Ceylon Ayurvedic - 2017
15/02/2026
Happy Mahasivarathri Day ! ✨🌕🔱
01/02/2026
පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🪔🪔
May it be a blessed Navam Full Moon Poya Day 🪔🪔
09/01/2026
අපේ සම ලස්සනට තිබුණොත් අප මොනතරම් නිරෝගිද කියල අපි දන්නවා. නමුත් සමේ කොරල වගේ මතුවෙලා. ඉරි වගේ ඇදීලා ගියොත් සිතට මොනතරම් වේදනාවක්ද? සම ලස්සනට තියාගන්නත් නිරූපිකාවෝ, නිළියෝ මොනතරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවද? බැබලෙන රන්වන් පාට සිරුරක් ලැබෙන්න මොනතරම් පිං කරන්න ඕනෙද?
ඒ වුණාට සමේ කොරල ඇතිවෙලා තියෙනවාවම් ඒකටත් ප්‍රතිකාර කරගෙන සම නිරෝගී කර ගන්නේ නැතිව වෙදනා විදීම නම් සුදුසු නැත.
කොරල ඇතිවෙන්නට හේතුවක් තියෙනවද?
කොරල ඕනෑම වයස් කාණ්ඩයක ඉන්න කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මෙයට බලපාන හේතු රාශියක් තියෙනවා. මුලික දැක්විය හැක්කේ පෝෂණ ගැටලුයි.
දෙවන කරුණ වන්නේ සමේ තියෙන අධි වියළි බවයි. ආහාර රටාව දේශගුණික තත්ත්තවය සමට බලපාන විටමින් වර්ග ඌණතාවය ඒ, බී, සී සහ ඕමේගා 3 යන පෝෂණ සංගටකයන්ගේ ඌණතාවය වැනි හේතුන් මත සමේ කොරළ මතුවෙන්න පුළුවනි.
කළ යුතුදේ
පෝෂණ ඌණතාවය තිබෙනවා නම් එය නැති කරන්න අවශ්‍ය කටයුතු යෙදීම කළ යුතුයි. විටමින් ඒ, බී, සී සහ ඕමේගා 3 කියන පෝෂණ පදාර්ථයෙන් ලබා ගත යුතුයි. ඕමේගා 3 ලැබෙන සත්ව මෝර තෙල් භාවිතා කිරීම, ඔලිව්ඔයිල්, එළගිතෙල්, එළකිරි, කොළපාට අළුත් පලාවර්ග, අළුත් එළවළු වර්ග සහ අළුත් පලතුරු වර්ග, රතුපාට, කහපාට, තැඹ්ලි පාට එළවළු පලතුරු ආහාරයට ගන්න. ඒවායේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. ජලය හොදට පානය කරන්න. වැඩුණූ අයෙක් වතුර ලීටර් 6ක් පානය කළ යුතුයි. ශීත ගුණයෙන් යුතු ආහාර අරගන්න ශරීරය සිසිල් කරන්න.
👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......
30/12/2025
පියයුරු එල්ලා වැටෙන්නේ ඇයි? 🤔
මව්කිරි දීම, ගර්භණීත්වය, ආර්තවහරණය, ක්ෂය රෝගය, ශ්වසන ආබාධ අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා පියුරු එල්ලා වැටෙන්න පුලුවනි. මෙය “තිසරපට” යනුවෙන් හඳුන්වනු ලැබුවා. මේ ගැනත් විවිධ අදහස් සමාජගතව තිබෙනවා. සමහරු කියන්නේ පරපුරක් පෝෂණය කරන මේ තරම් වටිනා ඉන්ද්‍රියක් ආවරණය කර ගැනීම අවශ්‍ය නැති බවයි. එහෙත්.. පියයුරු මේ අන්දමින් ආවරණය වී නොතිබුනොත් ඒ වෙනුවෙන් ඇති බර නිසා පියයුරු එල්ලා වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා පියවුරු එල්ලා වැටීමෙන් ආරක්ෂා වීමට නම් නිතරම කොන්ද සෘජුව තබා ගෙන සිටීම වැදගත්. එවිට සිරුරේ බර සමානව පැතිරෙනවා මිසක පියයුරු පේශිවලට වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. ඒ වුනත් පමණට වඩා විහාල බ්‍රසියරයක් ඇන්දොත් පියයුරු එල්ලා වැටීමක් සිදු වෙනවා.
ඒ වගේම ව්‍යායාම මගින් සිරුරේ බර පාලනය කර ගැනීමත් වැදගත් 🌸
මේ වෙනුවෙන් වඩාත් විශේෂිත වන්නේ “බෙන්ට් ප්‍රෙස්” සහ බර උසුලන “ඩබ් බෙල්” සහ පිහිනීමයි. පිහිනන විට අත් සහ පපුව ඉදිරියට සහ පිටුපසට තෙරපෙන නිසා මේද දහනය වී පියයුරු එල්ලා වැටීම පාලනය වෙනවා. දිනකට විනාඩි 30 ක් වත් පිහිනීම හොඳයි.
