Nadisha nirmana herath

Nadisha nirmana herath

Share

11/01/2026

2 කොටස

දුරකථන අනෙක් පසින් සිටි තැනැත්තා තදබල හදිස්සියකින් පසුවන්නා සේය.ඇත්කටම ඔහු කවුද.නීලා නැවත දුරකථන රිසීවරය අතට ගෙනඑය තම කන වෙත ලංකර ගත්තේය.
"සර්ට ,අපේ මැඩම්ට කතාකරන්න ලොකු හදිස්සියක් තියෙන්න පුළුවන්.ඒත් කවුද කියල දැනගන්න කැමතියි"

"කවුද නීලම්මෙ" එකවරම රිසීවරය නිහඩව ගිය අතර නීලාට නම් ඒ කවරෙක්දැයි කුකුස වැඩිව තිබිණ.

" කවුරු හරි නෝනව අදුනගන්න මාන බලන කෙනෙක්" ඇය හීන් හුස්මක් පිටකලාය.තමා සමඟ කාලාන්තරයක් තිස්සේ සිටින මීනාට බොරු කල නොහැක.ඇය සියල්ල මොහොතකින් හදුනාගනී.ඇත්තටම ඔහු කවුද සරසිගේ සිතෙහිද තිබුනේ ප්‍රශ්නාර්ථයකි.එදිරිමාන්නගේ මිත්‍රයා වත්ද?

යෝගී ඉරියව් කිහිපයකින් අනතුරුව මීනා ඇය වෙනුවෙන් සූදානම් කල පපායා වීදුරු අතට ගත් ඔි කුඩා ඩිවානය මත දිගඇදුනේ රූපවාහිනී යන්ත්‍රයෙහි ස්වයංක්‍රීය පාලකය ලගට ගනිමිනි.එහි වූ දේශීය චැනලයක් සුසර කල ඔි ,

"මීනා,උදේ කෑම මොනවද " යැයි ඇසුවෙි අද වෙනදාටත් වඩා වෙහස වූ ආකාරයක් පෙන්වන දහබිදු පිස දමමිනි.

" කව්පි තැම්බුවා.බටර් එක්ක.පානුත් තියෙනවා"

"මීනා බ්රෙඩ්නම් එපා,දන්නවනෙ ඒව එච්චර හොද කෑමක් නෙවෙයි" චැනල් එකින් එක මාරු කරමින් අනතුරුව ඇගේ නෙත ගැටුනේ එක්තරා චැනලයක විකාශනය වන සිනමා වැඩසටහනකි.එයට පැමිණ සිටියේ විදත්තනා අමරසිංහ සහ රන්දුල වීරරත්තන වන ක්ෂේත්‍රයේ ම දෙදෙනෙකි.

ඔහ්...විදත්තනා ,රන්දුල එකට.... ඇය තමාටම කියාගත්තාය.ඔි එහි හඬ වැඩි කරන්නට විය.

" ක්ෂේත්‍රයේ හැමෝගෙම අතරෙ තරගයක් තියෙනව.මං හිතන්නෙ තරගෙ හින්ද තමයි නිර්මාණයක් වුනත් රංගනයෙ නිරත කෙනෙක් වුනත් දක්ෂ වෙන්නෙ"

යකඩො මෙිකිගෙ කට...සරසි කූල් එක බීගෙන බීගෙන ගියේ ඒදෙස බලාගෙනමය.ඇය මෙතරම් ඉක්මනට තරු නාලිකාවෙි ඉන්ටෙව් එකකට ගියේ සපරමාදු ගේ හයියෙන් විය යුතුය.ඇය නැවත තිරය දෙස බලා තමාටම සිනාසුනාය.ඇය සිහිපත්කලේ කලකට ඉහත බදුල්ලේ සිට ආ කෙල්ලක ලෙසින් විදත්තනාගේ ප්‍රථම මුණගැසීමයි.කහට ගැහුනු ගවුමකින් සැරසී සිටි ඇයගේ දත් පවා අව පැහැ ගොස් තිබුණි.සියල්ලඅද වෙනස්ව ඇත.කාලය මැවු වෙනස.
කෙසේ වෙතත් තමන් හා සමානවමඉදිරියට ආ ඇය ගැන සරසි සුභවාදීව සිතන්නට වූවාය.

" මම හිතනවා තවමත් සරසි තමයි ලංකාවෙි නිලිය කියල.එතනට ලංවෙන්න මට ඔිනා නෑ." අවසානයෙහි විදත්තනා කතාව අවසන් කලේ ප්‍රශ්න ඇසූ නිවෙිදකයාට පවා තමාගේ නම විවෙිචනයට ඉඩක් නොදෙමිනි.ටෙලිවිෂනය නිවා දැමූ සරසි සපරමාදුගේ දුරකථන අංකය ඇමතුමක් ගන්නට වූවාය.

**************************
නාලිකාවෙි එක්තරා මැදිරියක කුඩා පුටුවක් මතවනා ඇති බෙසියරයකි.අනිත් කෙලවරේ කිසිවෙකුගේ ටී ෂර්ටයකි.ඒ අතර ලතාවකට සෙලවෙන මෙිසයකින් බිමට වැටුනු ධවල කාන්තා පාදයකි.දුරකථනය අතට ගත් සපරමාදු තමාඅසල සිටි තරුණියගේ ෆයිල්කවරය මත වූ ලියුම කියවා අත්සන් කලේ නලලත වූ දාබිදු පිසදමමිනි.

"හරි,හෙට ඉදන් වීකෙන්ඩ් වැඩසටහන කරන්න එන්න...යැයි පවසා රහසින් මෙන් " පොඩ්ඩක් හොද සුවඳක් පාවිච්චි කරන්න" යැයි අගේ කනට කොදුරා කීවෙිය.ඇය අසල බිම හා පුටු මත වූ ඇදුම් එකිනෙක අහුලනනට වූවාය.එක්වරම දුරකථනය නාද.එහි තිරය මත දකින්න ලැ⁣බුනේ සරසිගේ නමයි
" ආ මෙයා මොකද මෙි වෙලාවෙ...සසස සිතන්නට වූයේය.

සරසි හිත රිද්දන්නට ගිය තවත් කෙනෙක්?

නිලියකගේ පෙම 3 කොටසින්
නදීෂ නිර්මාණ හේරත්
කතෘ අයිතිය සුරකින්න

23/11/2025

#නිලියකගේ_පෙම

" ජයමිනී කැමති තීරණයක් ගන්න.රගපාන එක මම අත අරින්නෙ නෑ "
#සරසි_විජේරත්න

" ඇයි ළමයෝ බය වෙන්නෙ,අනික ඔය ඉන්න හැම නිලියක්ම හැදුවෙ මම.නිලියක් වෙන්න තමන්ගෙ කැපකි⁣රීම අනිවාර්යයෙන් ම ඔිිනා"
#ඩයස්_අමරවත්ත

"සරසි දැන් හැඩයිනෙ,අපි මුලින් හම්බෙච්ච දවසෙ වගේ නෙවේ.ඩාන්සින් ෆ්ලෝ එක ඔිපන් කලා.ශැල් වී ඩාන්ස්?
#මදනායක_ඇමතිතුමා

"මම ඔයා එනකන් කොච්චර බලන් හිටියද...මන්දා සරසි දැන ඔයා කරන දේවල් මටවත් හිතාගන්න බෑ "
බ්‍රයන් සමරසිංහ

©නදීෂ නිර්මාණ හේරත්

පිටුව ලයික් කරල තියාගන්න

17/11/2025

චෝරා - 4 කොටස

හරිබාද් මුදලාලි පත්තු කරගෙන සිටි දුම්වැටියෙහි වූ ලාංඡනය බ්‍රිතාන්‍ය එකක් බැව් චෝරා හදුනාගත්තේ කුඩා එළියෙනි.
ඔහු උගුරපාදන හඩ විටින් විට ඇසෙයි.

" මං හිතුවෙ උඔ ගෙදරත් යන්න ඇති කියල.ඇයි එච්චර තදියමක්නෙ තිබුනෙ"

" මුදලාලි,කොටුවුනා නොවැ මම මහ වැස්සකට" චෝරා බොරු කියන මුල්ම අවස්ථාව මෙය නොවෙි.

" හම්.මං දැක්කා අර ජර්ඩන් බිල්ඩිම යටට ඔහේ දුවනව.ඒ වෙලාවෙ ක⁣ඩෙිම හිටියනම් නොතෙමී මාත් එක්කම එනවනේ" මුදලාලි හොද මිනිහෙක්.චෝරා තනියම සිතුවෙිය.එහෙත් තමන් අත අැති පොට්ටනිය ගැන ඔහු නොඇසීමම වාසනාවකි.රික්ෂෝව ඉදිරියට ඇදෙයි.ඒ අතරතුර හයිබාද් මුදලාලි පොකැට් රේඩියොව සක්‍රීය කරයි.එහි නැගෙන්නේ රාජේෂ් කපූර් රගන පසුබිම් ගීතයකි.

" ෂෝක් පින්තූරය මුදලාලි මම හයපාරක් බැලුව"

මුදලාලි සිනා⁣සුනා මිස කිසිවක් නොකියයි.

" නූටාන්ට තමයි මම කැමතිම" එවර චෝරා පොට්ටනියෙන් අත ලිහිල් කරයි.

" මගෙත් ආසාවක් තියෙනව බං පින්තූරයක් කරන්න"

" අගේ ඇති අදහස මුදලාලි.මාත් කැමති රගපාන්න.ඔව් හිගන්නෙකුට නැත්නම් කදා වෙලෙන්දෙක්ට" චෝරාගේ ඇස් විසල් වෙයි.එය දැක හරිබාද් මුදලාලි මහ හයියෙන් සිනාසෙන්නට වූයේය.

වැස්ස ටිකෙන් ටික අඩුවන්නට විය.එකිනෙහි රික්ෂෝව චෝරාගේ පැල්පත වෙතට හැරෙන මාර්ගයේ නතරවෙයි.ඔහු ඉන් බිමට බසින්නේ පොට්ටනිය සගවාගනිමිනි.

" චෝරා මොනවද බං ඔය පොට්ටනියෙ"

"හරිබාද් මුදලාලි..." ඔහු ගේ වචන ගොතගැසෙන්නට විය.

හරිබාද් සියල්ල දැනගනීද

චෝරා හතරවැනි කොටසින් හමුවෙමු

©නදීෂ නිර්මාණ හේරත්
ස්වතන්ත්‍ර නිර්මාණයකි(කතෘ අයිතිය සුරකින්න)

https://www.facebook.com/chorastory/

17/11/2025

චෝරා - 3 කොටස

"ඔික ගොඩක් සැරයි කියලයි මට හිතෙන්නෙම "

එවර චෝරා හිස ඔසවා බැලූ අතර කංසා සුරුට්ටුවෙි ඉරීම නිසාම ඔහුගේ ඇස් වලට ප්‍රාණයක් ආවා මෙනි.

" සුරලෝකෙ,බ්‍රහ්ම ලෝකෙ..යාන්තමට පේන්න ගන්නව තව හරියටම පැය භාගයකට පස්සෙ"

නග්මු දුම් පිටකරන වැඩිහිටියා දෙස බලා සිටියා විනා තමා පසුපසින් පැමිණි තරුණියව නොදුටුවෙිය.ඇගේ පාවහන් වල සද්දය ලගම ඇසිණ.

" මට ටිකක් ඉඩ දුන්නනම්.ඔහෙල හිතන්නෙ මෙික බදුගන්නද" සිහින් කකුල් දෙක සල්වාරියක් ආවරණය කරගත්තද ඇගේ මුහුණ නම් නිරාවරණය වී ඇත.

" ඔහ් සමාවෙන්න නෝනා" චෝරා එතැනින් ඉවත්නූනේ කුඩා පොදිය ,නග්මු දකීවි යැයි බියෙනි.නමුත් නග්මු එතැනින් නැගිට ගත්තේය.

" ආහ් නග්මු මොකද මෙතනට වෙලා.වැස්ස කිව්වට පිරිමි ගෙදරින් කුඩයක් අරන් යන්නෙ නෑනෙ" නග්මුගේ ඇය දෙස බැලුවෙිය.

" ⁣රේවතී ඔයාට පුළුවන් ද මාව පාරෙන් එහා පැත්තට අරන් යන්න"

චෝරා සැනසිලි හුස්මක් පිටකලේ කංසා දුමටත් වඩා ඉක්මනටය.නග්මු ඔහු දෙස බලයි.

" ලොකු උන්නැහෙ,හෙට හවස මට ඔව්වයින් ටිකක් ඔිනා.නිකන් නෙවෙි මම ඔහෙට ගෙවනව" චෝරා පාරෙන් පනින නග්මුත් ,යුවතියත් දෙස බලා හිස වැනුවෙිය.ඔහුගෙ හිතේ ඇති බර සල්ලි පොදියයි.වැස්සද කෙමෙන් පායා ඇත.එකිනෙහි මෙය තමන්ගෙ ජටාවෙි ඔතාගත යුතු යැයි සිතා අනෙක් පසට හැරෙන්නට වූයේය.

" ඒයි මෙි අහනවා " එවර ඔහු දුටුවෙි කිසිවෙක් පාර හරහා පනින ආකාරයයි.

" ඇයි මහත්තයා..."

" පොලිස් ස්ටෙිෂම කොහෙද තියෙන්නෙ" ඔහුගේ මුහුණ කලබලයෙනි.

" තව ටිකක් ඉස්සරහට ගියාම තණ්ගමනී කියල රසකැවිලි කඩයක් ඇති එතනින් වමට "

ආගන්තුක මිනිසා සිරිපොද වැස්සේම ගමන් කරන්නට විය.ඔහු⁣ තමන්ගෙ සල්ලි පොට්ටනිය නැතිවූ පුද්ගලයාවත්ද.දෙයියනේ මම මෙි කරන්නෙ හොද වැඩක්ද යැයි සිතමින් චෝරා ජටා රෙද්දට සල්ලි පොදිය බැද එය කර තබාගත්තේය.අනතුරුව හෙතෙම සෙමින් වීදිය දිගේ ඉදිරියට ඇදුනේය.මද දුරක් ගමන් කරත්ම එක්වරම රික්ෂෝවක් නතර වුනු අතර එයින් ගැස්සුනු චෝරා පසෙකට විය.

" චෝරා..උඔ මෙච්චර වෙලා මක්කලාද..යමන් මම ගිහින් දාන්නම්" ඒ වෙන කිසිවෙකුත් නොව හරිබාද් මුදලාලිය.චෝරා සෙමින් රික්ෂෝවට නගින්නට වූයේ දෙගිඩියාවෙනි.

හරිබාද් චෝරාගෙ රහස දැනගනීද

චෝරා හතරවැනි කොටසින් බලාපොරොත්තුවන්න.

නදීෂ නිර්මාණ හේරත්

ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)

17/11/2025

චෝරා--------2 කොටස

" මගෙ දෙවියනේ...මෙච්චර නෝට්ටු ගානක්.මට මෙික අදහගන්නනත් බෑ " නගර ආරක්ෂක පොලිසිය අන්ධකාර මෙහොතේ සෙවනැලි මෙන් එහා මෙහා සක්මන් කලහැක.ඒ නිසාම හෙතෙම ජෝතියට එය ආවරණය කර ගත්තේය.

මං මෙික කාටද කියන්නෙ...පොලීසියට...බෑ බෑ උන් මාව අල්ලගනීවි හොරකම් කරපුවා කියල..."

