Traveling Eye
Y A L A , S R I L A N K A 🇱🇰
Listen the amazing sound 👂
🐘🐆🦉🐊🐾
11/10/2025
රුහුණේ පළමු දාගැබ - යටාල දළඳා වෙහෙර 🌸🙏
යටාල දාගැබ 🌸
තිස්සමහාරාමයේ තවත් වැදගත් දාගැබක් වන්නේ යටාල දාගැබයි. හම්බන්තොට කතරගම මාර්ගයේ දෙබරවැව හා අකුරුගොඩ මංසන්දි අතර මහා මාර්ගය ආසන්නයේම යටාල වෙහෙර පිහිටුවා ඇත. යටාල වෙහෙරද මහා විහාර සම්ප්‍රදායට අයත් විහාරාරාමයක ස්තුපයයි. අඩි 115 ක් පමණ උස අඩි 360 ක් පමණ වට ප්‍රමාණයකින් යුත්, තිස්සමහාරාම දාගැබ් අතර ප්‍රමාණයෙන් තෙවැනි තැන ගන්නා මේ දාගැබ ක්‍රිස්තු පූර්ව දෙවන හෝ පළමුවන සියවසේදී පමණ ඉදිකරන්නට ඇතැයි සැලකේ.
දෙවන පෑතිස් රජුගේ දේවිය තම පුතු රාජ්‍යත්වයට පත්වීමට රජුගේ සොහොයුරු මහානාග යුවරජුගෙන් තර්ජනයක් විය හැකියි සිතා මහානාග කුමරු මැරවීමට උත්සාහ ගත් බැවින් ඔහු සිය දේවියද සමග රුහුණට පලා ගියේය. එසේ යද්දී මේ ස්ථානයේදී මහානාග කුමරුගේ බිසව පුත් කුමරෙක් බිහිකළ බවත් ඔහුට යටාලතිස්ස යන නම තැබූ බවත් කියති. මේ කුමරුගේ උත්පත්තිය සිහිපත් කරවමින් යටාල දාගැබ ඉදිකරවා ලංකාවේ ප්‍රථම මහරහතන් වහන්සේ ලෙස සැලකෙන ත්‍රිපිටකාරිට්ඨ මහා රහතන් වහන්සේට අතපැන් වත්කර මෙම යටාල වෙහෙර ශාසනයට පූජා කළ බව වංශ කතාවල සඳහන් වෙයි.
සමහර සෙල්ලිපිවල මේ දාගැබ දළදා දාගැබ ලෙසද හඳුන්වා ඇති බව පෙනේ. රජරට පර සතුරු ආක්‍රමණිකයන්ගෙන් අනතුරට පත්වන විට දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා දළදාව රුහුණට ගෙනවිත් මේ චෛත්‍යයේ නිධන් කොට තිබුණු බව කියවේ.
හම්බන්තොට – කතරගම මහා මාර්ගය ඉදිකිරිම නිසා යටාල විහාරය දෙකඩ වී ඇත. යටාල වෙහෙරට පාරෙන් අනෙක්පස භුමියේ දිගින් අඩි 68 ක් හා පළලින් අඩි 66 ක් පමණ වන ගොඩනැගිල්ලක දිගින් අඩි 22 ක් පමණ වන විශාල ආසන ඝරයක නටබුන් හමුව ඇත. මේ ආසන්නයේ විහාරාරාමයට අයත් සේ සලකිය හැකි තවත් නොයෙක් ඉදිකිරීම් වල නටබුන් හමුව ඇතත් පිළිම ගෙවල් හැර අනෙක් ගොඩනැගිලි නිශ්චිතව හඳුනා ගැනීමට අපොහොසත්ව ඇත. මේ ස්ථානයට මඳක් ඔබ්බෙන් පිහිටි ගල් කණු මණ්ඩිය නමින් හැඳින්වන ස්ථානයද මේ විහාරාරාමයේම කොටසක් විය හැකිය.
Y A T A L A W E H E R A 🌸🙏
S R I L A N K A 🇱🇰
හැම ගෙදරකම මේ වගේ තැනක් තියෙන්න ඕනි 🌸🙏