🔰 පියයුරු එල්ලා වැටීම වෙනුවෙන් ප්‍රතිකාර
පියවුරු එල්ලා වැටීම පාලනය කරන මේ ප්‍රතිකාර ඔබට නිවසේදීම සිදු කර ගත හැකි ඉතාම සරල ක්‍රම කීපයක්. ඔලිව් ඔයිල් තෙල් බින්දු කීපයක් අරගෙන එය රත් වෙන තෙක් අත්ලෙන් පිරිමදින්න. දැන් මේ රස්නයෙන්ම පියවුරු මත උඩු අතර සම්බාහනය කරන්න. සතියකට තුන් හතර වතාවක් මේ ව්‍යායාමය විනාඩි 15 ක් බැගින් කරන්න.
කෝමාරිකා මද මේස හැන්දක්, මීපැණි තේ හැන්දක් ගෙන කලවම් කරල පියයුරු වල තබා විනාඩි දහයක් පමණ මසාජ් කරල තවත් විනාඩි දහයකින් සෝදා හරින්න.
ඉඟුරු යුෂ තේ හැන්දක් සමග මීපැණි තේ හැන්දක් එකට මිශ්‍ර කරල පානය කිරීමෙන් මේද දහනය වෙනවා. එවිටත් පියයුරු එල්ලා වැටීම වැලකෙනවා.
👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......
29/12/2025
ඔබේ සිරුරේ අනිත් ස්ථාන වලට වගේම මුහුණට ව්‍යායාම කිරීමත් ඉතාම වැදගත්. මුහුණට ලබාදෙන ව්‍යායාම මඟින් ඔබේ මුහුණට හොඳ රුධිර සැපයුමක් ලැබීම, අනවශ්‍ය මේදය දහනය වීම, මුහුණේ මාංශපේෂී වල ශක්තිමත් බව වැඩිවීම, වයස්ගත වීම නිසා ඇතිවන රැළි (wrinkles) අවම කිරීම කරමින් ඔබේ මුහුණේ දීප්තිමත් සහ තරුණ පෙනුම රැකගන්න උදව් වෙනවා. ඔබේ මුහුණේ තරුණ බව රැකගන්න මේ ඉතාම සරල වගේම ඕනෑම වේලවක ඕනෑම ස්ථානයක ඉඳල කරන්න පුළුවන් මේ ව්‍යායාම වල නිරත වෙන්න.
🔵Marilyn
📌මුලින්ම ඔබේ හිස කෙලින් තබාගෙන ඉදිරිපස බලන්න.
📌ඊලඟට ඔබේ තොල් දෙක එකතු කර හාදුවක් දෙන විදිහට ඉදිරියට උල් කරන්න.
📌ඔබේ තොල් වටේ සම ඉදිරියට ඇඳෙන ආකාරය මේ ව්‍යායාමය කරද්දි ඔබට දැනිය යුතුයි.
📌දිනකට අඩුම වශයෙන් හතර වතාවක් හෝ පස් වතාවක් මේ ව්‍යායාමය කල යුතුයි.
🔵Surprise me
📌මේ වයස්ගත වීමේදී සමේ ඇතිවන රැළි (wrinkles), වළක්වා ගැනීමට කරන ව්‍යායාමයක්.
📌විශේෂයෙන්ම, ඔබේ නළලේ ප්‍රදේශයේ (fore head) රැළි ඇතිවීම මේ ව්‍යායාමය මඟින් පාලනය කරනවා.
📌මෙහිදී ඔබ ඇහිබැමි රැළි නොකර හැකි තරම් ඔබේ දෑස් විවෘත කිරීමට උත්සහා කල යුතුයි.
📌ඔබට හැකි උපරිම ප්‍රමාණයට දෑස් විවෘත කර තත්පර එකත්, තත්පර පහත් අතර කාලයක් සිටිය යුතුයි.
📌දිනකට දෙවරක් හෝ තුන් වරක් මෙම ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
🔵Smiling fish face
📌මේ ව්‍යායාමය ඔබේ තොල් සහ කම්මුලේ මාංශපේෂි හැඩ කිරීමටත් ශක්තිමත් කිරීමටත් උපකාරී වෙන ව්‍යායාමයක්.
📌මෙහිදී හාදුවක් දෙන ආකාරයට ඔබේ තොල් ඉදිරියට ඇඳ ඔබේ කම්මුල් කට ඇතුලට ඇඳීම කල යුතුයි.
📌එවිට ඔබේ තොල් මාළුවෙක්ගේ කටේ හැඩයට පිහිටන බව ඔබට දකින්න ලැබේවි.
📌හොඳ ප්‍රතිපල ලැබෙන්න නම් ඔබ දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් මෙම ව්‍යායාමයේ නිරත විය යුතුයි.
🔵Bumblebee
📌මේ ව්‍යායාමයත් ඔබේ තොල් ආශ්‍රිත මාංශපේෂි ඉලක්ක කරගත් ව්‍යායාමයක්.
මුලින්ම ඔබ හොඳ හුස්මක් ගත යුතුයි.
📌ඊලඟට ඔබේ තොල් එකමත එක තබා දිගහැර ඉදිරියට ගෙන එන අතරම නාසයෙන් හුස්ම පිටකල යුතුයි.
📌මේ ව්‍යායාමයත් දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්න ඔබට පුළුවන්.
👥මේ වටිනා ඔවදනට like එකක් දාල share කරල 👍අනිත් අය එක්ක බෙදාගන්න.......
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
10116