RealDog.lk

RealDog.lk

Share

17/09/2023

ට්‍රෙන්ඩින්.......📢📢📢📢🥳🥳🥳🥳

10/12/2021

සුනඛ එන්නත්කරණය
මිනිසුන් මෙන්ම සතුන්ද බෝවන රෝග හා මාරාන්තික රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා එම රෝගවලට හේතු වන රෝගකාරක මර්දනය කිරීම හා ප්‍රතික්‍රියා කිරීමට හැකිවන අයුරින් ශරීරය අනුවර්තනය කරවීමේ ජීව විද්‍යාවිද්‍යාත්මක ක්‍රියාවලියක් ලෙස එන්නත්කරණය හැඳින්විය හැක.නිසි එන්නත්කරණය මගින් රෝග වල මාරාන්තික තත්ත්වය අඩු කළ හැකි අතර ඇතැම් එන්නත් මගින් රෝග ආසාදනය මුළුමනින්ම වළකාලයි.
එම නිසා අනාගත අවදානම් නොගෙන තම සුනඛ සුරතලාට නිසි කලට වේලාවට එන්නත් ලබාදීම ඉතා යෝග්‍ය වනු ඇත.

සාමාන්‍යයෙන් එන්නත්කරණය පළමු වරට සුනඛ පැටියකු සදහා සිදු කරනු ලබන්නේ සති 6-8 අතර කාලයේදීය.

එන්නත්කරනය පහත පරිදි ක්‍රමවත්ව සිදු කරනු ලබයි

සති 6-8 අතර PARVO 1
සති 8-9 අතර DHL 1
සති 10-11 අතර RABIES 1
සති 11-14 අතර PARVO 11
සති 14-16 අතර DHL 11
සති 16-17 අතර RABIES 11

සුනඛ පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය හා වෙනත් හේතූන් මත වෛද්‍ය නිර්දේශය පරිදි එන්නත්කරන කාලය හා එන්නත් වර්ග වෙනස් විය හැක.
ඉන්පසු සෑම වසරකම PARVO/DHL/RABIES යන එන්නත් 3 නැවත එන්නත් කරණය කළ යුතුය

Want your business to be the top-listed Pet Store/pet Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


264/2/A PATTIYAWALA, USWETAKEIYAWA
Colombo