SANDU WITH Love
හොද කරපු මිනිස්සු හැමදාම වැරදිකාරයෝ වෙලා,වැරදි කරපු මිනිස්සු හැමදාම හොද වෙන්නේ ඇයි?🥺🙂
"ඔයා තමයි මට හම්බවුණ හොදම කෙනා "කිව්වට ,එහෙම වුණේ එයාට අනිත් කෙනා හම්බවෙනකල් විතරයි නේද 😐☹️
27/02/2025
ඇයි හැමෝම රෝස මල්වලට විතරක් කැමති
ඇයි කවුරුත් කැමති නැත්තේ තනියම පිපෙන කැළෑ මල්වලට
සුවදයි ලස්සනයි රෝස මල්වලට තිබුණට
මට නම් හිත යන්නෙම කැළෑ මල්වලට ❤️💐
සදූ✍️❤️
27/02/2025
අගක් මුලක් නොතේරුනාට
ඒක දෙයක් මම හොදට දන්නවා
මට ඔයා නැතුව බෑ කියලා
අනිත් හැමෝම ලේකෙට පේන්න ආදරේ කරද්දි
මං කාටත් හොරෙන් ඔයා ළගටම වෙලා හිටියා
හැමෝම දවස් සති අවුරුදු ගණන් ආදරේ බෙදා ගද්දී
මං තනියම මුළු ජීවිත කාලෙම ඒ ආදරේ රැකගන්නවා
බෙදාගන්න ආදරයක් ඔයා ළග නැති වුණාට
මං එක දෙයක් හොදට දන්නවා
මං හරි ලස්සනට ඔයාට ආදරේ කරනවා💐❤️
සදූ✍️❤️
26/02/2025
මම දන්නෙ නෑ මට ඇයි මට මෙහෙම වෙන්නේ කියලා 🙂
මම කාටහරි හොදක් කරන්න ගියත් අන්තිමට මම වැරදී වෙනවා,
කවුරුහරි විශ්වාස කරලා ආදරේ කරන්න ගියාම එයාලත් මට බොරු කරනවා
ඒ හැමදේම ඉවසගෙන දරාගෙන ඒවා තේරුම් කරන්න හදද්දී අන්තිමට එයාලට මාව එපා වෙනවා
ඒත් එක දෙයක් මම හොදට දන්නවා ඒ හැමදේකින්ම මගෙ හිත ගොඩක් රිදෙනවා😊
26/02/2025
ඔයාත් කරලා තියෙනවද ආදරේ....
අයිතියක් වත් නැති හිමිවීමක් වත් නැති....
ආදරේ අයිතිය එයාවත් දන්නෙ නැති...
හරි පව් එහෙම මිනිස්සු ....
වෙන කෙනෙක්ට අයිති කියලා දැන දැනත් ....
කිසිම වාසියක් නැතුව තාමත් එයා ගැන ඔයත් හොයනවද...
ඇත්තම කියන්න එයාට ආදරෙයි නේද තාම....
අනේ චූටි ප්‍රාර්ථනාවක් !එයාව ඔයාට ම හමුවෙන්න ඕනෙ දවසක....❤️💐
සදූ✍️❤️
Click here to claim your Sponsored Listing.