Nilendra Deshapriya

Nilendra Deshapriya

Share

19/09/2025

MasterChef Sri Lanka 🇱🇰
වරලත් හිමිකාරිත්වය සහ බුද්ධිමය දේපළ

ලෝකයේ තනියායක් වී ඇති වර්තමානයේ, බුද්ධිමය දේපල යනු කිසිවෙකුට සොරකම් කළ හැකි හෝ වංචනිකව අත්පත් කර ගෙන භුක්ති විඳිය හැකි අවස්ථාව වළක්වා නිර්මාණකරුගේ ඔහුට හෝ ඇයට ඒ සම්බන්ධයෙන් ඇති අයිතිය තහවුරු කරන තැන දක්වා ලෝකය බොහෝ දුර ගොස් ඇත.

WIPO සංවිධානය හරහා ජාත්‍යන්තරවත්. NIPO සංවිධානය හරහා දේශීයවත්, එය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව තුළත් බොහෝ නීති සම්පාදනය වී හමාරය.

එහෙත් බුද්ධිමය දේපල පිළිබඳව ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම අප නිරත ටෙලිවිෂන් සහ චිත්‍රපට. ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් ඒ පිළිබඳව දක්වන්නේ අවම අවධානයකි.

එවන් වූ පසුබිමක සමන් සේනාධිර වැනි බුද්ධිමය දේපළ පිළිබඳව හසල දැනුමක් ඇති සහ ඒ පිළිබඳව අවබෝධයක් ඇති, නොනැසෙන සුළු උනන්දුවක් ඇති, නිරන්තරයෙන්ම අධ්‍යයනයේ යෙදෙන නීති විශාරදයකු හමුවීම නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ නියුතු සැමට ආශිර්වාදයකි.

ඔහු නියෝජනය කරන Capital Law Chambers & Corporate Consultants (CC &CC)ආයතනයේ තිළිණි විජේසූරිය සහ නදුප ජයකොඩි ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය දිවා රෑ කැපවී කරන කර්තව්‍යයන්, ඔවුන්ගේ රාජකාරිය වී නමුදු, ඒ රාජකාරියක් සේ සැලකීම ඉවතලා දේවකාරියක් ලෙස සැලකීම සහ කැපවීම ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන විරල වෘත්තියවේදිත්වයකි.

තම නොදැනුවත්කම නිසා හෝ නිර්මාණය ප්‍රදර්ශනය කර ගැනීමේ උවමනාව වෙනුවෙන්ම ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් සදාකාලික අයිතියට [ Perpetual Rights] ටෙලිවිෂන් නාලිකාවකට හෝ චිත්‍රපට සංරක්ෂණ කරන්නෙකු මෙන් පෙනී සිටින මුදලාලිලාට පැවරීම ඇතුළුව තවත් පැති ගණනාවකින් නිර්මාණකරුවන්, ඔවුන්ගේ නිර්මාණ මුදල් බලයෙන්, ආයෝජකයන් මෙන් පෙනී සිටිමින් සහ වෙනත් වංචනික ආකාරයෙන් මංකොල්ලකෑම දැනුදු ශ්‍රී ලංකාව තුළ නොකඩවා සිදුවෙයි.

කිසිවක් නොකියවා ගිවිසුම් අත්සන් කරන නිර්මාණකරුවන් පසුව තම නිර්මාණය යළි මහජන ප්‍රදර්ශනයට හෝ වෙනත් නාලිකාවක ප්‍රදර්ශනය කිරීමට හෝ උත්සාහ දරන විට තම නිර්මාණය සදාකාලයටම කොල්ලකා ඇති බව දැනගන්නේ පසුවය.

එය එසේම බව මෙය කියවන බොහෝ නිර්මාණකරුවන් තම අත්දැකීම් තුළින්ම සාක්ෂි දරනු ඇත.

බුද්ධිමය දේපොළ පිළිබඳව මනා අධ්‍යයනයක් ඇති, අවබෝධයක්ඇති. එමෙන්ම සුවිශාල කැපවීමකින් ඒ කටයුත්ත කරන සමන් සේනාධිර නීතීඥ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ගෞරවයක් ලෙස මේ සටහන මෙසේ තබමි.
💐💐💐
***තව කිව යුතු දේ බොහෝය***

කෙටියෙන් මේ සටහන් තබන්නේ කියවන ඔබ වෙහෙසට පත් නොකිරීමටයි.

ඔබ මේ ලිපි පෙළ අගය කිරීම සහ නොනවත්වාම අදහස් දැක්වීම කරගෙන යන ලෙස මම ගෞරවයෙන් ආරාධනා කරමි.
ඒ පිළිබඳව මම ඔබට ඉමහත් ලෙස කෘතවේදී වන අතර, එය මා කරගෙන යන මේ වියමන නොනවත්වාම කරගෙන යෑමට අවශ්‍ය කරන ධෛර්යය සහ ශක්තිය ලබාදීමකි.

යළිත් බෙහෙවින්ම ස්තූතියි 🙏

****මතු සම්බන්ධයි**** ❤

මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
This is a paid advertisement
இது ஒரு கட்டணம் செலுத்தபட்ட

-නිලේන්ද්‍ර දේශප්‍රිය
Director/Producer - ShowRunner
MasterChef Sri Lanka


MasterChef Sri Lanka Franchise Holder

Want your public figure to be the top-listed Public Figure in Malabe?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Nilendra Deshapriya Productions, Halbarawa Gardens
Malabe
10115