Cinema Update
07/05/2026
ලස්සනට හැන්ඩියට හිටියට කොල්ලට දැන් අවුරුදු 43 ක්...
Happy 43rd Birthday to Henry Cavill..! 🥺😍
05/05/2026
ස්ත්‍රී දූෂකයෙක්ටත් දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුද ?
ඕනම මනුස්සයෙක්ට පුලුවන් මිනීමරුවෙක් වෙන්න, මුදල් පරමාර්ථ ඇතිව, වාසියක් අත්කරගන්න නැත්නම් ක්ෂණික කෝපය නිසා හෝ තමන්ට වුනු අසාධාරණයකට පළිය ගන්න වගේ හේතු කාරණා බොහෝ නිසා ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙක් මිනීමරුවෙක් බවට පත්වෙන්න පුලුවන්
හැබැයි අපයෝජකයෙක්, දූෂකයෙක් වෙන්න හැමෝටම බැහැ, කොටින්ම මිනිහෙක්ව මරන්න විවිධ දේවල් බලපෑවත් කාන්තාවක්ව දූෂණය කරන්න බලපාන්නේ තමන්ගේ ලිංගික ආශාව කෙසේ හෝ සංතෘප්ත කරගැනීමේ වියරුව මුලු ශරීරය පුරා උඩුදුවලා මිනිසුන්ව විකෘතියකින් පෙලෙන්න ගන්නා නිසයි
Euphoria කියන නමේ තේරුම තමයි අතිමහත් ප්‍රීතිය, හැබැයි ඒ සතුට පවතින්නේ කෙටි කාලයකටයි, එතනින් පස්සේ එන්නේ ඔබ කල කී දේවල ප්‍රතිවිපාක විදවන්නට වෙන සංක්‍රාන්ති කාලයයි, මේ තෙලිගු සිනමාපටයේ නමත් එයයි, මේ කතාව 2022 හයිද්‍රාබාදයේ ජුබිලි හිල්ස් හී සිදුවූ සමූහ දූෂණය පාදක කරගෙනයි නිර්මාණය වී තියෙන්නේ
වයස 17 ක දැරියක් ඉතා කෲර අන්දමින් බාලවයස්කාර තරුණයන් පස්දෙනෙක් අතින් දූෂණයට ලක්වෙනවා, මේ අපරාධකරුවන් සියලුදෙනා සමාජයේ බලවත් පුද්ගලයින්ගේ ළමයි, මෙය සිනමාරූපීව ඉදිරිපත් කිරීම අභියෝගාත්මක දෙයක් වුනත් චිත්‍රපටය බැලුවොත් ඔබට පෙනේවි එය කොතරම් සංවේදී අයුරින් ප්‍රේක්ෂකාගාරයට දනවන්න අධ්‍යක්ෂවරයා කටයුතු කරපු ආකාරය
ඉන්දියාව තුල අවුරුදු 12, 14, 15 පිරිමි ළමුන් කුඩා දැරියන්ව දූෂණය කරපු අධම අවස්ථා මේ වන විටත් වාර්තා වෙලා තියෙනවා, දෙමව්පියන් තමන්ගේ දරුවන්ව නොසලකා හැරීම, ඕනාවටත් වඩා ඔවුන්ට නිදහස දීම, අන්තර්ජාලයේ වැරදි සහගත දේවල් බලන්න පෙළඹීම සහ මත්ද්‍රව්‍යය භාවිතය නිසා හොද සහ නරක කියන දෙකේ ඇති පරතරය නොපෙනී යාම නිසාම මෙවන් අහස පොළොව නුහුලන අපරාධ මේ පොළෝ තලය තුල දැන් සිද්ධ වෙනවා
ගැහැනු ළමයෙක්ව දූෂණය කරපු තමන්ගේම පුතාට දෙවැනි අවස්ථාවක් ලබාගන්න සටන් කරන අම්මෙක්, කිසිදා හරිගස්සගන්න බැරි දරුණු දූෂණයක් කරපු අපරාධකාර තරුණයෙක්, මේ මව සහ පුතාගේ ඉරණම තීන්දු කරන දූෂණයට ලක්වුණ තරුණිය, විවෘත මනසකින් මේ චිත්‍රපටය බලලා ඔයාලා කියන්න
ඇත්‍තටම ස්ත්‍රී දූෂකයෙක්ට දෙවැනි අවස්ථාවක් ලැබිය යුතුද කියලා..
📝 Viduni Hettiarachchi
22/04/2026
Sri Lankan Airlines සමගින් චෙන්නායි ඉදන් කොළඹ ආපු Kollywood සිනමාවේ සුපිරි තරුව Suriya... ❤️😱🎥👇
📷 Credit gose to respective owner
17/04/2026
💠| A new ‘WORLD WAR Z’ II movie is officially in the works at Paramount.. 😍🎥
2013 වසරේ නිකුත් වුනු ලොව පුරා සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූ World War Z චිත්‍රපටයේ දෙවෙනි අදියර නිශ්පාදනය වන බව නිල වශයෙන් වාර්තා වනවා...
ඒ Paramount චිත්‍රපට නිෂ්පාදන සමාගම යටතේයි...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo