WORLD WITH NISHI
20/08/2023
කියන දේවල් අහන් ඉන්න පුළුවන් කෙනෙක් ලැබෙන්නෙ වාසනාවකට ......" 🤏🕊️
ජීවීතේ අපි කියන දේවල් අහන් ඉන්න කෙනෙක් අපි හැමොටම ඕනි.. පිරිමියාට වැඩියෙන් කියවන්නෙ ගැහැනියයි...සමහර පිරිමි කැමති කියවන එක අහන් ඉන්න ..එත් එක සමහරන්ට වදයක් .ඇයි ගැහැනියක් කියවන්නෙ..? මොනවාද ඔච්චර කියවන්නෙ...?
ගෑණියෙක් කියවද්දි ඒක කනට වදයක් වුනාට,ඒ ගෑණිම කියවන එක නතර කරපු දාට පිරිමියෙක්ට ඒ නිහඩබව හිතට වදයක් වෙනවා.
ගෑණියෙක් නිහඩ වෙන්නේ ඒ ගැනු කෙනා ඇතුලාන්තෙන්ම වෙනස් වුනාම.. තමන්ට තමන් විතරයි කියලා දැනුනාම. තමන්ට කවුරුත් ඇහුන්කන් දෙන්නේ නෑ කියලා කියලා දැනුනාම..
සමහරවිට ඒ නිහඩබව ගැහැණියක් ව දරදඩු කරනවා නැත්‍තන් සදාකාලික මානසික අබ්බගාතයෙක් කරනවා..
නිතරම ගිරවියෙක් වගේ කියවන තමන්ගේ ගැහැණිය, පෙම්වතිය, අම්මා, සහෝදරිය, හොදම යෙහෙලිය නිහඩ නම් හේතු හොයන්න එපා..
ඔයා පරක්කු වැඩි.. එයා ආපහු වෙනස් වෙන්නේ නෑ..
එයාව වෙනස් කරන්නේ ඔයා. ඒත් කවදාවත් ඔයාට ඒක තෙරිලා නෑ.
පස්සේ තෙරුනත් වැඩක් නෑ..
එයා කියවනවා නම් අහන් ඉන්න. ඔයාට වැඩකට නැති දෙයක් කියනවා ඇති ඒත් අහන් ඉන්න. මොකද එයාට කියන්න ඉන්න එකම කෙනා ඔයා විතරක් වෙන්න ඇති.. 💔🥺
උපුටාගැනීමකි..✍️
N I SH I" ---
මිනිස්සුන්ට තමන්ගෙ පාඩුවේ ජිවත් වෙන්න ඉඩ දෙන්න..."🙂🫰🕊️
"ඔබ කුමක් කළත් මිනිසුන් ඔබව විනිශ්චය කරනු ඇත.
එබැවින් ඔබ සතුටු වන දේ කරන්න, කිසිවෙකු ගැන නොසිතන්න. !" 🤍🌻💫
අපේ ජිවිතෙ ලියාගන්න ඕනි අපිමයි..රචකයා මම උනාම ලියන්න හරි ලේසියි..බලාපොරොත්තු අඩුවෙන් තියාගන්න, ජිවිතෙ ගෙවන්න හරිම ලේසියි එතකොට....පොඩි සරල දෙයකින් උනත් සතුටු වෙන්න පුළුවන් සරල චරිතයක් වෙන්න..🫰
ඔබ කොහොම ජිවත් උනත් මිනිස්සු කතා කියනවා..මිනිස්සුන්ගෙ විදිය එහෙමයි.. තමන්ට තමන් විස්වාසයි නම් ලෝකයා ගැන නොසිතන්න..
මනුස්සයෙක්ට වටින්නෙ මානසික නිදහස.. තමන්ගෙ මානසික නිදහස නැති වෙන කිසිම දෙයක් ජිවීතේට ලං කරගන්න එපා කවදාවත් ... තමන්ගෙ සතුට වෙනුවෙන් ජිවත් වෙන්න පුළුවන් සරල මනුස්සයෙක් වෙන්න ...🫰🙂
හැගිම් වලට වහල් නොවී නිදහස,සතුට වෙනුවෙන් ඉස්සරහට යන්න පුරුදු වෙන්න ..තනියම තමන්ගෙ ගමන යන්න පටන් ගත්තාම හිත් රිදිම් අඩුයි...චරිත අඩුවෙන තරමට පාර පැහැදිලියි සරලයි..බැදිම් අඩු හැගිම් විරහිත උනාම සතුට හොයාගන්න හරි පහසුයි..
තමන්ගෙ කතාව තමන් ජිවත් වෙන්න..ජිවිතෙ වටිනාකම තේරුම් යන්නෙ එවිටයි..ඔබ ඔබම වෙන්න..."🙂🫰
ගමනාන්තයක් ගැන නොදනිමි....
නමුත් යම් දිනෙක සියල්ලන්ගෙන්ම ඈත් වී කොහේ හෝ නිදහස් තැනක,
"තනිව ජීවත්වෙමි..!"💗🕊️
උපුටාගැනීමකි..."✍️🕊️
N I SH I" ___🕊️❤️
Click here to claim your Sponsored Listing.