Base Line news - SL

Base Line news - SL

Share

06/07/2026

මීගමුව බන්ධනාගාරය තුළ අද (06) යළි ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු ඇතුළු දස දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව වර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බන්ධනාගාර ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු බවත් තුවාල ලැබූ තවත් රැදවියන් ඇතුළු 90 දෙනෙකු පමණ මේ වනවිට රෝහල් ගත කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

06/07/2026

බදු සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කර, බදු ගෙවීම රටේ සංවර්ධනයට සහ සුබසාධනයට සෘජුවම දායක වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ‘ජාතික බදු සතිය’ බදු ශක්ති 2026 අද(06) ආරම්භ කෙරේ.

එය ලබන ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධාන කරයි.

මෙම සතියට අදාළ සමාරම්භක උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ බදුකරණය පිළිබඳ පවතින ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කිරීම, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම, බදු පදනම පුළුල් කිරීම මගින් එක් පුද්ගලයෙකු මත පටවා ඇති බදු බර අවම කිරීම සහ අපේක්ෂිත බදු ඉලක්ක සපුරා ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය තහවුරු කිරීමයි.

සතිය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් අතර නිල සමාරම්භක උත්සවය, දිවයින පුරා පිහිටි ආදායම් කාර්යාල හරහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, බදු ගෙවන්නන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීම සහ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් බදු අනුකූලතාව පිළිබඳ වැඩසටහන් ඇතුළත් වේ. තවද, ජූලි 11 සහ 12 දිනවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

06/07/2026

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 153ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

ඒ අනුව 2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

06/07/2026

නාමල් - යෝෂිත ඩොලර් මිලියන පහක් අල්ලස් ගත්ත සිද්ධයේ
සියල්ල සජින් වාස් ගුණවර්ධන හෙළිකරපු හැටි මෙන්න....

05/07/2026

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එහිදී නැඟෙනහිර පළාතේ පිල්ලෙයාන් පාර්ශ්වය සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අතර පැවති සමීප සබඳතාව මෙන්ම ඔවුන් ඒකාබද්ධව සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳව කරුණු රැසක් අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම පිල්ලෙයාන්ගේ කණ්ඩායමට අවශ්‍ය නවාතැන් පහසුකම් සැපයීම සඳහා සුරේෂ් සලේ විසින් පුද්ගලයන් සම්බන්ධ කර දී ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා ඔවුන් විසින්ම සපයා ඇති බවත් කරුණා අම්මාන් සාක්ෂි සහිතව පෙන්වා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ දේශපාලන ප්‍රවාහයක සිටියද, ඔවුන් දෙදෙනා අතර දීර්ඝකාලීන දේශපාලන විරසකයක් පැවති බව දේශපාලන කරළියේ ප්‍රකට කරුණකි.

මේ අතර, පිල්ලෙයාන් පාර්ශ්වය විසින් පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන වධකාගාරයක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, කොළඹ නගරය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සහය දැක්වූ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වී තිබේ.

05/07/2026

අපි දකිනවා හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගන්නවා. බුද්ධි අංශ ප්රකධානීන් හිරගත කරනවා. ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? අද වෙනකොට අධිකරණ පද්ධතිය ඇතුළේ අවුරුදු 12ක් 10ක් යනවා අපරාධ නඩු අහන්න. ගමේ තරුණ පිරිස් අදත් ඉන්නවා සමහර බොරු නඩුවලට අහුවෙච්ච අය. විදේශ රැකියාවකට යන්න විදිහක් නෑ අපේ හාමුදුරුවනේ, පොලිස් වාර්තාවක් ගන්න විදිහක් නෑ. සමහර මිනිස්සු අවුරුදු 20, 30 උසාවි යනවා. දැන්, ඒ නඩු ගැන මොකක්ද ආණ්ඩුවේ සැලැස්ම.අපේ නඩු නම් මාස හයෙන් අහනවා.අපේ ඒවනම් මාස හයෙන් අහනවා, කමක් නෑ. මේ අර මනුස්සයන්ටත් සාධාරණයක් කරන්න. ඒ අයටත් සාධාරණයක් වෙන්න ඕනේ.

