Anthro World
28/06/2021
ලොව උඩුයටිකුරු කළ විද්‍යාඥයෝ - 04
ජීන් බැප්ටිස් ද ලැමාර්ක් - (1744 - 1829)
ජීවීන් පරිනාමයට පත්වන සාමාන්‍යකරණය තවදරටත් සනාත කරමින් මොහුගේ පරිණාමවාදී මතය 1801 දී භාවිත කළ ප්‍රවේණි පිළිබඳ අදහස ඉදිරිපත් කර ඇත. පරිචිත ලක්ෂණ, ආවේණික ලක්ෂණ උරුම වන බවක් පවසයි. වර්ෂ 1809 - 1815 කාලයේ ඔහු තම ග්‍රන්ථ වලින් මිනිසා ඇතුළු සියලු ජීවීන් වෙනත් ජීවීන්ගෙන් අවරෝහිත වූ බව පවසා ඇත.
චාල්ස් ඩාවින් ගේ මතය ලැමාර්ක්ගේ මතයෙන් වෙනස් වන්නේ,
• පරිචිත උරුම ලක්ෂණ හෙවත් වහර අවහර නියමය ජීවීන්ගේ පරිණාමය පදනමක් ලෙස ලැමාර්ක් ගත්තේය. මෙම ලැමාර්ක් ගේ මතය ඩාවින් සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය.
• "පරිසර වෙනස් වීම් වලට දැක්වූ අනුවර්තනතාවයන් ආවේණික ලක්ෂණ ලෙස උරුම වෙයි" යන අදහස ඩාවින් නොපිළිගනී. ඒ වෙනවට ඔහුගේ ආදේශය නම් පැවැත්වීමට උචිත වූ ලක්ෂණ උන්නති වන බවයි. (පරිසරයට උචිතම වර්ග විශේෂය තෝරා ගැනීම පිළිබඳ ස්වභාවික ක්‍රියාවලිය)
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ❤️
{මෙම ලිපියෙහි අයිතිය Anthro World ෆේස්බුක් පිටුවෙහි කර්තෲ මණ්ඩලය සතු වන අතර, කර්තෲ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිදු කරුණක් උපුටා ගැනීම(Copy and Paste), වෙනස් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල පලකිරීම තහනම්}
Click here to claim your Sponsored Listing.