Government Exam

Government Exam

Share

රචනයට ඔබට අඩු ලකුණක් එන්නේ ඇයි ? 02/04/2025

රචනයටත් සැළසුමක් .....

රචනයට ඔබට අඩු ලකුණක් එන්නේ ඇයි ? planning an essay is very important to pass the competitive exams. this is the way to plan an essay and get ready to write the exams well. this is eligible ...

31/12/2020

උඹට ආදරෙන්, 2020 අවුරුද්ද එහෙ බලල මෙහෙ බලනකොට ගිහින් කියලා උඹට හිතෙනවා ඇති. සැළසුම් මහ ගොඩක් තිබුනට ඒවා සම්පූර්ණයෙන් ඉටු කර ගන්න බැරි වෙන්නත් ඇති.ඒ ගැන උඹට පොඩි දුකකුත් ඇති. කොරෝනා උඹට ගොඩක් පාඩම් හරි අපූරුවට කියලා දෙන්නත් ඇති. ඒ කොහොම වුණත් 2020 දැන් අතීතයේ තියෙන්නේ. උඹ ඉන්නේ 2021 දැන්.

හිතපන් පුතා... ටික වෙලාවක් අරගෙන හොඳට සිහියෙන් කල්පනා කරපන්. උඹ උඹේ හීන වලට යන්න ඕන. උඹ උඹට වැරදිච්ච තැන් හදා ගන්න ඕන. උඹ වැටිලනම් ආයෙ නැගිටින්න ඕන. හිතට හයිය ගනින් පුතා. උඹේ හිතේ කැකෑරෙන හිතිවිලිවලට අලුත් ජීවයක් දීපන්. ගනින් අලුත් හුස්මක් අලුත් බලාපොරොත්තුවක් එක්ක. හීන දැකපන් ඒක ඉටුවෙන හැටි. වැඩ කරපන් දැකපු හීනෙ හැබෑ කරගන්නකම්ම. ඔව්! උඹට පුළුවන් පුතා. උඹට පුළුවන්...

ආගමක් දහමක් අදහනවනම් ඒ පිළිවෙත්වල යෙදෙනින් උඹේ හිත නිවෙනකම්. සිංදුවක්, මියුසික් එකක් අහල හිත නිවෙනකම් ඒක කරපන්. ඒ මොකක්වත් නැතිව ඔහේ බලාගෙන ඉඳල හිත නිවෙනවනම් එහෙම කරපන්....
ඊට පස්සේ ගනින් පෑනකුයි හිස් කඩදාසියකුයි. 2021 විතරක් නෙමෙයි ජීවත්වෙන අන්තිම දවස දක්වා උඹ ඉන්න ඕන කොහොමද එහෙම ඉන්න නම් කරන්න ඕන මොනවද කියලා කෙටියෙන් වාක්‍ය 10කින් ලියපන්. එහෙම ලියල මුලින්ම කරන්න ඕන කියල හිතුන දේ ඊළඟට කරන්න ඕන කියලා හිතෙන දේ විදියට කරන්න ඕන දේවල් පිළිවෙළට අංක කරපන්. ඒ කරන්න ඕන දේවල් අද කරන්න ඕන දේවල් ද තව අවුරුදු 10කින් කරන්න ඕන දේවල් ද කියලා ලියපන්. ඔන්න උඹේ ජීවිතයේ මාස්ටර් ප්ලෑන් එක උඹ හැදුවා....

පුතා... ඊළඟට බලපන් උඹේ හීනෙ සැබෑ කරගන්න මේ අවුරුද්දේ කරන්න ඕන දේ. ඒගැන හිතට එන හැම මගුලක් ම ලියපන්. උඹේ අයිඩියා එක සාර්ථක කර ගන්න හම්බෙන්න ඕන කවුද?, කරන්න ඕන මොන වගේ දෙයක් ද?, ඉන්න ඕනෙ කොහොමද ඉගෙන ගන්න ඕන මොනවද හැම දෙයක්ම ලියපන්. ඒකත් ඉස්සෙල්ල කිව්ව වගේ අංක දාල හදා ගනින්. හැබැයි මේ සැරේ අංකවලට අමතරව 2021 කැලැන්ඩරයක් අරන් ඒ එක එක කරුණ පටන් ගන්න සහ කරල ඉවර කරන දිනයක් දා ගනින්. උඹේ ඉයර් ප්ලෑන් එකත් ඔන්න හරි. ඒ කියන්නේ මා පුතා උඹ සීයට 80 කින් සාර්ථකයි දැන්. ඉතුරු සීයට 20 තියෙන්නේ.... ඔව් උඹේ අතේම තමා...

ප්ලෑන් කරපු විදියටම කරපන්. වැරදෙයි. හදාගනින්. වැටෙයි. නැගිටපන්. පැරදෙයි. ආයෙත් පටන් ගනින්. උඹට පුළුවන්. උඹට හිනාවුණ එවුන්ට උඹේ සාර්ථකවයෙන් උත්තර දීපන්. උඹට වෙනස්‌කම් කරපු එවුන්ට උඹේ සාර්ථකවයෙන් උත්තර දීපන්. උඹව අත්හැර දැම්ම උන්ට උඹ උඹේ සාර්ථකවයෙන් උත්තර දීපන්.

ඔව් පුතා.... මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ... යන්න බැරි තැනක් නෑ.... වැඩේ තියෙන්නේ උඹේ අතේ.... ඔප්පු කරපන් ඒක. මේ උඹේ අවුරුද්ද. 2021 උඹේ. ඒක හැබෑවටම උඹේ කරගනින්.

උඹට සුබම සුබ අලුත් අවුරුද්දක් _ උඹට පුළුවන් පුතා.... උඹ ඒක කරනවා කියලා මං දන්නවා.

- අසංක කාංචන -

#IQforRajayeTharagaVibhaga#B+ IQ for Rajaye Tharaga Vibhaga බුද්ධි පරීක්ෂණය - වයස ආශ්‍රිත ගැටලු 03/06/2020

#IQforRajayeTharagaVibhaga#B+ IQ for Rajaye Tharaga Vibhaga බුද්ධි පරීක්ෂණය - වයස ආශ්‍රිත ගැටලු This is a video created to describe one of the methods to understand the age related Aptitude questions that are coming for the competitive exams in Sri Lank...

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo