Forget me not
07/05/2026
තව කෙනෙක්ගේ හැසිරීම මත ඔයාගේ සතුට තීරණේ වෙන්න දෙන්න එපා...🤍
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
06/05/2026
අපිම තෝරගත්තු පාරවල් වල අපිම අතරමං වෙලා විදවනවා...🖤
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
06/05/2026
අපි හීන මවන සමහර දේවල් අපි බලාපොරොත්තු වෙන තරම්ම සුන්දර නෑ...ඒ නිසා ලැබිලා තියෙන වර්තමානය විදින්න...
කොහොමවෙයිද කියලා නොදන්න අනාගතයක් වෙනුවෙන් මේ මොහොතේ සතුට උකස් කරන්න එපා..❤️
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
29/04/2026
ඔයාට දුකක් දැණුනොත් මුහුදට යන්න...
මුහුද ඔබට බොහෝ දේ නිහඩවම වටහාදේවි...💙
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
29/04/2026
දවසක , හවසක....
ඉරබැහැගෙන යන හවසක මීදුමෙන් පිරුණු කදුපන්ති දිහා බලාගෙන උණුසුම් කෝපි කෝප්පයක් බොන්න...
කදු මුදුන් වලට එහායින් පේන ලා තැඹිලි පාටින් බබලන මනරම් අහස දිහා බලාගෙන ඔහේ කල්පනා කරන්න...
මීදුමෙන් ගත කිලිපොලා යන සීතල විදිමින් ඈත කදු පන්ති දිහා බලාගෙන ඔයා ආසම චිත්‍රපටයක් නරඹන්න...
එහෙමත් නැත්නම් පොතක් කියවන්න...
නිකන් නිකමට මවාගන්න...
ඒ හවස කොච්චරනම් සුන්දර වෙයිද....
මම ප්‍රාර්ථනා කරනවා....
එහෙම හවස්වරු ඔයාගේ ජීවිතේට ඉක්මනින්ම ලගාවෙන්න ඕනි....❤️
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
29/04/2026
ඔයාට ජීවිතේ ගැන කලකිරීමක් , තනිකමක් , හිස් බවක් දැනෙන හැමවෙලේම මතක් කරගන්න...
ඔයා කවදාවත්ම නොහිතන තරම් ලස්සන සුන්දර ලෝකයක් ඔයාට දකින්න තියෙන බව...
ඔයා දවසක මේ ලෝකේ තියෙන හැම සුන්දරත්වයක්ම විදින්නම ඕනි...
මේ ලෝකේ ඒ තරමටම සුන්දරයි...🍂🖤
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
28/04/2026
ඔයාගේ මාර්ගයට විතරක් අවධානය දෙන්න...
ඔයා ඇයි මේ මහන්සි වෙන්නේ...
ඔයා ඇයි රෑ නිදි මරාගෙන පාඩම් කරන්නේ...
ඔයා ඇයි මහන්සි වෙලා ඔයාගේ රස්සාව කරන්නේ...
මේ කිසිම දෙයක්, දවසක සල්ලි ගොඩක් තියෙන්න ඕනි කියන අදහසින් කරන්න එපා...
ඔයා මේ හැමදේම කරන්න ඕනි ඔයා ආස විදිහට ජීවත් වෙන්න...
ඔයා ආස තැනක ඇවිදින්න...
ඔයා ආස විදිහට තව කෙනෙක්ට උදව් කරන්න...
මං දන්නවා මේ හැමදේටම සල්ලි ඕනි කියලා...
සල්ලි කියන්නේ ඔයාට සතුටින් ඉන්න අවශ්‍ය දෙයක් මිසක්...
සල්ලි කියන්නේ සතුට නෙමෙයි...
ඉතින් ලස්සන අරමුණක් හදාගන්න...
ඔයා අද මේ මහන්සි වෙන්න ඒ වෙනුවෙන්...
ඉතින් ඒ නිසා මේ හැමදේම සතුටින් කරන්න...
මොකද මම ආයි ආයි කියනවා...
සාර්ථකත්වය කියන්නේ ගමනාන්තයක් නෙමෙයි ආදරණීය පුංචි ළමයෝ...❤️
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
27/04/2026
සමහර නරක කාලවල් ඔයාගේ ජීවිතේට නාවනම්...
ඔයා තාමත් හිතාගෙන ඉන්නේ, ඔයා දුර්වල මනුස්සයෙක් කියලා...♡
ඒකයි අපි සමහර නරක මතක වලට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න ඕනි...☘️
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
27/04/2026
සාර්ථකත්වය කියන්නේ ගමනාන්තයක් නෙමෙයි ! ! !
මේ මම දකින විදිහට ජීවිතේ කෙනෙක්ට ලැබෙන්න පුළුවන් හොදම උපදෙස් වලින් එකක්...
මේ පුංචි වාක්‍ය අවබෝධ කරගන්න සමහර වෙලාවට සමහර මිනිස්සු තමන්ගේ ජීවිතේ අර්ධ ශතකයකටත් වඩා කාලයක් ගන්නවා...
තවත් සමහරු ජීවිතේ කිසිම දවසක මේ සත්‍ය අවබෝධ කරගන්නේ නෑ...
සමහර මිනිස්සු කියනවා සාර්ථක වෙන්න පරතෙරටම ඉගෙනගන්න ඕනි කියලා...
තවත් සමහරු කියනවා ඉක්මනින් කසාදයක් කරගන්න ඕනි කියලා...
තව කෙනෙක් ප්‍රසිද්ධිය තමයි හොදම සාර්ථකත්වය කියලා දකින්න පුළුවන්...
හොද ගෙයක් , වටිනා වාහනයක් , ලොකු පඩියක්...
ඇත්තටම සාර්ථකත්වය කියන්නේ ඔයාගේ හිතේ සතුට විතරමයි...🍂
මේ කියන්නේ ඔයා සතුටින් ඉන්න බව ලෝකයට පෙන්වීම ගැන නෙමෙයි...
තනියම නැවතිලා හිතද්දි ඔයා ඉන්නේ සතුටින්නම්...
ඔයාට සාර්ථක වෙන්න පුළුවන් එකම විදිහ ඒක විතරයි...
ඉතින් ඔයා මොන දේ කලත් ඔයාගේ අරමුණ වෙන්න ඕනි ඔයාගේ හිතේ සතුට සැනසීම පමණමයි...🍂
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤
27/04/2026
ජීවිතේ අපි ගොඩක්ම බය වෙන දේවල් සමහරවෙලාවට අපි හිතන තරම් නරක නෑ...
සමහරදේවල් වලට , ඒ දේවල් වුණොත් මොකක්ද කරන්නේ කියලවත් හිතාගන්න බැරි තරමටම අපි බය වුණාට...
ඇත්තටම ඒ දේවල් වලට මූණ දෙන්න වුණු දවසට දැනෙනවා ඒ දේවල් අපි හිතපු තරම් දරුණු නෑ කියලා...
ඉතින් මේ ජීවිතේ කිසිම දෙයක් අපි හිතනවා වගේ නරක නෑ...
මේ හැමදේම හරි සුන්දරයි...
මොනාමහරි සුන්දර බවක් මේ හැමතැනකම හැංගිලා තියෙනවා...
ඉතින් ඒක හොයාගන්න...♡
𝓓𝓾𝓵𝓪 ᥫ᭡
Forget me not 🖤