Prageeth M Aluthwattha
කුලියාපිටියෙ දි අනතුරට ලක් වුණු ස්කූල් වෑන් එකේ අංක තහඩුව දැක්කා. ඒක 60 - # # වාහනයක්.
මම අටේ පන්තියෙ දි ඉස්කෝලෙ ගිය වෑන් එකත් 60 - # # ඉසුසු ෆාගෝ එකක්. ඒකාලෙත් ඒකට අපි කිව්වෙ 'ජයන්ත මාමගෙ ලදරං වෑන් එක' කියල.
ඒ 1990 දි. දැන් 2025 වෙලා. තාම 60 - # # වාහන පාරෙ දුවනවා.
"මහාචාර්ය සෙනරත් පරණවිතානගෙ සාක්කුවෙ ගිනිපෙට්ටි දෙකක් තිබුණා. එකක් එයාගෙ. ඒකෙන් තමයි සුරුට්ටුව පත්තු කරන්නෙ. අනිත් එක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ. ඒකෙන් තමයි සයිට් එකේ ලන්තෑරුම පත්තු කරන්නෙ. වැරදිලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ගිනි පෙට්ටියෙන් සුරුට්ටුව පත්තු කරපු දවසට තමන්ගෙ ගිනිපෙට්ටියෙන් කූරක් අරකට දාලා බැලන්ස් කරනව." (මේ කතාව මට කිව්වෙ මහාචාර්ය බී.ඩී. නන්දදේව.)
මහාචාර්ය බී.ඩී.නන්දදේවගෙ ලාච්චුවෙ හාෆ්ෂීට් බණ්ඩල දෙකක් තිබුණා. එකක් එයාට අයිති. පෞද්ගලික ලිපි ලේඛන ලියන්නෙ ඒ කඩදාසිවල. අනික විශ්වවිද්‍යාලයට අයිති. රාජකාරි ලිපි ලේඛන ලියන්නෙ ඒ කඩදාසිවල. (දවසක් මම වැරදිලා විශ්වවිද්‍යාලයට අයිති හාෆ්ෂීට් බණ්ඩලයෙන් කඩදාසියක් ගත්තා පෞද්ගලික වැඩකට. මහාචාර්ය නන්දදේව තමන්ගෙ හාෆ්ෂීට් බණ්ඩලයෙන් කඩදාසියක් අරකට දාලා බැලන්ස් කළා. ඊටපස්සෙ තමයි පරණවිතාන ගැන උඩින් ලියපු කතාව මට කිව්වෙ.)
මේ කතාව මම වෙනත් අයට කියපු හැම වාරයක් ගානෙම වැඩිදෙනෙක් මට හිනාවෙලා "ඕව කරන්න පුළුවන් වැඩද? එච්චර එහෙම වෙන්න ඕනෙ නෑ.." වගේ එක එක කතා කිව්වා. ඒ වුණාට මේවා කරන්න පුළුවන් වැඩ. සමහරු කරල තියෙන වැඩ. දැනටත් සමහරු කරන වැඩ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the university
Website
Address
Colombo