Iroshan Fernando - Writer
ඔයා අහසටයි හවසටයි ආදරේ කියලා දවසක් ස්ටෙටස් එකක කියලා තිබ්බා. එතකන් මන් හිතන් හිටියේ ඔස්ට්‍රේලියාවේ අහස ලංකාවේ අහස තරම් ලස්සන නෑ කියලා. ඒත් ඔයාගේ කතාවෙන් පස්සේ හවස අහස කොහෙත් එක වගේ වෙන්න ඇති කියලා මට තෙරුම් ගියා. කොහොමත් හවසවල් එහෙම තමා. ජීවිතේ බරම හවසක වුනත් ඔයා ඔයාට සෙට් නැත්නම් මන් එක්ක කතා කලේ නෑ. ඇත්තටම මම ඔයාගේ කටහඬ දැන් මාස ගාණකින් අහලා නෑ. ඔයා එනකන් මේ අහස උඩින් යන ප්ලෙන් වල අංක බලනවා ඇරෙන්න මට කරන්න දෙයකුත් නෑ.
පපුව උඩින් කොන්ඩේ දාලා එව්ව පින්තූරයක කොන්ඩෙට යටින් වැහුනු ලෝකේ ලස්සන ගැන අහන්න බලන්න මට තිබ්බ කුතුහලය ඔයා කවදාවත් නතර කලේ නෑ.
ඔයා කවදා හරි හවසක මගේ අත අල්ලන් උරහිසට ලංවෙලා, ඔයා මගෙ නොවෙන බව දැනත් " මේ අහස හවසට ලස්සන වුනාට, රෑට ඉර බැහැලම ගියාම අන්දකාරයි නේ" වගේ කියනකන් මම බලන් ඉන්නවා
ජීවිතෙත් එහෙම තමා, ඉඳහිටක හරි ලස්සන හවසක් ඇවිල්ලා ඉවර වෙලා ගියත් අපි පුරුදු හැටියටම ඒක මතක වල තියන් ඉන්නවා. ඉතින් හැම හවසකම ඒ ලස්සන පින්තූර අහස අපිට හොරෙන් මේ අහසේ මවනවා.
🖤
ප්‍රේමයේ දී සෑම අංශුවකම ප්‍රේමය පමණක්ම ගැබ්ව තිබීම භයානකය. මදක් වෛරය ද ඊර්ෂ්‍යාව ද අතරින් පතර ලෝභග ද තවත් මදක් වූ දරා ගැනීම ද එහි තිබිය යුතුය.
- සාශාගේ දිනපොත - 366 දින -
සිතුම්
Click here to claim your Sponsored Listing.