Colombo Media
වනජීවි නිලධාරීන් සේවයෙන් ඉවත්වී අසනීප නිවාඩු වාර්තා කරයි
සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.
මෙම විරෝධය හේතුවෙන් අද දිනයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ථලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා අවධාරණය කළේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටත් සම අවස්ථාව
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ඔටිසම් (Autism) සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත දරුවන්ට සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමගම එක්ව ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව සමාජයෙන් වෙන්කොට වෙන වෙනම ඉගැන්වීමේ පැරණි ක්‍රමය අත්හැරීමට රජය තීරණය කර ඇති බවය.
ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොණරාගල, මාගන්දනමුල්ල මාර්ගයේ ලිදේකඩේ හන්දිය ප්‍රදේශයේදී සිදු අනතුරකින් වයස අවුරුදු 52ක් වූ පුද්ගලයෙකු මියගොස් තිබේ.
මොණරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු සහ ලොරි රථයේ රියැදුරු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මෙලෙස මියගොස් තිබේ.
Click here to claim your Sponsored Listing.