Mr.Chathuwa 2003
04/10/2024
"දොස්තර මහත්තයා තාත්තද? දුවද?"
"පිනි බිඳු" කියන්නේ මෑතකදි අපිට බලන්න හම්බුණ විශිෂ්ට මියුසික් වීඩියෝවක්...
රජරට මිනිස්සු අදටත් දුක් විඳින "වතුර ප්‍රශ්නය" සහ "අලි ප්‍රශ්නය" ගැන කතා කරන්න, ඒ ගැන ආයේ මිනිස්සු අතර කතාවක් නිර්මාණය කරන්න Yuki Navaratne සහ Ravi Jay අති ප්‍රභල උත්සාහයක නිරත වෙලා තියෙනවා.
ඒ ප්‍රශ්න අස්සේ ගොඩක් අයට මග ඇරුණු තැනක් තමයි මේකේ තියෙන "පුනරුත්පත්ති කතාව"
මේ වෙනකොට සංවාදයක් ඇති වෙලා තියෙනවා "දොස්තර මහත්තයාගේ පුනරුත්පත්ති තාත්තද? දුවද?" කියලා.
ඒක තීරණය කරන්න ඔබට භාර කරලා මම වීඩියෝ එකේ සීන් ටිකක් මෙතන දාන්නම්. ඔයාලා ඊටපස්සේ තීරණය කරන්න.
🔅 "දොස්තර මහත්තයා දැන්ද එන්නේ?" කියලා තාත්තා අහන්නේ කවදාවත්ම හම්බෙලා දැකලා නැති දොස්තර මහත්තයාගෙන්.
🔅 "මූණවල් අලුත් වුණාට මතක මැරෙන්නේ නෑ මහත්තයා" කියලා තාත්තා කියනවා දොස්තර මහත්තයාට.
🔅 "දැන්වත් බොමුද වතුර ටිකක්?" කියලා දොස්තර මහත්තයා තාත්තා "වතුර?" කියලා වික්ෂිප්ත ස්වරූපයක් ගන්නේ එයා ළඟ වතුර නැති ගාණට.
🔅 දොස්තර මහත්තයාගෙයි, තාත්තගෙයි බෙල්ලේ එකම බර්ත් මාර්ක් එකක් තියෙනවා දකින්න පුලුවන්.
ඔයාලා කියන්න ඔයාලගේ නිගමනය. අපි පස්සේ යුකීගෙන් හරි රවී ජේගෙන් අහමු එයාලාගේ කතාව.
ටික්ටොක් වලට කෑලි කපන්න සින්දු හදන, හිට් වෙච්ච එකම සින්දුව හැමතැනම කිය කිය ඉන්න අය අස්සේ පීක් එකේ උඩම ඉන්න වෙලාවක මේ වගේ ක්ලැසික් වැඩක් කරපු එක ගැන නම් ආයේ වචන නෑ කතා කරන්න.
Copy
- විකුම් හර්ෂණ -
🥀❤️✨️
28/07/2024
Sri Lanka crowned Women’s T20 Asia Cup champions for the first time! 🏆🇱🇰
Click here to claim your Sponsored Listing.
Contact the school
Website
Address
10390