මාතර කොටපොළ ප්රනදේශයේ ඊයේ (04) දිනයේ පැවැති ජනහමුවකදී නාමල් රාජපක්ෂ මේ අදහස් පළකර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්....

තාම මැතිවරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට අදහසක් නෑ.මොකද ආණ්ඩුව දන්නවා ඡන්දෙකට ගියොත්, පළාත් සභා එහෙම තිබ්බොත් රිදෙනවා. හැබැයි අද අපි ගමෙන් ගමට යනකොට අපේ හාමුදුරුවනේ, හැම ගමකම ජනතාව අපි එක්ක අත්වැල් බැඳගන්නවා. අපිට ඡන්දය දීපු, නොදීපු, පහුගිය මැතිවරණවල හිත් බිඳිලා, රිදිලා හිටපු, අපෙන් ඈත් වෙච්ච, වර්තමාන ආණ්ඩුවෙන් යම් වෙනසක් බලාපොරොත්තු වෙච්ච තරුණයෝ, වැඩිහිටියෝ, බොහෝ පිරිසක් අද අපි එක්ක එකතු වෙනවා. ඒ විශ්වාසය මත.මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. සහ අපි කියපු දේ කරලා තියෙනවා. කියපු දේ කරලා තියෙනවා. යනුවෙන් පැවසීය.

05/07/2026

මොන යකෙක්ටවත් බයත් නැහැ කොන්ද නවන්නෙත් නැහැඒ්ක නිකන් මෝඩ මොරාල් එකක් නෙවෙයි - ඇමති බිමල්

05/07/2026

විවිධ වැරදි සහ විෂමාචාර ක්රිුයා හේතුවෙන් පසුගිය කාලසීමාවේදී පොලිස් සේවයේ නිරත වූවන් දහසකට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පසුගිය පාලන සමයන්වලදී පොලිස් දෙපාර්තමේන්තුව අතිශයින්ම දූෂිත ආයතනයක් බවට පත්ව තිබූ අතර මාලිමා ආණ්ඩුව බලයටත් පත් වීමත් සමඟ එම තත්වය වෙනස් කිරීමට ඉතා විශාල වෙහෙසක් ගනු ලැබීය.

වත්මන් පොලිස්පතිවරයා යටතේ පොලිස් සේවයේ නිරත වෙමින් විවිධ අපරාධයන්ට, මත්ද්ර ව්යල භාවිතයට, දූෂිත ක්රි යාවන් සම්බන්ධයෙන් චෝදනාවලට ලක්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉතා කඩිනමින් නීත්යා්නුකූල ක්රිසයාමාර්ග ගනු ලැබූ අතර මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය ක්රිමානුකූලව ගොඩනැගීමට එම කරුණුද බලපා තිබේ.

05/07/2026

ලෝව ප්‍රකට ෆෝමියුලා 3 තරගාවලියේ බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවති අදියරේදී යෙවාන් ඩේව්ඩ් එහි ස්ප්‍රින්ට් ඉසව්වේ දෙවන ස්ථාන හිමිකර ගෙන තිබෙනබා.

මේ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ ෆෝමියුලා 3 හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රි ලාංකික ක්‍රිඩකයා ලෙසයි.

05/07/2026

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනයට අවශ්‍යය කටයුතු සම්පාදනය සඳහා සාකච්ඡාවක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේදී ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.

මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ඇතුළු රාජ්‍ය හා ප්‍රජා නියෝජිත පාර්ශ්ව රැසකගේ ඒකාබද්ධ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ඩෙංගු මර්දනය සඳහා ජනතා සහභාගිත්වය ඉහළ නංවා ගනිමින් බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ම ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම අධිඅවදානම් කලාප පහත පරිදි වේ

කොළඹ දිස්ත්‍රික්කය (MOH -10) :- මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල, කොළඹ මහනගර සභාව-D1, D3, D4

ගම්පහ දිස්ත්‍රික්කය (MOH -8) :- බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මිගමුව, මිනුවන්ගොඩ

කළුතර දිස්ත්‍රික්කය (MOH -5) :- පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කළුතර

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ආයතනය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තතමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo
Colombo