ShamiSri
දෙන්න දෙන්න ලැබෙන දේ 🙏
07/07/2026
මොහොතින් මොහොත වෙනස් වෙන හීනෙන් අවදිවෙන්න...
"දේවල් වෙනස් වෙනවා නෙවෙයි. එහෙම වෙනස් වීමක් වෙන්නවත් 'දේවල්' කියලා කිසිවක් පනවන්න බෑ. ඔයාට බැරි නෑ මේ වෙනස් වෙමින් වෙනස් වෙන හීනෙන් අවදිවෙන්න..."
අපි හැමදාම ජීවිතය දිහා බැලුවේ එකම කෝණයකින්. "ලෝකයේ තියෙන හැමදේම වෙනස් වෙනවා, අපිට ආදරේ කරන අය වෙනස් වෙනවා, අපිට තියෙන දේවල් නැතිවෙලා යනවා" කියලා අපි නිතරම දුක් වුණා. අපි හිතාගෙන හිටියේ මේ ලෝකේ ඇතුළේ වෙනස් වෙන්න පුළුවන් ස්ථිර "දේවල්" ටිකක් තියෙනවා කියලයි.
හැබැයි ඊට වඩා ගොඩක් එහාට ගියපු තැනක් තියෙනවා. ඒ තමයි, වෙනස් වෙන්න තරම්වත් භෞතිකව හෝ මානසිකව ස්ථිරව පවතින "දෙයක්" හෝ "පුද්ගලයෙක්" මෙතන ඇත්තටම නැහැ කියන යථාර්ථය.
උදාහරණයක් විදිහට, අපි හිතනවා ගඟක් ගලාගෙන යනවා කියලා. හැබැයි ඇත්තටම එතන 'ගඟක්' කියලා දෙයක් නෑ, තියෙන්නේ මොහොතින් මොහොත අලුත් වෙන, ගලාගෙන යන වතුර බිංදු එකතුවක් විතරයි. අපි අර වතුර ටිකට නමක් දීලා, රාමුවක් දාලා 'ගඟ' කියලා පනවගන්නවා. ඊටපස්සේ ඒ ගඟ හිඳිලා යද්දී වෙනස් වෙනවා කියලා අපි දුක් වෙනවා.
ජීවිතයත් හරියටම ඒ වගේ. වෙනස් වෙන්නේ දේවල් නෙවෙයි; වෙනස්වීමම තමයි දෙයක් විදිහට අපි දකින්නේ. අපි ඒ වෙනස්වෙන ක්‍රියාවලියට නම් දීලා, "මේ මම, මේ මගේ බැඳීම්" කියලා ලොකු රාමුවක් ගහගන්නවා. ඒක හරියට වේගයෙන් ප්ලේ වෙන, හැබැයි ඇත්තටම කිසිවක් නැති, එක දිගට පෙනෙන හීනයක් වගේ මුළාවක්. අපි මේ කරන්නේ ඒ හීනය ඇතුළේ වෙනස් වෙන දේවල් දැක දැක බය වෙන එකයි, අඬන එකයි.
හැබැයි මේ හීනය ඇතුළේ හැංගිලා දඟලනවා වෙනුවට, "මේක හීනයක් නේද, මෙතන වෙනස් වෙන්න තරම් අල්ලගන්න මුකුත් නෑ නේද" කියලා තේරුම් අරගෙන ඇස් අරින එක තමයි අවබෝධය කියන්නේ. එදාට ලෝකයේ කිසිම වෙනස්වීමකට ඔයාව කම්පා කරන්න බැරි වේවි, මොකද ඔයා දන්නවා එතන වෙනස් වෙන්න දෙයක් කවදාවත් තිබුණේ නෑ කියලා.
ඔයාට බැරි නෑ මේ වෙනස් වෙමින් වෙනස් වෙන හීනෙන් අවදිවෙන්න
04/07/2026
04/07/2026
ඉපදීම මරනය
අම්ම කෙනෙක් නොවුනු කෙනෙකුට කවදාවත් තේරෙන්නෙ නැහැ
ඔබ විසින් කරපු නැති දෙයත් කවදාවත් ඔබේ පැත්තට ආවෙ නැනැ 🙏
16/06/2026
අපි අද මොනවා හරි දුක් පීඩාවක් විදිනවානම් 🙏
16/06/2026
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සංවේදී වීඩියෝවක් පිළිබඳව අවධානය!
මිත්‍රත්වයේ නාමයෙන් සිදුකරන මෙවැනි අමානුෂික සහ පහත් ගණයේ විනෝදාස්වාදයන් කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයක්,
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක දැක්වෙන පරිදි, සිය මිතුරාගේ හිස වතුර බාල්දියක ඔබා ඔහුව දරුණු ලෙස හුස්ම හිරවීමට ලක්කළ සිදුවීම සමාජයේ දැඩි පිළිකුලට හා විරෝධයට ලක්ව ඇත.
තත්පර තිහක පමණ කාලයක් අසරණව මරණයට එරෙහිව සටන් වදිමින් අතහැර දමන ලෙස ආයාචනා කළත්, අදාළ තරුනයා එම පීඩනය නොනවත්වා පවත්වාගෙන ගියා අනිත් තරුනයනුත් සුලුවෙන් හෝ ඔහුට සහය උනා.
මේ සිදුවීම අපි වෙනත් කෝනයකින් බැලුවොත් මේ වගේ සිද්ධිවලට වගකිව යුත්තේ දෙමව්පියන් නොවේද ? .
මොකද දරුවොන්ට පොඩී කාලේ ඉදලා කියල දීල තියෙන්නෙ ඔයා කාට හරි ගැහුවොත් හරි හිංසා කලොත් හරි ඔයාට පව් පිරෙයි කියලයි දරුවොන්ට පොඩී කාලේ ඉදලා තමුන් ගැන විතරක් හිතන්න උගන්නල ආත්මාර්ථ කාමි සහකම්පනය නැති දරුවො කරල තියෙන්නේ මට විතරයි මගේ විතරයි කියල .
දෙමව්පියන් දරුවෙකුට පොඩී කාලේ ඉදලා කියල දුන්න නම් පුතේ ඔයා කාට හරි ගැහුවොත් එයාට රිදෙනවා ඔයාට ගැහුවම රිදෙනවා වගේ කියල.ඒ දරුව අනුන්ගේ වේදනාව අදුරන සහකම්පනය ඇති සංවේදී දරුවෙක් වෙනවා.
මට හිතෙන්නේ සහකම්පනය ඇති මිනිස්සු ඉන්න සමාජයක් ගොඩ නගන්න පෙර,
දරුවො ලොකු උනාට පස්සෙ ඔවුන්ට අවවාද දෙනවා වෙනුවට ,
ලමයි හදන්න බලාපොරොත්තු වෙන දෙමව්පියන්ට හොද අවබෝධයක් දෙන්න ඕනේ කොහොමද සහකම්පනය ඇති දරුවෙක් මේ ලෝකෙට දායද කරන්නේ කියන එක ගැන ඔහේ දරුවො හැදෙන්නම් වාගේ දරුවො හදන්න ගියාම මේ වගේ දෙයක් ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ??
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo