High Society Express
03/09/2021
මේ ලෝකේ තියෙන ගොඩක් රටවල් වලට තේරෙන දේ ඇයි අපේ රටේ ඉන්න පාලකයින්ට නොතේරෙන්නේ?
#කංසා_අරගලයට_ජය
24/07/2021
බුදුවරු "මෛත්‍රිය" කියන්නෙ කිසිවකට නොබැඳී ඇති හැඟිමකට, අයිති නැති සත්ව පුද්ගල සම්බන්ධයක් නැති පොඳු ස්වභාවයකට. රාගයටත් ද්වේශයටත් නැති තැනකට.
සතෙකුට ප්‍රිය නම් එතැන මමත්වය තියනවා. ඒ සතා හා ඔබ අතර තියන සම්බන්ධය එක්ක මමත්වයක් නිර්මාණය වෙලා තියනවා.
එනිසා සියළු සත්වයෝ කියන පොදු තැනට ඔබ පැමිණියොත් සතෙකු කියන දෘෂ්ටිය අහෝසි වෙලා සත්ව කියන පොදු ස්වභාවය ස්පර්ශ වෙන්න ගන්නවා. එතකොට ඔබ මෛත්‍රි කරන්නෙ ඒ ස්වභාවයට මිස, ඔබ ප්‍රිය වූ ද අප්‍රිය වූ ද සතෙකුට නොවෙයි.
ඔබ ඒ ස්වභාවය බවට පත්විමයි මෛත්‍රිය වැඩෙනවා කියන්නෙ.
පුද්ගලයෙකුට මෛත්‍රි කරන්න බැ එතැන ඔබ සහ ඒ පුද්ගලයා කියන සම්බන්ධය එක්ක හැදෙන අයිතියට, බැදිමට ඔබේ මමත්වය යටත්වෙනවා.
එනිසා සියළු සත්වයෝ කියන පොදු තැනට ඔබ පැමිණියොත් පුද්ගලයෙක් කියන දෘෂ්ටිය අහෝසි වෙලා පුද්ගලයෙකු නැති ස්වභාවයක් ස්පර්ශ වෙන්න ගන්නවා. එතකොට ඔබ මෛත්‍රි කරන්නෙ ඒ ස්වභාවයට.
එනිසා මෛත්‍රි කරනවා කියන්නෙ ඔබ සතෙකුට තියන , පුද්ගලයෙකුට තියන නාමයකට රූපයකට තියන සම්බන්ධයෙන් සහමුලින්ම ඉවත්විම.
ඔබ සත්වයෙක්ට පුද්ගලයෙක්ට අජිවි දෙයකට ඇති අප්‍රිය ප්‍රිය යන දෙකෙන්ම ඉවත්වන තැන ඔබට හමුවෙන්නෙ මෛත්‍රිය කියන ස්වභාවය.
එතනදි සතෙකු පුද්ගලයෙකු නැති තැනකටයි ඔබට මෙත් වඩන්න තියන්නෙ. ඇත්තටම ඔතන වෙන්නෙ "මෙත් වැඩිමක්" නෙමෙයි. නිරායාසයෙන් "මෛත්‍රිය" බවට ඔබ පත්විමක්.
Copyrights under Danish Ashok
Click here to claim your Sponsored Listing.