නැවතත් ටිකෙන් ටික වැස්ස තද කරන්නට විය.සවස් යාමයේ ජෝර්දා ගොඩනැගිල්ලේ කාර්යාල සේවක නග්මු බසයට යාමට වැස්සේ නොතෙමෙන්න සිටගත්තේ චෝරාට ආසන්නවය.

" ලොකු උන්නැහෙ,ඔහේගෙ පැත්තක් තෙමිල"

හේ විමතියෙන් බලයි.

" කාරි නෑ එහෙම වුනොත් මගෙ රෙදි පොට්ටනිය තෙමෙනව"

නග්මු නැවතත් පසුපසට විය.පිස්සු මනුස්සයෙක් කියන්නත් බෑ.ජටාකාරයෙක්..කලින් දැකලත් නෑ...ඔහු වැස්ස දෙසම බලාසිටින්නට වූයේ මෙි සිතුවිලි එකින් එකට හුවමාරු වෙන අතරේය.

" මාර වැස්සක්නෙ.."

තමා ඔහු දෙස බලන වාරයක් වාරයක් පාසා නිරාවරණය වන බව හැගුණු චෝරා එය නො ඇසෙන ලෙස සිටී.බාගවෙලාවට මෙි තරුණයා කතාවට වැටුනහොත් මුදල් නෝට්ටු දකින්නට ඉඩ ඇත.

" මෙි ඇහුනද"

" සමාවෙන්න.පිපිරෙන හෙන ගෙඩි හින්දා මගෙ කන් දෙකත් අගුල් වැටිල"

" හම්"

චෝරා අතපත ගා තම ජෝතියෙහි සාක්කුව තුලින් ගත් කන්සා සුරුට්ටුව දෙතොලෙහි තබා ගිනි පෙට්ටයද ගත් අතර අභාග්‍යකට මෙන් එය තෙමී ගොසිනි.

" ඔහේ ලග ගිනිපෙට්ටියක් නැද්ද"
එවර නග්මු සිනාසෙමින් තම කරෙහි වූ බෑගය තුලින් ලයිට් පත්තුවෙන ලයිටරයක් අතට ගත්තේය.

" ගිනි ගලක් "

" ඔව්.මං ඔහෙට ගින්දර දෙනව.ඔහේ මට ඔිකෙන් ටිකක් දෙනවා "

මෙිවෙලාවෙහි එය හැර විසදුමක් නැති බව දත් චෝරා සුරුට්ටුව දල්වාගන්නට වෑයම් කල අතර තමන්ට ගිනි ගල පුරුදු නැත.නග්මු එයට සහය වන්නට විය.

" ඔහ්..ඔහේ පුරුදු කාරයෙක් ⁣වගෙයි "

චෝරා හිනැහෙන්නට වූ අතර වැස්ස තව තවත් තද කරන්නට පටන් ගත්තේය.ඒ අතර ගොඩනැගිල්ලේ එහා කොනේ සිට ඔවුනට ඇසුනේ කාන්තා අඩි සද්දයකි.

නග්මු චෝරා සමග මිත්‍රවීද..මුදල් නෝට්ටු පොදිය සගවන්නට ඔහුට හැකිවෙිද

Chora - චෝරා තුන්වැන්නෙන්

Nadisha Nirmana Herath ස්වතන්ත්‍ර කතාවකි (කතෘ අයිතිය සුරකින්න)

17/11/2025

චෝරා ----------- අංක 01

⁣" තමුසෙ දන්නවද රාජන් අර හන්දියෙ කඩෙි පැණි ආප්ප හදන්නෙ හරිම කුණු විදියට " එක්වරම චෝරා ,තමන් බොමින් සිටි කහට වීදුරුව හිස්කරන්නට වූයේය.

