Trendy Lanka
වැඩි මිලට ගත්ත ඉන්ධන තමයි ඉදිරියට එන්න තියෙන්නේ, මිල අඩු කිරීම ගැන ඉදිරියේදී සලකා බලනවා - මුදල් නියෝජ්‍ය ඇමැති
ගම්මන්පිල , වීරවංශ හිටියනම් බේරේ වැවෙන් නාල යන්න තිබුණා ..
11/06/2026
විමල් වීරවංශගේ බිරිඳට වසර දෙකක සිර දඬුවම්!
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව හිටපු ඇමති විමල් වීරවන්සගේ බිරිඳ ශෂී වීරවන්ස විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කර තිබේ.
එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කර ඇත්තේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.
අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට ඉකුත් 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.
එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා, ඇය විසින් ඉහත අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ඇප මත සිටි ඇයට අද සිට වසර දෙකක සිර දඬුවම් නියම භුක්ති විඳීමට සිදු වේ.
කොහොමද එයාගේ ගායනය? ඇත්තටම ලස්සනයි. ගායනයෙන් ඉතා පැහැදිලි අනාගතයක් තියන දරුවෙක්.
Next level singing .🥰🥰
අද සමාජයේ Facebook සහ අනෙකුත් සමාජ මාධ්‍ය තුළ, සමාජයට අහිතකර සහ වැරදි ආදර්ශ පෙන්වන Page බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම, තරුණ හා ළමා පරපුර නොමඟ යවන, අශෝභන, අසභ්‍ය සහ මානසිකව අහිතකර අන්තර්ගත පළ කරන මෙවැනි Page සම්බන්ධයෙන් සමාජය දැඩි අවධානයක් යොමු කළ යුතුය.
වර්තමානයේ බොහෝ දරුවන් සහ යෞවනයන් තම දෛනික ජීවිතයේ වැඩි කාලයක් සමාජ මාධ්‍ය භාවිතයට වැය කරන බැවින්, ඔවුන්ගේ චින්තනය, හැසිරීම සහ අනාගතය කෙරෙහි මෙවැනි අන්තර්ගත දැඩි බලපෑමක් ඇති කළ හැකිය. පාසල්වලදී ගුණධර්ම සහ යහපත් ආකල්ප ඉගැන්වුවද, සමාජ මාධ්‍ය හරහා ලැබෙන වැරදි ආදර්ශ නිසා එම වටිනාකම් විනාශ වීමේ අවදානමක් පවතී.
එමනිසා, සමාජයට විෂ වපුරන, අසත්‍ය, අසභ්‍ය හෝ මානසික රෝගී ස්වභාවයක් පෙන්වන මෙවැනි page report කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි. එමෙන්ම, රජය සහ අදාළ ආයතන ද මේ පිළිබඳව අවධානය යොමු කර නීතිමය ක්‍රියාමාර්ග සහ නිසි පාලනයක් ක්‍රියාත්මක කළ යුතුය.
අපේ අනාගත පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා, සමාජ මාධ්‍ය භාවිතයේ වගකීම සහ සදාචාරය පිළිබඳව සෑම කෙනෙකුම සිතා බැලිය යුතු කාලය දැන් පැමිණ ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo