Pooji

Pooji

Share

13/03/2025

🤍🍃🎸🎻🪘🐚🏷️

ආයේ දවසක් ඒවීද??
එක පැඳුරක වාඩි වෙලා,
එක තේ එක බෙදාගෙන, ☕
කවියක්, සින්දුවක් මුමුණන්න....

ඈත කොනක හිර වුණ,
පුංචි දුකක් තියෙනවා,
හිතත් අරගෙන ගියා, 🌅
ඒ හැඟුම් හැන්දෑව...

කවියකට හිත ඇති වුන්,
ගීයට පණ ගැහෙන වුන්,
අතරමං කළ ඒ හෝරාව, ⏳
මදිද කාලය තව නවතින්න...

-පූජි-

#කාලතරණ2025 #කව්බංකුව #කවිසින්දු

01/12/2024

ගිමන් නොහෙලම එහෙ මෙහෙ යයි මිනිසුන්
ජීවිතය නොවිද ම ජීවිතය සොයති මිනිසුන්
කාලය නොදැනී ජීවිතය ගෙවී ගිය මිනිසුන්
අද හෙටත් දුවති " ජීවිතය" අයදින මිනිසුන්


🚂❤️‍🩹- Pooji

25/11/2024

හේතුවක් නැතිවම ඇස් නතරවෙන තැන් 🍃🍃

19/10/2024

🌿🖋️📖

Pooji

14/10/2024

මේකත් එක මළ ගමක්
නොකලත් භූමිදානයක්
නොදැක්කත් කවුරුත් මිනියක්
දරු පවුල් පිටින් ම මිය ගිය කාලයක්

අහසට බර වැඩි ලු ලොකු අදෝනාව ක්
කොහොම දරන්නද බැ වියෝවක්
හද පැලී මිය යන්නට පෙර ඒ කනිසමට
අහසින් පැන මියැදුනා වුන් වුන් තරගෙට

අහසින් පොළවට වැටී වැටී
පෙරා ගෙන ලේ දස අතේ
මියැදුනා වැහි බිඳු ත් මෙසේ
කවදා දේවි ද නඩු තීන්දුව

වුනුත් මියැදුණේ
සිය දිවි නසා ගෙන බව
ලොවම දැන ගනීවිද
අවසානෙට පෙර
මළ ගම .................

??????????????


Pooji

10/10/2024

කාගෙ කාගෙත් දෑස් කෙළවර ශේෂ කඳුළක් තියෙනවා
බැරිම තැන්වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා
හිමි නොවූත් සමහරක් මල් අහිමි වන තැන බැඳෙනවා
සදාකාලික ප්‍රේමයක් නම් කවදාහරි අත්හැරෙනවා
,,,,,,,,,,,,, 🥀🥀🥀


Pooji

08/10/2024

තාත්තා
දුවකගේ චමත්කාර ලෝකය

ගංගා ෂයිනි ගමගේ
Ganga Shinie Gamage

මම ඇත්තටම මෙහෙම ලියන්න හිතුනේ මේ පොතේ හැටියට නම් මේ මගෙත් මගේ අප්පච්චිගෙත් සමීපම ජීවිත කතා වල එකතුවක් විදිහට මට දැනුන නිසාමයි.
තාත්තෙක්ට දුවෙක් , දුවෙක්ට තාත්තෙක් ඒ තමයි ලෝකේ තදින්ම බැඳුණු බැඳීම කියලයි මම විශ්වාස කරන්නේ හැබැයි ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් කියලත් මම දන්නවා . කොහොම නමුත් මට මගේ ලෝකේ මුදුන් මුල අප්පච්චි කිව්වොත් ඒක වචනාර්ථයට වඩා වැඩියෙන් දැනෙන හැඟීමක් . තවත් වෙලාවකට මට හිතෙන්නේ මෙච්චරයි " හැමෝටම තියෙන නිදහස ඇයි මට විතරක් ලිමිට් " කියලා . හැබැයි කවදාවත් මට කියල නැ ඔයා මේක කරන්න ඕන ඒක කරන්න එපා කියල මට අප්පච්චි කියන්නේ ඔයා මේක කාලොත් මේක වෙයි කියලා විතරයි ඒ පැහැදිලි කිරීම් අහන් ඉන්න වෙලාවකට මාරම අපහසුයි . ඒත් ටිකක් වෙලා යනකොට තමයි මට වුනත් ඒ දේ හරි වැරුද්ද තේරුම් යන්නේ . අවුරුදු 24ක් 25ක් වෙලත් මම තාම අප්පච්චිගේ එක වචනයකට තත්පරයක් හරි නැවතිලා දහ වතාවකට වඩා හිතනවා . සමහර වෙලාවට යාළුවන්ට පවා සමහර දේවල් වලදි මාව එපා වෙලා ගිහින් තියෙනවා . ඉස්කෝලේ යන කාලේ ඉදින්ම මට මාව හොයා ගන්න උදව් කලේ අප්පච්චි ඔව් දැන් ටික ටික එයත් මාව හිමීට මගේ ගැන විශ්වාසය තියල අත අරින්න පටන් ගෙන ඒ පටන් ගත්ත තැනම මාව හිර වෙලා තියෙනවා කියල මට දැන්නේ දැන් .
මේ පොතේ හැටියට මට තදිනම හිතට වැදුන දෙයක් තමයි
" තාත්තා ආසයි දවසක කවුරුත් මේ සිලිබිල්ලාගෙ තාත්තයි කියල මාව අඳුනගන්නවට .... හැබැයි සිලිබිල්ලා සර්ගෙ දුව කියල ලේබල් එකක් අලවගන්න ඕන නෑ "

