඉතින් ලොකු යුද්ධයක්.
Copied from Dr Aruna caldera
Consultant Rheumatalogist
⭕Dr HEGK Dayaratna
MBBS,MRCP SE (Rheumatology)

02/02/2021
Want your establishment to be the top-listed Arts & Entertainment in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Website

Address

Ward City Complex 7 Th Floor Queensmery Road,Gampaha
Gampaha