Dr Nishani Ranamuka

Dr Nishani Ranamuka

Share

18/06/2026

පිලිකා සුව කළ හැකිද
===================
"මැඩම් අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි නේද"

"මේ ලෙඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි නේද"

"Dr අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ප්‍රතිකාර ගැන"

"අපේ ලෙඩාව palliative care" දැම්ම එහෙන්, ඒත් ඔබතුමියට වැඩි යමක් කරන්න පුලුවන් ද"

"Dr අම්මව සනීප කර ගන්න පුලුවන් ද"

🔸මේ වගේ විවිධාකාර වචන වලින් අපෙන් අහන ප්‍රශ්න කෙලින්ම ඇහෙන්නෙ "පිලිකාව සනීප කළ හැකිද කියල "

🔸මෙහෙම මේ ප්‍රශ්නය වචන ටිකකට සීමා උනාට එහෙම අහන අයගේ ඇස්, හා මුහුනේ ලියවිලා තියෙන්නෙ , ඉතා සංවේදී කතාවක්. නොනිමෙන බලාපො⁣රොත්තුවක්

🔸එහෙම බලාපොරොත්තු හරිම පහසුවෙන් අවභාවිතා කරන්න පුලුවන් . ඒ සඳහා ඕනෙ ඉතා කෙටි උත්තරයක්. ඒ "ඔව් " කියන එක

🔸 නමුත් ඒ වචනය භාවිතය තුලින් යමෙක් රවට්ටන්නෙ , පොදු සරළ වචනයෙන් කිව්වොත් ගසා කන්නෙ මනුෂ්‍යත්වය.

🔸 මේ මුහුණු පොතේ එක එකක් විදිහට පිළිකා හෝ cancer යන්න භාවිතා කර සොයා බැලුවොත් එවැනි මිනිස්කමට නිගා දෙන ඉසිවරයන්, ඉසිවර නිෂ්පාදන, මායාකරුවන්, මායාකාර බෙහෙත් අනන්තව සොයා ගත හැකියි

🔸 ඉතිං ඇත්තටම අපට පිළිකා සුව කල හැකිද
එය සංකීර්ණ ප්‍රශ්නයක් . ඒ සඳහා උත්තර කිහිපයක් තිබිය හැකියි. නමුත් සරලව පැවසුව හොත් සමහර පිළිකා සුව කළ හැකියි

🔸 එසේම ⁣මේ සුව කිරීම " කාලය" යන සාධකය මත සීමා කාරී වේ. අ⁣පි නිතර පවසනවා සේ පිළිකාව යනු මරණ වරෙන්තුවක් නොවේ

🔸එසේනම් මෙය සුව කල හැක්කේ කෙසේද,
සරලවම කිවහොත් එය රෝගය හා රෝගියා ගේ තත්වය මත යැපේ

🔸 එය පිලිකාව පවතින අවස්ථාව හා රෝගියාගේ සායනික තත්වය මත තීරණය වේ. ඒනිසාම ඔබ එවන report එකක් හෝ විස්තරයක් මත රෝගයේ සුව වීම හෝ පාලනය කිරීම පිළිබඳ කිසිවක් ප්‍රකාශ කල නොහැක.

🔸එවැනි call , සංවාද හා විමසීම් ඇත්තෙන්ම පල රහිතය

🔸 එහෙත් ඉඳුරාම යමක් කිව හැක. අපේ ප්‍රතිකාරයෙන් ඔබ ජීවත් වන කාලය, හා එම කාලයේ සුවතාව දීර්ඝ කල හැකිය.

🔸 එසේම එය සාම්ප්‍රදායික palliative care හෝ සහන ප්‍රතිකාරයෙන් වෙනස් වූවකි.

🔸 එසේම ඔබට මෙන්ම අපටද රෝගියා සුව කිරීමට අවැසිමය, නමුත් ලොවෙත් නැති ගජ බින්න අතහැර , ඔබව හෝ ඔබේ ආදරණීයයන් රැවටීම කිසිවිටක අප කරන්නේ නැත

🔸ඒ නිසාම ඉතා කරුණාවෙන් අපි ඔබෙන් ඉල්ලන්නේ සත්‍ය පමණක් ප්‍රචාරය කරන ලෙස වේ

🔸 රජයේ රෝහලක් වන වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල පිහිටා ඇත්තේ යක්කල වික්‍රමාරච්චි දේශීය විශ්ව විද්‍යාලයට යාබදවය. ඒ අසලය. එය යක්කල පාලම අසල පිහිටයි. ඔබ කොළඹ දෙස සිට පැමිනෙන්නේ නම් යක්කල හන්දියේ සිට තවත් බස් නැවතුමක් ඉදිරියට යා යුතුය. නුවර සිට පැමිණෙන්නේ නම් යක්කල හන්දියට පෙර බස් නැවතුමෙන් නැවතිය යුතුය

🔸අපේ සායනයට යොමුවිය යුතු නම් ඔබ පැමිනිය යුත්තේ එතැනටය.

🔸මිත්‍රවරුනි අපේ ජීවිත කාලය අවුරුදු 70-80කට සීමා වේ. එයින් අඩකට වඩා මේ වන විට ශබ ගෙවා දමා ඇත. එහෙයින් කෙනෙක් රැවටීමට පෙර නැවත වරක් නොව බො⁣හෝවරක් සිතා බලන්නැයි ඔබෙන් ඉල්ලමි

🔸 නිවැරදි දැනුවත්වීම සඳහා share කරන්නැයි ආදරෙන් ඉල්ලමි.

වෛද්‍ය නිශානි රණමුක
MD (Agada) India
0710795170

16/06/2026

හැමෝටොම දැන ගන්න Share කරන්න ජාත්‍යන්තර පාසල් වලටත් අදාළයි.

එම සේවාව නොලැබේ නම් ඔබේ දරුවාගේ සෞඛ්‍ය හා සබැඳි, රටේ සෑම ගැහැණු දරුවෙකුටම ලබා දීමට රජය නිර්දේශ කර ඇති මෙම එන්නත පිළිබඳ ව පාසලේ පාලන අධිකාරියෙන් ප්‍රශ්ණ කළ යුතුයි, බලපෑම් කළ යුතුය.

වසරකට ශ්‍රී ලංකාවේ ගැබ් ගෙළ පිළිකා රෝගීන් 1200 ක් පමණ වාර්තා වන අතර 200 ක් පමණ මිය යයි

මෙය මුලුමනින්ම වළක්වා ගත හැකි රෝගයකි

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy Road Yakkala
Gampaha
094