තවත් වෙලාවක මෙහෙම කියල තියෙනවා
" මරණය දුකක් වෙන්නෙ ජීවත් වෙලා ඉන්න අයට .... එහෙම වෙන්නෙ ආත්මාර්ථය නිසා ... මැරුණා කෙනා නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද කියල හිතන නිසා "

" අපිට ජීවත් වෙන්න වෙනව සිලිබිල්ලා . හැමදේම අත් අරින්න ඕන නෑ . හැබැයි ඕන දෙයක් ඕන මොහොතක අත් ඇරෙන්න පුලුවන් කියන එක තේරුං අරගෙන අපි ජීවත් වෙන්න ඕනෙ ... "

මේ කතා එකක් නෑර මට මගේ අප්පච්චිත් කියල තියෙනවා . මට විතරක්ම නෙවෙයි එයාගේ ගෝල බාලයෝ හැමෝටම වගේ දේවල් පැහැදිලි කරල කියල දෙන්නේ හරියට ඒ හැමෝටමත් තාත්තෙක් විදිහටමයි .
හැම වෙලේම කිව්වේ අපි සමාජෙට දෙන හොඳ දෙයක් කවද හරි පෙරළා අපිට ලැබෙයි කියලයි . ඔව් මමත් ඒක විශ්වාස කරනවා.
මෙහෙම කතාවක් ගොතාගෙන යන මේ ලේඛිකාව ගැන මම විස්තර ඇත්තටම දන්නේ නැ හැබැයි මට මේ සරල පොඩි කතාව මගේ ජීවිතේ කොටසක් කියල මට හිතුනා ඒකමයි මම මෙහෙම ලියන්න ඕන කියල තීරණය කලෙත් .
කාලයක් පිස්සුවෙන් කියෙව්වා ලිව්වා දැන් ඒ දේවල් මට අතපහු වෙලා . මේ පොතේ කතාවට තිබුනු ආසාව එක්ක ම තමයි මම මෙහෙම පොඩ්ඩක් හරි ලියන්නේ.

තාත්තෙක් දුවෙක් අතර බැඳීම ශක්තිමත් වෙන තරමට ඒ දුවට තාත්තා වීරයෙක් වෙන තරමටම ඒ දියණිය සමාජයෙන් වීරයෝ හොයන එක නවත්වනවා . එතැන තමයි ඇගේ ජීවිතයේ ශක්තිය මම හිතන්නේ එහෙමයි .

ස්තූතියි

" ආදරයේ උල්පත වූ කලී අම්මා ය . අම්මා තරම් කිසිවෙකුත් කිසිවෙකුට ආදරය නොකරයි . අම්මා යනු ආදරයේ සංකේතයයි .
ලෝකය බිහි වු දා සිට අපේ ඇට මස් ලේ නහරවලට කාන්දු වී ඇති , කා වැදී ඇති අදහස එහෙමය . තාත්තාව අමතව වී යන්නට ඇත්තේ එනිසාවෙන් විය හැකි ය .
තාත්තා ගේ ආදරය අත්හැරිණි . නැතහොත් හඳුනාගත නොහැකිව මග හැරිණි . තාත්තා සිඹ සිඹ ආදරය පෙන්වන්නේ නැත . අපමණ දුකකදී වත් හඬා වැටෙන්නේ නැත . ඇඟ ලේ කිරි කළ හැකි වන්නේත් නැත .
නමුත් ආදරයේ උල්පතෙ නම් , ඒ උල්පත පෝෂණය කරන අසිරිමත් ආදර පෝෂකය තාත්තාය .

Ste F An thank you

Pooji 💚

Photos from Pooji's post 05/10/2024

මෙහෙම දැක්කමත් සත්තයි නවතිනවා හිත .....
කොහොම කියන්නද මං හරි ආසයිනේ ඔන්න .....
වෛවර්ණ පිරුනු ලෝකයක් හැදුවලු හීන ......
දන්නවද ?? තවත් සමහරු අතරමං වෙලාලු මෙන්න .....
☺️🤍
Pooji

03/10/2024

වේදිකාවට දැන් පැමිණි දුම්රිය හලාවත බලා පිටත් වේ .
එය නවත්වන්නේ .........

" ඉක්මට එන්න ට්‍රේන් එක ආවා "
" නැද්ද සීට් එකක් "
" දැන් ඉතින් ඉන්නකෝ හිටගෙනම ඉක්මට එන්න කිව්වට වැඩක් නෑ "
" හරි හරි පරක්කු වුනා ඉතිං "
" ම් ම් "

කතා බහක් ඔව් එය එක්තරා කතාවක්
කලකට පෙර ඇය මා සමඟ පැවසුවක්
නොසිතූ ලෙසින් වෙනස් වූ හැගුමක්
ආරම්භය ට පෙර අවසන් වූ අරුමයක්

නැවත නොදැකි නිසාමයි මේ කියන්නේ
හදිස්සියේවත් මඟ තොටදී හමුවුනොතින්
මතක ඇතිව ඇයට කියනවද
දුම්රිය ප්‍රමාද වී පැමිණි වඟ....
🤍🥀🥀........
Pooji

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


Olcot Mawatha, Pettah
Colombo