Ape Gedara Life

Ape Gedara Life

Share

18/05/2026

පොඩ්ඩන්ට කතුරුමුරුංගා කොළ කවන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ.

06/05/2026

**අවශ්‍ය ද්‍රව්‍යය
බිත්තර 02
ලීක්ස් කෝප්ප 1/4
ගෝවා කෝප්ප 1/4
කැරට් කෝප්ප 1/4
ලුණු කෝප්ප 1/4
නිවිති කෝප්ප 1/4
බේන් පවුඩර් තේ හැඳි 01
කෑලි මිරිස් තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1/4
ලුණුකුඩු තේේ හැඳි. 1/2
රුලං කෝප්ප 01
වතුර කෝප්ප 1/2
කිරි කෝප්ප 01
කැමති නම් චීස් වර්ගයක් එකතු කර රස වැඩි කර ගත හැක
**සාදාගන්නා ආකාරය.
- රුලං වලට වතුර දමා විනාඩි දහයක් පමණ තබන්න.
- කපාගත් එළවළු, සියල්ලම එකට දමා එයට ලුණු ,ගම්මිරිස්, බේකින් පවුඩර්, කෑලි මිරිස් දමා කලවම් කරන්න.
- දැන් එම මිශ්‍රණයටම බිත්තර එකින් එක කඩා දමමින් කලවම් කරගන්න.
- එයටම පොඟවා ගත් රුලන් මිශ්‍ර කර ගන්න.
- එම මිශ්‍රණයට කිරි ටික ටික දමමින් දියාරු මිශ්‍රණයක් සකසා ගන්න.
- දැන් ටෝස්ටරය රත්කර තෙල් හෝ බටර් ගා සාදාගත් මිශ්‍රණය දමා පුළුස්සාගන්න.
- තමන්ගේ කැමැත්ත පරිදිම soft එකට හෝ crispy එකට පුළුස්සාගතත හැක.
- සාදාගත් රුලං වොෆල්ස් පලතුරු සමගද ආහාරයට ගත හැක.

Telephone

Website