" චෝරා ,උඔට ඔල්මාදෙද මිනිහ තමයි මෙි පළාතටම ඉන්න හොදම සිල්ලර වෙළෙන්දා.අනික මිනිහගේ කෑම වලට ගහන්න කවුද ඉන්නෙ "

" බම්බුව" චෝරා කහට වීදුරුව හෝදලා රාජන්ගෙ කඩෙන් පිටත්වන්නට වූයේ තමන්ගේ අදහසට රාජන් දැක්වූ ප්‍රතිචාරය ගැන කලකිරීමෙනි.නගරයේ සියලු විදුලි පහන් වසා නොතිබුනද තවමත් හන්දියෙ කඩෙි නම් වසා නැත.එහි විදුලි බුබුළු දැල්වෙයි.

" චෝරා ...චෝරා " ඒ හරිබාද් මුදලාලිගේ කටහඬයි.ඔහු මෙපමණ වෙිලාවක් බැන වැදුනේ ඔහුටය.

" මං උඔ⁣ටටි කතාකලේ...මොකද උඔ පිට පාරින් "

එවර චෝරා සෙමින් කඩයට ඇතුළුවූයේ ⁣තෙමුණු කුඩය අසල කුඩා බෙිසම තුලටදමමිනි.කුඩයෙන් පලක් නැත.ඒ මොහොතට ජටාවද තෙමී ඇත.

" වාඩිවෙයන්.මං දන්නව චෝරා උඔ ඉන්නෙ මා එක්ක හිත් මනාපෙන් නෙවෙි.හයිදාබාද් වලට මෙව්ව අරන් ගියානම් උඔට මෙි ලාභයත් නෑ ඔිං "

හෙතෙම මුදල් නෝට්ටු කිහිපයක් ගනියි.ඉන් හතරක් ගෙන චෝරා වෙත දිගු කරයි.චෝරා එය අතෙහි ගුලි කර ගනී.

" වැස්ස අඩු වුනාම පලයන් චෝරා"

" හරිබාද් මුදලාලි දන්නව නොවැ හවසට රික්සෝ වැඩෙි නොකළොත් අපි බඩගින්නෙ "

" හම්...හොඳයි..උඔගෙ කැමැත්ත ඒත් අලුත් වැස්ස නෙ"

චෝරා කඩෙන් පිටතට ආ අතර වැස්ස ටිකෙන් ටික වැඩි වෙමින් තිබුන.ඔහු තම සීමාවෙන් මැකී යනතුරු බලාසිටි හරිබාද්,

" අසරණයා කියල කිව්වට කෙයිරාටිකයා " යැයි කීවෙි තමා අසලට පැමිණි කමල්වතී දෙස බලමිනි .

**********************
හෙමි හෙමින් පදික වෙිදිකාව දිගේ ඇවිද ගිය චෝරා තම නිවෙසට යාමට වැස්සබාධා කරනු වග දැන අසල කුඩා සෙවනකට ගුලි විය.වැහි පිණි කැට වැටෙන්නට වත්දී ඔහු අහස දෙස බැලුවෙිය.ජීවිතය ගැන ඔහුට ඇත්තේ පුදුමයකි.හෙතෙම එතැන සිටියදීම නෙත් පියවෙන්නට විය.නිදිබර දෑස අඩවන් විය.

තමන් කෙතරම් වෙිලාවක් එතන නින්ද ගියේදැයි හේ නොදත්තේය.නැගිටින විට රෑ බදුල්ලන් හඩන හඩ ඇසිණ.හේ නැගිටින්නට යත්දි අබිලි බඩු මුට්ටු අසලවූ රෙදි පොට්ටනියක් කකුලෙහි වැදිණ.ඔහු බිමට නැමී එය අතට ගත් අතර එහි තිබූ දේ දැක නැවත බිමට දැමුවෙි විමතියෙනි.

රෙදි පොට්ටනියෙහි තිබුණෙ කුමක්ද?

චෝරා - දෙවැනි කොටසින් හමුවෙමු

Nadisha Nirmana Herath ස්වතන්ත්‍ර කතාවකි( කතෘ අයිතිය සුරකින්න)

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
Colombo