Review By Krishadh

Review By Krishadh

Share

Photos from Review By Krishadh's post 09/06/2026

නටත් අයෙක් සුරා මතින්
දෙවැනි කොටසේ මම ආසම මොහොත තමයි මේ…
කොටස් 16 ක් නටා අවසන් වූවත්
මෙහි තිබූ මෙවැනි දර්ශන සහ රූප රාමු මගේ මනසේ චිත්‍ර සේ රැඳී පවතී… මේ කතාව පුංචි තිරයේ සුවිශේෂි තැනක් අත්පත් කරගනිමින් සිටින්නේ ඒ නිසාවෙනි..

පයින් එහෙ මෙහෙ යන පිරිමියෙක්..
තමන් කෙසේ හෝ ඉතිරි කරගෙන ගත් ස්කූටරය පැදගෙන එන ගැහැණියෙක්..
විඩාබර වූ දෙනෙත්…
දෙදෙනා පමණක් දෙදෙනාගේ කතා දන්නා බව දෙදෙනා සිතා සිටියත්…
ඉදිරි අසුනේ ඉඳගෙන යන දරුවාට දැනෙන පීඩනය දෙදෙනාට නොදැනේ ද?
දෙමව්පියන් දරුවන් දෙස බලාසිටිනවාටත් වඩා දරුවන් දෙමාපියන් දෙස බලාසිටින වග අපේ දෙමව්පියන්ට නොතේරේ ද?

සුරා මතින් ඉදිරි සතියට නට නටා…🏃‍♂️

#අමරණීයමතක #නටත්අයෙක්සුරාමතින්

Photos from Review By Krishadh's post 08/06/2026

හැමෝම තමන්ගේ පීඩනය පිටකරන්න ක්‍රම හොයාගද්දි
ක්‍රම තියෙද්දි… ඒකට ඉඩක් නොදුන්නම ඒක හිරකරගෙන පිටට නොපෙන්වන්න වුනාම ඒක හරි අමාරුයි…
අත පය බැඳලා වතුර ටැංකියකට දැම්මා වගේ තමයි…

වටේ ඉන්න පිරිස කෑගහද්දි, අඬද්දි, අතපය විසිකරද්දි
තමන්ගෙම කතාවක් ඇතුලෙ හිරවෙන එක අමාරු වැඩක්…

පට්ටි ගෙදර
සුදු මල්ලි චරිතයත් ඒ වගේ…

අවසානයට මත්තෙන්
සුදු මල්ලිට අපිට ඒ කතාව කියන්න ඉඩදීම අනුෂ්ක ගහපු තුරුම්පුවක් වගේ…
සීමාවක, රාමුවක රාමුගත වෙලා.. හැඟීම් පාලනය කරගෙන චරිතයකට රංගනයෙන් දායකවෙලා… ඒ අවස්ථාව ලැබුණ වෙලේ පීඩනය ප්‍රේක්ෂකාගාරය වෙත මුදාහරින්නත් ටැලන්ට් එකක් තියෙන්න ඕනේ…
ධම්මික සුදු මල්ලි කියන අසයිමන්ට් එක හරියට කළා..
පට්ටි ගෙදර ඉමෝෂනල් විභාගය ධම්මික පාස්…

පිටරටක ඉන්න තමන්ගෙ එකාව මතක්කරන්න..
අනුෂ්කටයි ධම්මිකටයි පුළුවන් වුණා…

ගැඹුරු විල නිහඬ වුනාට
විල නිහඬවෙන්න හේතුත්
විල තරමටම ගැඹුරුයි…🥹

Anushka Rasanjana De Silva
Dhammika Bandara

#අමරණීයමතක #පට්ටිගෙදර

Photos from Review By Krishadh's post 08/06/2026

මෙහෙට හොඳටම වැස්ස…
පාර පේන්නෙත් නැති තරමට,
ජනේලයෙන් බලද්දි වටේම ගස් හෙලවෙන්නේ
හරියට පණ තියෙනවා වගේ….
ටිකෙන් ටික අඳුරත් වැඩිවෙනවා..
පොඩි තනිකමකුත් දැනෙනවා…

මිනීමරුවෙකුගේ මතක අතරින් මේ කාලගුණය ගෙවාදමන්නටත් හිතේ ආසාවක් තියෙනවා…
ගුවන්විදුලියට කතාකරලා Sad letter සිංදුව රික්වෙස්ට් කරලා… 📻
ඒකත් අහන ගමන්..
ජියොල්නම්, ගංග්වොන් මැදින් සෝල් වලටත් පොලිසියත් එක්න ඇවිත්..
ජක්බොංග් බෝක්කුව ගාව නතරවෙලා කල්පනා කරන්න යමු…
දකුණු කොරියාවට…👿

වැහිබර කාලගුණයට දිව ඔසු,
Memories of murder.. ☔️

#අමරණීයමතක

Photos from Review By Krishadh's post 06/06/2026

Truman Show තිරගත වූයේ
මීට වසර 28 කට පෙරයි..෴😍🤗

#අමරණීයමතක

Photos from Review By Krishadh's post 05/06/2026

අද හොඳටම වැස්ස නිසා
කෝපි එකකුත් හදාගෙන
“ජැෆ්නාදරය” බලන්න සෙට්වෙලා..
ඉන්ස්ටා එකේ පොඩි රවුමක් දාන්න යද්දි තමයි
දුෂේනිව මෙහෙම දැක්කේ…

ටිප් ටිප් බර්සා සිංදුවේ රවීනාවත් මතක්වුණා..
ඒතරමට මේ පින්තාරු ටික නම් ඇහැට ප්‍රියයි…

ජැෆ්නාදරයේ
රමේෂ් දැකපු වෙලාවේ ඉදන් රුවිනිගේ පස්සෙන් යන එක අහන්නත් දෙයක්ද ඉතිං..😅

මොනවා වුනත්
ලංකාවේ නළු නිලියන්ගේ ෆේස් කාඩ්ස් ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් පෙන්නන්න පුළුවන් හොඳම ඇහැ තියෙන්නේ රැෆෙලාට ♥️👌

Raffealla Fernando

#ජැෆ්නාදරය

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo
10400